පුත්තලම මූලික රෝහලට නේවාසික ප්‍රතිකාර ලබා ගැනිමට පැමිණෙන රෝගීන්ගේ රසායනාගාර පරික්ෂණ රැසක් රෝහල ඉදිරිපිට ඇති ප්‍රසිද්ධ පුද්ගලික රෝහලකට යැවිමේන් රෝගීන්ට අනවශ්‍ය මුදලක් දැරිමට සිදුව ඇති බවට චෝදනාවක් එල්ලවී තිබේ.
මෙම තත්වයට මුහුණ දී ඇත්තේ පුත්තලම මූලික රෝහලේ නේවාසික ප්‍රතිකාර ලබා ගැනිමට පැමිණෙන රෝගීන්ට බව කියයි.
මෙම තත්වය මාෆියාවක් බවටද පත් කර ඇති බවත් මේ හේතුවෙන් තමන් සේම තම හිතවතුන්ද අසරණව කර කියාගත නොහැකිව අදාල පරික්ෂණ පුද්ලික රෝහලින් කර ගෙන ඒමට සිදුවිම කනගාටුදායක තත්වයක් බවට පත්වි ඇති බවට රෝගීන් චෝදනා එල්ල කරති.
රෝගීන් පවසන්නේ තමන්ගේ රුධිර සාම්පල, මුත්‍රා සම්පල ඇතුළු රෝහල තුල ඇති රසායනාගාර තුල කර ගත හැකි සියලු පරික්ෂණ රෝහල තුල කර ගැනිමේ සියලු පහසුකම් තිබියදී රෝහලේ කිසියම් පිරිසක් මැදිහත් වී අදාල පුද්ගලික රෝහලට යැවිම නිරන්තරයෙන් සිදුව ඇති බවයි.
මේ පිළිබදව රෝගීන් නිරන්තරයෙන් මේ පිළිබදව රෝහලෙන් විමසුවද එවිට රසායනාගාර යන්ත්‍ර කැඩි යාමක් හෝ පරික්ෂණ සදහා යොදා ගන්නා ප්‍රතික්‍රියාකාරක නොමැති බව අගවමින් එය අදාල පුද්ලික රෝහල වෙත යැවිමේ මාපියාවක් බවට පත්වි ඇති බව රෝගීන් දැඩි කනගාටුවෙන් පවසති.
රෝගීන් පවසන්නේ මෙසේ නොමිලේ ප්‍රතිකාර ගැනිමට පුත්තලම රෝහලට පැමිනිමේදි අනවශ්‍ය අධික මුදලක් දරා පුද්ගලික රෝහලකින් රසායනාගාර පරික්ෂණ සිදුකර ගැනිමට සිදුවිම කනගාටුදායක තත්වයක් බවයි.
මේ පිළිබදව වයඹ පළාත සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් කාන්ති වේහැල්ල මහත්මියගෙන් කල විමසිමේදි ඇය පවසා සිටියේ මෙවැන්නකී.
“ ඇත්තටම පුත්තලම රෝහල සියලු පහසුකම් වලින් හොද රෝහලක් එසේ තිබියදී මේ ආකාරයට රසායනාගාර පරික්ෂණ රෝහල ඉදිරිපිටම ඇති පුද්ගලික රෝහලකට යැවිම කනගාටුදායක තත්වයක්.මම මේ ගැන අනිවාර්යෙන් සොයා බලනවා.එසේ සොයා බලා නැවත එවැනි තත්වයක් සිදු නොවිමට අදාල කටයුතු කඩිනමින් සොයා බලා ගන්නවා,, යැයි පවසන්නට විය.