saravita-anim2

2025 සැප්තැම්බර් මස 27 වන සෙනසුරාදා

2025 සැප්තැම්බර් මස 27 වන සෙනසුරාදා

Latest News - timelapse 5559 hours ago

LATEST

කැන්ඩි - සීඑච් තරගය ප්‍රේක්ෂකයන්ට තහනම් රෝහිත නිසාද? යෝෂිත රග්බි පිටියෙන් සමුගනියි

calendar_today 2022 අප්‍රේ 02 - 14:02 remove_red_eye - 1681  

කැන්ඩි ක්‍රීඩා සමාජය හා සීඑච් ඇන්ඩ් එෆ්සී කණ්ඩායම අතර හෙට පැවැත්වීමට නියමිත තරගය ප්‍රේක්ෂකයන්ට විවෘත නොකිරීමට තීරණය කර තිබේ.

මෝදර පොලීසියේ යැයි කියමින් ගම්පොලදී අත්අඩංගුවට ගත් තිසර අනුරුද්ධ බණ්ඩාර නම් තරුණයා මෝදර පොලීසියේ සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතා පවසයි.

Read More

රට තුළ හදිසි නීතිය ප්‍රකාශයට පත්කරමින් නිකුත් කළ අතිවිශේෂ ගැසට් පත්‍රය ඉවත් කර ගන්නා ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමය ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා තිබේ.

Read More

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා තවදුරටත් ලංකාවේ රැදී සිටියි. මුදල් අමාත්‍යවරයා ලංකාවෙන් පිටව ගොස් ඇති බවට සමාජය තුළ කථා බහක් නිර්මාණය වී තිබේ. මේ පිළිබඳව ’අද’ සිදුකළ විමසා බැලීමකදි වාර්තා වූයේ ඊයේ රාත්‍රියේ සිට ඔහු තවදුරටත් ලංකාවේ රැදී සිටින බවයි.

Read More

වොෂින්ටන්, ඩීසී හි නව තානාපති කාර්යාල ගොඩනැගිල්ලක් 2013 වසරේදී මිලදී ගැනීමේදී ශ්‍රී ලංකා රජයට ඩොලර් 332,027 ක් මුදලක් (රුපියල් කෝටි 10ක් පමණ) වංචා කිරීම සම්බන්ධයෙන් ඇමෙරිකාවේ හිටපු ශ්‍රී ලංකා තානාපතිවරයෙක් වන ජාලිය වික්‍රමසූරිය වරද පිළිගෙන තිබේ.මේ පිළිබඳව පැවැත්වූ නඩු විභාගයකදී ඔහු මෙසේ වරද පිළිගෙන තිබේ.

Read More

පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිිබේ. තමා මැයි 01 දා සිට බලපැවැත්වෙන පරිදි සිය රාජ්‍ය අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වෙන බව දැනුම් දී තිබේ.

Read More

සිද්ධාලේප සමූහ ව්‍යාපාරයේ නිර්මාතෘ, දේශබන්දු ආචාර්ය වික්ටර් හෙට්ටිගොඩ මහතා අද (2) උදෑසන අභාවප්‍රාප්ත විය. 85 වැනි වියේ පසුවූ ඒ මහතා පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වී ඇත.

Read More

සාමකාමීව විරෝධතා දැක්වීමට ශ්රීත ලාංකිකයන්ට අයිතියක් ඇති බව ශ්රීක ලංකාවේ ඇමෙරිකානු තානාපති ජූලි චුංග් මහත්මිය පවසයි. සිය ට්විටර් ගිනුමට ප්රිකාශයක් කරමින් ඇය පවසන්නේ තත්ත්වය සමීපව නිරීක්ෂණය කරමින් සිටින බවත් ඉදිරි දිනවලදී ආර්ථික ස්ථාවරත්වය හා දුක් විදින අයට සහාය දෙනු ඇතැයි බලාපොරොත්තු වන බවයි.

Read More

ශ්‍රී ලංකාව මේ වන විට මුහුණ දෙන අභියොගාත්මක කාලසීමාව පිළිබඳව ශ්‍රී ලංකාවේ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන් දෙපළක් වන රොෂාන් මහානාම හා සනත් ජයසූරිය සිය සමාජ මාධ්‍ය ගිණුම් තුළින් අදහස් දක්වා තිබේ.

