ඉන්ධන පෝලිමක නවතා තිබූ මෝටර් රථයක් මතට ඒ ආසන්නයේ ඉදිකරමින් පවතින මහල් ගොනැගිල්ලක ඉදිකිරීම් පිණිස යොදාගත් යකඩ බටයක් වැටීමෙන් අද (09දා) උදෑසන අනතුරක් සිදුවිය.
ඒ අනුව කොළඹ ටවුන්හෝල් වටරවුම ආසන්නයේ සුප්රසිද්ධ නිමි ඇඳුම් අළෙවිසැළක් ඉදිරිපිට නවතා තිබූ මෙම මෝටර් රථය මතට ඉහළ සිට ඇදවැටී ඇති මෙම යකඩ බටය මෝටර් රථයෙහි ඉදිරිපස වීදුරුව සිදුරු කරමින් එතුළට වැටී තිබුණි.
සිද්ධියෙන් කිසිවෙකුට හෝ අනතුරක් සිදුනොවුණද මෝටර් රථයෙහි ඉදිරිපස වීදුරුවට(වින්ඩ්ස්ක්රීනයට) බරපතළ අලාභහානි සිදුවිය.
නිමාලි කහවල