මොනරාගල පොලිස් වසමට අයත් මුප්ප්නවැලිවත්ත ප්රදේශයේ පදිංචි දෙදරු පියෙකු (03) වෙනිදා රබර් කිරි කැපීමට යාමට බසයක් එනතුරු බස් හෝල්ට් එකේ සිටියදී හදිසියේ මිය ගොස් ඇත.මෙලෙස මියගොස් ඇත්තේ රාමසාමි රාමනාදන් (72) නැමති අයෙකි.
හෙතෙම නක්කල ප්රදේශයේ පුද්ගලික රබර් ඉඩමක කිරි කැපීමේ නිරතව සිටින අතර 03 වෙනිදා පාන්දර 04.00 පමණ එහි යාමට හුලංදාව හංදියට ගොස් බිබිල මාර්ගයේ බස් හෝල්ට් එකේ බිබිල ප්රදේශයට බසයක් එනතුරු රැදී සිට ඇත.
එසේ සිටින විට හෝල්ට් එකට පැමිණි වෙනත් අයෙකු ඔහු සිහිසුන්ව සිටිනු දැක ඒ බැව් 1990 ගිලන් රථයට දැනුම්දී තිබේ.
ගිලන් රථය පැමිණ එහි නිලධාරීන් එම පුද්ගලයා නිරීක්ෂණය කර ඇති අතර ඔහු මියගොස් ඇති බව පවසා ඇත.
ඔහු පිළිබඳව තොරතුරු අනාවරණය කර ගැනීමෙන් පසුව ඥාතීන්ට ඒ බැව් දැනුම්දී තිබේ. මොනරාගල පොලීසිය පරීක්ෂණ පවත්වයි.