Read More

රට තුළ ක්‍රමයෙන් වර්ධනය වන නොසන්සුන්තාව හේතුවෙන් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් හදිසි අවස්ථා තත්ත්වයක් ප්‍රකාශයට පත්කර තිබේ. පහතින් දැක්වෙන්නේ මේ හදසි අවස්ථා තත්ත්වයකදී කටයුතු කෙරෙන ආකාරය පිළිබඳව විග්‍රහයකි.

Read More

මෙම නීතිඥයින් සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටියේ ගාස්තු අයකිරීමකින් තොරව වෙයි. එසේම පොලීසිය විසින් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරිම වෙනුවෙන් අධිකරණයට රැගෙන ආ අවස්ථාවේදී සැකකරුවන්ව අත්පොළසන් දී නීතිඥවරු විසින් පිළිගත් අතර ශ්‍රී ලංකා ඉතිහාසයේ සැකකරුවන් පිරිසක් අත්පොළසන් දී නීතිඥවරු විසින් පිළිගත් පළමු අවස්ථාව ලෙසද මෙය වාර්තා වෙයි.

Read More

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයත් සමග ඇතිවී තිබෙන ගැටලුකාරී තත්ත්වය හමුවේ ආණ්ඩුවට එරෙහිව ජනතා විරෝධය ජාත්‍යන්තර මාධ්‍ය තුළ දැඩි අවධානනයක් යොමුකර තිබේ. මෙම සිදුවීම් ජාත්‍යන්තරයේ ප්‍රධාන මාධ්‍ය විසින් වාර්තා කර තිබුණි.

Read More

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ජනාධිපති අතිරේක ලේකම්වරු හා සහකාර ලේකම්වරු 12ක් පත්කර තිබේ. මේ අතර ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම්වරයෙක් මෙන්ම ජනාධිපති ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරු දෙදෙනෙක්ද වෙයි.

Read More

තමන්ව ඉවත් නොකළහොත් පකිස්ථානයට ප්‍රතිවිපාක අත්විඳිය හැකි බවට විදෙස් රාජ්‍යයක් තර්ජනය කරන බවට ඉම්රාන් ඛාන් ප්‍රකාශ කිරීමෙන් පසුව, අගමැති ඝාතන සැලැස්ම හෙළිදරව් වී ඇතැයි එරට තොරතුර අමාත්‍යවරයා කියයි.

Read More

යුක්රේනය විසින් එරට දේශසීමාවට නුදුරු රුසියානු තෙල් පර්යන්තයනට එල්ල කරන ලද ගුවන් ප්‍රහාරය අනාගත සාකච්ඡා සඳහා යහපත් නොවන බව මොස්කව් අවධාරණය කරයි.

Read More

රටේ උද්ගත වී ඇති තත්වය සම්බන්ධයෙන් ජනාධිපතිවරයාටත්, ආණ්ඩුවටත් විරෝධය පළකරමින් ගාල්ලේ නීතිඥවරු අද (01දා) දහවල් උද්ඝෝෂණයක නිරතවූහ.

Read More

එක්සත් ජනපදය ප්‍රමුඛ කණ්ඩායම සීතල යුද්ධයේ යල්පැන ගිය නිෂ්පාදනයක් බව බීජිං අවධාරණය කළේය.

Read More

පාර්ලිමේන්තුවට බලය පවරා ජනාධිපතිවරයා වහාම තම මව් රටට යා යුතු බව හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි. රට තුළ පවතින වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් රණවක මහතා මේ බව ප්‍රකාශ කළේය.

Read More

රුසියානු ජනාධිපතිවරයා පැවසුවේ ගෝලීය ආහාර අර්බුදයක් සමග අනිවාර්යයෙන්ම සංක්‍රමණ රැල්ලක් ඇති වන බවයි.

Read More

දිනෙන් දින ඉහළ යන ජීවන වියදම ඉන්ධන සහ ගෑස් ගැටලුව හේතුවෙන් ජනතාව දැඩි ලෙස පීඩාවට පත් කොට ඇති බව පවසමින් මොරටු මහනගරසභා පරිශ්‍රයේ සිට පවතින රජයට සහ නගරාධිපති ඇතුලු කණ්ඩායමට බැන වැදුන ජවිපෙ මන්ත්‍රී කණ්ඩායම අද(1දා) පැවති මොරටු මහ සභාව නීතියානුකුල නොවන බව පවසමින් නාගරික කොමසාරිස් වරයාට ලිපියක් භාර දෙනු ලැබීය.

