saravita-anim2

2026 අප්‍රේල් මස 03 වන සිකුරාදා

2026 අප්‍රේල් මස 03 වන සිකුරාදා

Latest News - timelapse 115 hours ago

LATEST

අදත් වැසි රහිත කාලගුණයක්

calendar_today 2026 මාර් 08 - 07:53 remove_red_eye - 13  

දකුණු පළා‌තෙත් රත්නපුර දිස්ත්‍රික්කයේත් පස්වරු 2.00 න් පසුව ස්ථාන ස්වල්පයක ඇතිවිය හැකි වැසි හෝ ගිගුරුම් සහිත වැසි හැරුනුවිට දිවයිනේ ප්‍රධාන වශයෙන් වියලි කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඉරානයේ කාර්යබහුලම ගුවන්තොටුපළක් සහ ප්‍රධාන දේශීය මධ්‍යස්ථානයක් වන මෙහ්රාබාද් ගුවන්තොටුපළට ප්‍රහාරයක් ඒල්ල වී තිබේ. මෙම ප්‍රහාරයෙන් ගුවන් යානා ගිනිගෙන ඇති අතර විශාල දුමාර දක්නට ලැබෙන බව ඇසින් දුටු සාක්ෂිකරුවන් සමාජ මාධ්‍යවල බෙදාගත් දර්ශන උපුුුටා දක්වමින් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

Read More

නොරොච්චෝලේ “ලක්විජය” බලාගාරය ආශ්‍රිතව ගල් අඟුරු සැපයීම ඇතුළු විවිධ ගැටලු මතු වී ඇති බවත් ඒ නිසා ඉදිරියේදී විශේෂයෙන්ම අප්‍රේල් මාසය වන විට විදුලිබල කප්පාදුවකට යාමට සිදුවන බවට වාර්තා වන පුවත් නොමග යවන සුළු හා සාවද්‍ය පුවත් බව බලශක්ති අමාත්‍යාංශය කියයි.

Read More

තම රට කිසිසේත්ම කොන්දේසි විරහිතව යටත් නොවන බව ඉරාන ජනපති මෙන්ම ඉරාන අන්තර්කාලීන නායකත්ව කවුන්සිලයේ සාමාජිකයෙක් වන පෙසෙෂ්කියන් පවසයි.ඔහු පවසන්නේ ඉරානය ’’අවසානය දක්වා සටන් කරන’’ බවයි.

Read More

ඉරානය ’’කොන්දේසි විරහිතව යටත් විය යුතුයි’’ යැයි එක්සත් ජනපද ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

Read More

තලංගම, අකුරේගොඩ ප්‍රදේශයේදී වෙඩි තබා ද්විත්ව මනුෂ්‍ය ඝාතනයකට ආධාර අනුබල දුන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට - බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය.

Read More

ඉරාන නෞකාවේ නාවිකයින් මියගොස් ඇත්තේ පිපිරිම නිසා ඇති වු අශ්ථිබිදිම්, අභ්‍යයන්තර තුවාල හේතුවෙන් දියේ ගිලිමෙන් නිසා බැව් එම නාවිකයින්ගේ පශ්චාත් මරණ පරික්ෂණවලදි අනාවරණය වි ඇත.

Read More

කුරුඳු අපනයනය කිරීමෙන් පසු ගිය වසරේ රුපියල් කෝටි අටදහසක ආදායමක් ලැබු බව කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් එල්.එම්.ජේ.කේ.ලින්දර මහතා ඊයේ (5) අහුන්ගල්ල කටුවිලදී කීවේය.

Read More

මෙරට විදුලිබල නිෂ්පාදනය ඉකුත් වර්ෂයේ (2025) ජනවාරි මස සිට නොවැම්බර් මස දක්වා වු මාස 11ක කාලය තුලදි ගිගාවෝටි පැය 16 327ක් වු අතර ඉන් ගිගාවෝටි පැය 4,662ක් විදුලිබලය නිෂ්පාදනය කොට ඇත්තේ ගල් අගුරුවලින් බව ශ්‍රිලංකා මහබැංකුව විසින් නිකුත්කොට ඇති වාර්තාවක සදහන් වේ.

