මැදපෙරදිග තත්ත්වය සම්බන්ධීකරණයට හදිසි ප්‍රතිචාර ඒකකයක්
මැදපෙරදිග කලාපයේ පවතින තත්ත්වය සම්බන්ධයෙන් උද්ගත වන කරුණු සම්බන්ධීකරණය කිරීම සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යංශය හදිසි ප්‍රතිචාර ඒකකයක් ස්ථාපිත කර ඇත.
මෙම හදිසි ප්‍රතිචාර ඒකකය සෑම දිනකම පෙ.ව. 8.00 සිට ප.ව. 8.00 දක්වා, සති අන්ත දිනවලද ක්‍රියාත්මක වන අතර +94 11 744 5641 , +94 11 220 7250 යන දුරකතන අංකයන් ඔස්සේ එම ඒකකය හා සම්බන්ධ විය හැකියි.
තවද වැඩිදුර තොරතුරු ලබා ගැනීම සඳහා [email protected] විද්‍යුත් ලිපිනය සහ WhatsApp පණිවිඩ සඳහා +94 0777 189 552 දුරකතන අංකය භාවිත කළ හැකි වේ.
එසේම විදේශ කටයුතු අමාත්‍යංශයේ කොන්සියුලර් කටයුතු අංශයේ දුරකතන අංකය +94 74 259 5546 , විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ කෙටි දුරකතන අංකය 1989 සහ ජංගම දුරකතන අංකය +94 71 980 2822 ඇමතීමෙන් ද තොරතුරු ලබා ගත හැකි බව එම අමාත්‍යංශය දැනුම් දෙයි.
මෙම ඒකකය ස්ථාපිත කර ඇත්තේ එම කලාපයේ ජීවත් වන සහ රැකියාවන්හි නියුතු ශ්‍රී ලාංකිකයින්ගේ ආරක්ෂාව සහ සුබසාධනය ප්‍රමුඛතාවයක් ලෙස සලකා වන අතර වත්මන් තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවේ සිටින විදේශීය ජාතිකයින්ට මුහුණදීමට සිදුවන ගැටලු අවස්ථා අනුව සලකා බැලීමට කටයුතු කරන බවද විදේශ අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කරයි.
තවද මෙම කාලය තුළ අවශ්‍ය මාර්ගෝපදේශ හා සහාය ලබාගැනීම සඳහා අදාල පාර්ශ්වයන් හදිසි ප්‍රතිචාර ඒකකය සමඟ සම්බන්ධ වන ලෙස අමාත්‍යාංශය ඉල්ලා සිටියි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
