saravita-anim2

2025 අගෝස්තු මස 03 වන ඉරිදා

2025 අගෝස්තු මස 03 වන ඉරිදා

Latest News - timelapse 79 hours ago

LATEST

රු.මිලියන 31ක කුෂ් මත්ද්‍රව්‍ය සමග පුද්ගලයෙකු ගුවන් තොටුපොලේදී අත්අඩංගුවට

calendar_today 2025 ජුලි 16 - 14:29 remove_red_eye - 167  

රුපියල් මිලියන 31ක වටිනාකමින් යුත් කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ 3කට වැඩි ප්‍රමාණයක් සමග පුද්ගලයෙකු ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ.

කියුබාව තුළ ‘යාචකයන්’ නොමැති බවට සඳහන් කළ මාර්ටා එලේනා ෆයිටෝ කබ්රේරා කම්කරු අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

Read More

කහවත්ත ප්‍රදේශයේදී තරුණයෙකු දණගස්වා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව සැකකරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ ඇප මත මුදා හැරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද(16දා) නියෝගය කෙරිණි.

Read More

2006 වසරේ කොළඹ යුධ හමුදා මූලස්ථානය තුළදී එවකට යුද හමුදාපතිව සිටි සරත් ෆොන්සේකා මහතා වෙත මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධියට අදාළ නඩුව අද(16දා) කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මෙනෙවිය ඉදිරියේ කැඳවනු ලැබිණි.

Read More

පොලිස් සේවා වනිතා ඒකකය මූලිකත්වයෙන් නවීන රූපලාවන්‍යාගාරයක් ලෙස වැඩිදියුණු කරන ලද පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේ කොන්ඩා කැපුම් ස්ථානය (Saloon) වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණි.

Read More

ඉන්දුනීසියාවය 19%ක තීරු බදු පැනවීමට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කටයුතු කර තිබේ.

Read More

වැලිගම, උඩුකාව ප්‍රදේශයේ දී අද(16දා) අලුයම වෙඩි තැබීමක් සිදුව තිබේ.

Read More

දුම්රිය වර්ණ සංඥා පද්ධතියේ පවතින දෝෂ නිවැරදි කිරීමට අදාළ කටයුතු නොකළ හොත් දුම්රිය රියදුරන් මේ මස 21 වැනි දින දහවල් 12.00 සිට වෘත්තීය ක්‍රියා මාර්ග ගන්නා බව ලොකොමොටිව් ඔපරේටින් ඉංජිනේරු සංගමය සඳහන් කරයි.

Read More

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ඊයේ(15) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරිමට සැලසුම් කල තැපැල් සේවක වෘත්තිය ක්‍රියා මාර්ගය 21 වන දින දක්වා කල් දැමු බව තැපැල් වෘත්තීය සමිති සදහන් කරයි

Read More

ජාත්‍යන්තර වශයෙන් පිළිගත් ප්‍රතීතනය (Accreditation) සහිත රසායනාගාරයක් පිහිටුවීම සඳහා ඇමරිකා එක්සත් ජනපදයේ STEMedical සහ ශ්‍රී ලංකාවේ Sri Lanka Institute of Biotechnology (SLIBTEC) ආයතන අතර අවබෝධතා ගිවිසුමක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (15) පෙරවරුවේ අත්සන් තැබිණි.

Read More

ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හා ජපානයේ ජාත්‍යන්තර මානව සම්පත් සංවර්ධන සංවිධානය (International Manpower Development Organization - IM Japan) අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුම අනුව තවත් ශ්‍රී ලාංකික තරුණියන් පිරිසකට ජපානයේ හෙද සත්කාර ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා හිමිවී තිබේ.

Read More

පක්ෂව ඡන්ද 13යි... විපක්ෂව ඡන්ද 9.... උප සභාපතිත්වයත් මාලිමාවට... පක්ෂව 12 විපක්ෂව 10...

Read More

ශ්‍රී ලංකාවත් බංගලාදේශයත් අතර ඉකුත් 10 දා පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියදීදී පැවති ක්‍රිකට් තරගය නැරඹීම සඳහා පැමිණි ප්‍රේක්ෂකයන් දමා ගිය කසල ටොන් 10 කට ආසන්න ප්‍රමාණයක් මෙතෙක් ඉවත් කිරීමට කොණ්ඩසාලේ ප්‍රාදේශීය සභාව කටයුතු නොකිරීම හේතුවෙන් බරපතල පරිසර ගැටලු රැසක් උද්ගතව ඇති බව ප්‍රදේශවාසීහු පවසති.

Read More

වන අලින්ට වෙඩි තැබීම්වලට විරුද්ධව නීති දැඩි කිරි‍මේ අරමු‍ණෙන් වනජීවී නිලධාරීන් හා පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි, නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් සාකච්ඡාවක් අද පැවැත්වීය.

Read More

වෛද්‍යවරියක අපයෝජනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විවෘත අධිකරණයේදී යළිත් ප්‍රකාශයක් කිරීමට අවසර ලබා දෙන්නැයි අනරාධපුර ශික්ෂණ රෝහලේ පුහුණු විශේෂඥ වෛද්‍යවරියක බරපතළ ලෙස අපයෝජනය කිරීමේ සිද්ධියේ සැකකාර හිටපු යුද හමුදා සෙබළා අධිකරණයෙන් කළ ඉල්ලීමක් අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය මහතා විසින් තරයේ ප්‍රතික්ෂේප කරන ලදි.

