ඕනෑම යුද ගැටුමක් කිසිදු ජන කණ්ඩායමකට හිතකර තත්ත්වයක් නිර්මාණය නොකරන බවයි අද (03) පාර්ලිමේන්තුවේදී මැදපෙරදිග යුදමය තත්ත්වය පිළිබඳ රජයේ ස්ථාවරය ප්‍රකාශ කරමින් ජනාධිපතිවරයා සඳහන් කළේ.
මැදපෙරදිග යුදමය තත්ත්වය තුළ ලංකාවේ ජන ජීවිතයට ද විශාල බලපෑම් එල්ල විය හැකි බවත්, හුදකලාව එයින් මිදීමට අපට හැකියාවක් නොමැති බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කලේය.
රටක් ලෙස මෙයට මුහුණ දීමට වැඩපිළිවෙළක් සකස් කරගන්නා බවත්, එය සිදු කර ගත හැකි වන්නේ සාමකාමී ලෝකයක් සඳහා ජාත්‍යන්තරය සිදු කරනු ලබන කැපවීම තුළින් පමණක් බව ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේය. (IJ)