Read More

ලන්ඩනය සහ වොෂිංටනය හොංකොංහි දේශපාලන නිදහස පිළිබඳ වාර්තා ප්‍රකාශයට පත්කිරීමත් සමග, හොංකොං එක්සත් ජනපදයට සහ එක්සත් රාජධානියට ප්‍රතිප්‍රහාර එල්ල කර තිබේ.

Read More

ශ්‍රී ලංකාව පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) නිකුත් කර ඇති වාර්තාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදය, අප්‍රේල් 08 සිකුරාදා පැවැත්වීමට අද (01දා) රැස් වූ පාර්ලිමේන්තු කටයුතු කාරක සභාවේදී තීරණය කෙරුණු බව, සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

Read More

මිරිහාන පැඟිරිවත්ත ආසන්නයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිවසට ඇතුළුවන ප්‍රවේශ මාර්ගය අවහිර කරමින් ඊයේ (31) රාත්‍රියේ සිදුවූ ප්‍රචණ්ඩකාරී සිද්ධියෙන් රුපියල් මිලියන 39ක පොදු දේපලවලට හානි සිදුව ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි.

Read More

ඊයේ (31) රාත්‍රියේ ඇතිවූ සිද්ධිය සහ පැනවූ ඇඳිරිනීතය හමුවේ නැවත ඇඳිරිනීතය පැනවීමේ කිසිදු තීරණයක් මේ දක්වා ගෙන නැතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි.

Read More

මඩ සෝදා ගත් කල රජ කමට සුදුසු ගොවියා මේ මොහොතේ හිඟනුන් බවට පත් කර තිබෙන බව පවසමින් සහ, ගොයම බාලවී අස්වැන්න අඩුවීම හේතුවෙන් ණය වලට මැදිවී සිටින තමන් ඇතුළු මහවිලච්චියේ ගොවි ජනතාවට සිංහල අවුරුද්දට පෙර වහා සහනයක් ලබා දෙන ලබා දෙන ලෙස රජයෙන් ඉල්ලා ගොවි සංවිධානයක සභාපතිවරයෙකු ඊයේ (31දා) විරෝධතාවයක නිරත විය.

Read More

ජනාධිපතිවරයාගේ නිවස ආසන්නයේ සිදුක විරෝධතාව යම් යම් පක්ෂ ක්‍රියාකරුවන් විසින් සිදුකල දෙයක් බවත් ඔවුන් සීමාව ඉක්මවා යාමේදී ජනාධිපතිවරයා ආරක්ෂක අංශ වෙත අවම බලය යොදමින් උද්ඝෝෂකයන් විසිරුවා හරින ලෙස උපදෙස් දුන් බවත් සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග සඳහන් කරයි.

Read More

ඩීසල් නොමැති වීම, ගෑස් මිල ඉහල දැමීම සහ අයිස් මිල ඉහල යෑම ඇතුළු ධීවරයින්ට බලපා ඇති ගැටලු වලට විසඳුම් ලබාදෙන ලෙස රජයට බල කරමින් ගාල්ලේ ධීවර ප්‍රජාව අද (01දා) දහවල් ගාල්ල මාතර ප්‍රධාන මාර්ගය බස් නැවතුම්පල ඉදිරිපිටින් අවහිර කරමින් විරෝධතාවයක නිරත වූහ.

Read More

තමා පදිංචි ඉඩම සහ නිවස උකස් කර ලබා ගත් ලක්ෂ 8 ක මුදලකින් නිධන් වස්තු තොගයක් මිලදී ගැනීමට ගිය යුද හමුදා සෙබළකුගේ එම මුදල් වංචා කර පලා ගිය පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීම සඳහා ඊයේ (31දා) විමර්ශනයක් ආරම්භ කළ බව අනුරාධපුර පොලිසිය පවසයි.

Read More

සිමින්ති කොට්ටයක මිල රුපියල් 500කින් මිල ඉහල දැමීමට තීරණය කර තිබේ

Read More

නුවරඑලිය මහ නගර සභාව විසින් අද (01දා) සිට මේ මස (30දා) දින දක්වා පවත්වන වසන්ත උදානය නතර කරන ලෙස බල කරමින් ප්‍රදේශවාසින් පිරිසක් වසන්ත උදාන සමාරම්භ උත්සව භුමියට කඩා වදි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.