Read More

සංචාරක බංග්ලාදේශ කණ්ඩායමට එරෙහි තෙවන හා අවසන් විස්සයි 20 ක්‍රිකට් තරගයේ සියලුම ප්‍රවේශ පත්‍ර අලෙවි වී අවසන් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

Read More

විශ්‍රාමික මේජර් ජෙනරාල් අශෝක තෝරදෙනිය මහතා රෝහණ විජේවීර ඝාතනයට සම්බන්ධ බවට පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මධ්‍යම කාරක සභික ඉන්ද්‍රානන්ද ද සිල්වා මහතා මතු කරන චෝදනා නිසාම තෝරදෙනිය මහතා විසින් තම නම භාවිත කිරීම වළක්වන ලෙස ඉල්ලා නඩුවක් පවරා වාරණයක් ඉල්ලා සිටියේය.

Read More

2028 වසරේ ලොස් ඇන්ජලීස් ඔලිම්පික් උළෙලේදි යළිත් ක්‍රිකට් ක්‍රිකට් ක්‍රීඩාව පදක්කම් ක්‍රීඩා ඉසව්වක් ලෙසින් එක්වීමට නියමිතය. 2028 ජුලි මාසයේදී ආරම්භවන ඔලිම්පික් උළෙලේ ක්‍රිකට් තරග ජුලි 20 දා සිට 29 දා දක්වා පැවැත්වී2028 වසරේ ලොස් ඇන්ජලීස් ඔලිම්පික් උළෙලේදි යළිත් ක්‍රිකට් ක්‍රිකට් ක්‍රීඩාව පදක්කම් ක්‍රමට නියමිතය. සියලුම තරඟ ලොස් ඇන්ජලීස් සිට කිලෝමීටර 50 ක් පමණ දුරින් පිහිටි පොමෝනා නගරයේ තාවකාලික ඉදිකරන ලද ෆෙයාර්ග්‍රවුන්ඩ්ස් ක්‍රීඩාංගනයේදී පැවැත්වේ.

Read More

2025 වසරේ ජනවාරි සිට ජූනි දක්වා ගතවූ මාස 6ක කාලය තුළ ශ්‍රි ලාංකික ශ්‍රමිකයින් 144,379 දෙනෙකු රැකියා සදහා විදේශ ගතවී තිබෙන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි. කාන්තා ශ්‍රමිකයින්ට සාපේක්ෂව පිරිමි ශ්‍රමිකයින් විදේශ ගතවීම මෙම කාල සීමාව තුළදී කැපී පෙනෙන ලෙස වර්ධනය වී ඇති අතර, මෙම කාලය තුළදී රැකියා සඳහා විදේශ ගතවූ පිරිමි ශ්‍රමිකයින් සංඛ්‍යාව 88,684 කි. මෙම මාස 6 ක කාලය තුළදී කාන්තා ශ්‍රමිකයින් 55,695 දෙනෙකු රැකියා සඳහා විදේශ ගතවී ති

Read More

හෙද පුහුණුව සඳහා අ.පො.ස උසස් පෙළ සමත් සිසු සිසුවියන් 2,650ක් බඳවා ගැනීමට සහ හෙද උපාධිය ලබා ගත් උපාධිධාරීන් 875ක් රාජ්‍ය සේවයට බඳවා ගැනීම සඳහා ගැසට් නිවේදනය ලබන 18 වැනි සිකුරාදා නිකුත් කරන බව කැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

Read More

විදේශයන්හී පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩල කාර්යාල මගින් ඔන්ලයින් ක්‍රමවේදය ඔස්සේ විදෙස් ගමන් බලපත්‍ර අයදුම් කිරීම සඳහා වන ව්‍යාපෘතිය මෙම වසරේ සිට ක්‍රියාත්මක කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වූ බව කැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

Read More

සුඛෝපභෝගී ජීප් රථයෙන් පුද්ගලයකු යටකර පලාගොස් සැගව සිටී වෛද්‍යවරයෙකු අත්අඩංගුවට ගත්බව වාද්දුව පොලිසිය පවසයි. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කළුතර නාගොඩ ශීක්ෂණ රෝහලේ රාජකාරි කරන වෛද්‍යවරයෙකු බවද පොලිසිය කීය.

Read More

උකුවෙල ප්‍රාදේශිය සභාවේ සමගි ජන බලවේගය ඇතුලු විපක්ෂයේ මන්ත්‍රිවරුන් පිරිස් අද (15)දා පැවති මහ සභා රැස්විමට පැමිණ නොසිටියහ.

Read More

අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්දනාගාර ගත කර සිටි ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ මහතා ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද(15දා) නියම කෙරිණි.

Read More

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තීරුබදු ප්‍රතිපත්තිය සහ චීන දේපළ වෙළඳපොළේ දිගුකාලීන අර්බුදය හේතුවෙන් ඇති වූ වෙළඳ කැලඹීම මත චීනයේ ආර්ථික වර්ධනය මන්ධගාමී වි ඇත.

Read More

පිලිපීනයේ ලුසොන් හී රික්ටර් මාපක 5.8ක ප්‍රබලත්වයෙන් යුත් භූකම්පනයක් අද(15දා) හටගෙන තිබේ.

Read More

අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ වෛද්‍ය මහේෂි විජේරත්න ඇප මත මුදාහරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද(15දා) නියම කෙරිණි.

Read More

නේටෝ රටවල් හරහා යුක්රේනයට ’’ඉහළම මට්ටමේ අවි’’ යවන බව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිවේදනය කර ඇති අතර, දින 50ක් ඇතුළත යුද්ධය අවසන් කිරීමේ ගිවිසුමකට එළඹෙන්නේ නැත්නම් රුසියාවට දැඩි තීරුබදු පැනවීමට ද කටයුතු කරන බවද ඔහු පවසයි.

Read More

වෙඩි වැදී තුවාල ලබා අසාධ්‍ය තත්ත්වයේ සිටි ‘භාතිය’ හස්තියා අද(15දා) පෙරවරුවේ ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.