සජබ කැස්බෑව සංවිධායකට ඇප
පිළියන්දල පොලිස් වසම තුළ දී ඉකුත් මැයි නම වෙනි දින කලහාකාරී සිද්ධීන් 6කට අදාළව අත්අඩංගුවට ගත් සමගි ජන බලවේගය කැස්බෑව ආසන සංවිධායක වරයා අද (8දා) කැස්බෑව මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂය බැගින්වූ ශරීර ඇප හයක් මත මුදාහරින ලෙස මහේස්ත්රාත් දමින්ද රාමනායක වැලිගොඩ මහතා නියෝග කළේය.
මෙලෙස ඇප මත මුදා හැරියේ සමගි ජන බලවේගය කැස්බෑව ආසන සංවිධායක ගයාන් ද මෙල් මහතායි.
ඉකුත් මැයි නම වෙනි දින කැස්බෑව නගරාධිපති ලක්ෂ්මන් පෙරේරා මහතාගේ නිවසට පහරදී අලහාභානි කර ගිනි තැබීම,ඔහුගේ ඥාති සහෝදරියගේ නිවසට අලාභ හානි කර ගිනි තබා විනාශ කිරීම, පාර්ලිමේන්තු මන්ත්රී ගාමිණී ලොකුගේ මහතාගේ සහෝදරයා වන බුද්ධදාස ලොකුගේ මහතාගේ නිවසට අලාභානි කර ගිනි තබා විනාශ කිරීම, කැස්බෑව නාගරික මන්ත්රී ෂර්ලි ජාඇලගේ මහතාගේ නිවසට පහර දී අලාභානි කිරීම, පිළියන්දලදී සහ ජාලියගොඩ බස්රථ 2 කට පහරදී අලාභානි කිරීම යන චෝදනා හයක් ගොනුකරමින් නඩු හයක් යටතේ පිලියන්දල පොලිසිය මගින් සැකකාර සංවිධායකවරයා අධිකරණය වෙත ඉදිරිපත් කර තිබිණි.
එක් එක් චෝදනාවට රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප නියම කරමින් මහේස්ත්රාත්වරයා නියෝගය ලබා දුන්නේය.
සංවිධායකවරයා වෙනුවෙන් නීතිඥ සුගත් වික්රමරත්න මහතා පෙනී සිටියේය.
පිලියන්දල පොලිසිය මගින් පැමිණිල්ල අධිකරණයට වෙත ඉදිරිපත් කළේය.
popular news
-
Agampodi Upali De Silva Monday, 08 August 2022 11:46 AM
Where is Sajith and his team Ashamed of vote for him Joint partner of JVP Now in Piliyandala and earlier at Ranils house What is your party status create tense and destroy the country See how your former leader is doing, learn from him ,his wisdom, knowledge, kindness and greatness (Never seen any message is published, My last comment)
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