Read More

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දූෂණ සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් නිර්දේශ ඇතුළත් කෝපා වාර්තාව පාර්ලිමේන්තුවේ අනුමතිය ලබාගෙන නීතිපතිවරයාට යොමු කිරීමට කාරක සභා අනුමතිය

Read More

WHO නිර්දේශය පරිදි පුද්ගලයෙකු නිරෝගීව සිටීමට වසරකට සීනි කිලෝග්රැම් 10 ක් පමණක් භාවිත කළ යුතු වුව ද මෙරට එක් පුද්ගලයෙකු වසරකට සීනි කිලෝග්රෑම් 34 ක් භාවිතා කරන බවට අනාවරණයක්.

Read More

යාපනය, ගුරුනගර් ජැටිය ආසන්නයේ මගීන් ප්‍රවාහනය කරන ටෝලර් බෝට්ටුවක් පෙරළී යාමෙන් අනතුරක් සිදුව තිබේ. මෙම බෝට්ටුව පෙරලිමෙන් පුද්ගලයන් දෙදෙනෙක්මිය ගොස් තවත් දෙදෙනෙක් අතුරුදන්ව තිබේ. අනතුර සිදුවන අවස්ථාවේදී බෝට්ටුවේ පුද්ගලයන් 25ක් සිට තිබේ.

Read More

ශ්‍රී ලංකාව විසින් ඉකුත් වර්ෂයේ (2025) මුල්මාස අට තුලදි තේ කිලෝග්‍රැම් මෙට්‍රික්ටොන් 174,292ක් අපනයනය කොට තිබු අතර එම මුළු තේ අපනයනයෙන් සියයට 14.92ක් වු වැඩිම තේ අපනයනයක් සිදුකොට ඇත්තේ ඉරාකයට බව වැවිලි සහ ප්‍රජායටිතල පහසුකම් අමාත්‍යංශය විසින් නිකුත්කොට ඇති වාර්තාවක සදහන් වේ.

Read More

මාර්තු මාසයට අදාළව ද ගෘහස්ථ ගෑස් මිලෙහි කිසිදු වෙනසක් සිදු නොවන බව ලිට්‍රෝ ගෑස් සමාගම දැනුම්දී සිටියි.

Read More

රුපියල් එකොළොස් කෝටි පනස් ලක්ෂයක් වටිනා ’’ කුෂ්’’ සහ ’’ හෂීෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක් , මෙරටට රැගෙන විත් , ඒවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු සමග 03/06 දින අලුයම ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .මොහු කොළඹ - 12 ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි වියේ පසුවන නගර සභා සේවකයෙකි.

Read More

හල්දුම්මුල්ල දෙමළ මහා විද්‍යාලයේ රාත්‍රියේ මුර සේවයේ යෙදී සිටි මුරකරු අද 06 මුරකුටියේම ජීවිතක්ෂයට පත් ඇති බව හල්දුම්මුල්ල පොලිසිය පැවසීය.

Read More

චීනය ඉරානය සමඟ සාකච්ඡා පවත්වමින් සිටින බව නිර්නාමික මූලාශ්‍ර උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය බ්‍රහස්පතින්දා වාර්තා කළේ හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා බොරතෙල් සහ කටාර් ගෑස් රැගෙන යන නැව්වලට ආරක්ෂිතව ගමන් කිරීමට ඉඩ දීම සඳහා ය.

Read More

දකුණු පළාතෙත් රත්නපුර හා කළුතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදි හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

Read More

2025 වසර තුල පුද්ගලයින් 3,11,213 දෙනෙකු විදෙස් රැකියා සඳහා ගොස් ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.

Read More

2026.03.05 දින උදෑසන මදුරන්කුලිය පොලිස් වසමේ කිලාමඩුච්චේන ප්‍රදේශයේදී මදුරන්කුලිය දෙස සිට රණවිරු වසන්ත මාවත ඔස්සේ කුරුඤ්ඤංවැටිය දෙසට ධාවනය වූ ලොරි රථයක ප්‍රථිවිරුද්ධ දෙසින් පැමිණි පාපැදියක් ගැටී එහි ගමන් ගත් පිරිමි ළමුන් දෙදෙනෙකු තුවාල ලබා පුත්තලම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.

Read More

එක්සත් ජනපදය විසින් ඉරානයට අයත් නැව් 30 කට වැඩි ප්‍රමාණයක් ප්‍රහාර එල්ල කර ගිල්වා දමා ඇති බව එක්සත් ජනපද මධ්‍යම අණදෙන ප්‍රධානි අද්මිරාල් බ්‍රැඩ් කූපර් පැවැසීය.

Read More

ඉරානයට අයත් ‘IRIS Bushehr’ නෞකාව ත්‍රිකුණාමලය වරාය වෙත ගෙන ඒමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. එසේම එම නෞකාවේ කාර්ය මණ්ඩලය කොළඹ වරායට ගෙන එන බවද ඔහු කීය

Read More

මධ්‍යම කදුකර ප්‍රදේශයන්ට පවතින දැඩි වියළි කාලගුණික තත්වයන් මත මාඋස්සා කැලේ හා කාසල්රි ජලාශවල ජල මට්ටම් සිග්‍රයෙන් පහල බැස ඇත.

Read More

2025 වසර තුළ මෙරට වන අලීන් 455කු මිනිස් ක්‍රියාකාරකම් හා අනෙකුත් හේතුන් මත මරණයට පත්ව ඇති බවත්, ඒ අතර ඇතුන් හත් දෙනෙකු සිටින බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

Read More

ශ්‍රී ලංකා ජාතික කාන්තා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස හිටපු ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩික ජේමි සිඩ්න්ස් පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කර තිබේ.

Read More

අනතුරට ලක් වූ ඉරාන නෞකාවේ සිටියදී මිය ගිය නාවිකයින් 84 දෙනාගේ පශ්චාත් මරණ පරීක්ෂණ: කටයුතු අද (05) පස්වරුවේදී ආරම්භ කළ බැව් කරාපිටිය ජාතික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි. මියගිය නාව්කයින්ගේ මුලික මහෙස්ත්‍රාත් පරික්ෂණය ගාල්ල මහෙස්ත්‍රාත් සමිර දොඩංගොඩ මහතා විසින් අද කරාපිටිය ජාතික රෝහලේ දී පවත්වනු ලැබීය..විශේෂඥ අධිකරණ අධිකරණ වෛද්‍ය නිලධාරී මහාචාර්ය අජිත් රත්නවීර.විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී මහාචාර්ය යු.සි..පි.පෙරේරා.යන මහත්වර

Read More

ඒ වගේම රටේ ජනතාවට මතක් කරන්න ඕන වර්ථමාන ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවට ගිහිල්ලා කරන කථා ගැන ලොකුවට හිතන්න අවශ්‍ය නෑ.එතුමා දැඩි මානසික ආතතියක ඉන්නේ.ඒ නිසා අපිට භයක් තියෙනවා එතුමාගේ දැඩි මානසික ආතතිය නිසා ගන්නා වූ තීන්දු තීරණ නිවැරදිද කියලා අද වන විට අපිට ප්‍රශ්නයක් තියෙනවා.

Read More

කටුනායක ගුවන් තොටුපොළ වෙත 03/05 දින අලුයම 12.00 සිට රාත්‍රී 12.00 දක්වා කාළය තුළ මැදපෙරදිග කළාපයේ ඩුබායි සිට ගුවන් යානා 06 ක් පැමිණීමට නියමිත බවත් ගුවන් යානා 06 ක් ඩුබායි බලා කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව යන බවත් කටුනායක ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය .

Read More

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආරක්ෂක අමාත්‍යාංශය පවසන්නේ අද දින බැලස්ටික් මිසයිල හයක් සහ ඩ්‍රෝන යානා 131 ක් විනාශ කිරීමට තම රටට හැකියාව ලැබුණ බවයි. කෙසේ වෙතත් මිසයිලයක් හා ඩ්‍රෝන යානා හයක් රට තුළට වැටුණ බවද එක්සත් අරාබි එමිරය පවසයි.

Read More

ඉන්දියන් සාගරයේදී ඉරාන යුද නෞකාවකට ටෝර්පිඩෝ ප්‍රහාර එල්ල කර ගිල්වා දැමීම සම්බන්ධයෙන් අමෙරිකා එක්සත් ජනපදය ’දරුණු ලෙස පසුතැවෙනු’ ඇති බවට ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි අනතුරු අඟවා තිබෙනවා.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.