බිබිල දොඩන්ගොල්ල ප්රදේශයේදි පාසල් සිසුන් ප්රවාහනය කළ ලොරි රථයක් අද (09දා) මාර්ගය හරහා පෙරලී යෑමෙන් එහි ගමන් ගත් සිසුන් දස දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කළ බව පොලිසිය පවසයි.
බිබිල මුලික රෝහලට ඇතුලත් කළ අවුරුදු 15-16 වයස්වල සිසුන් දස දෙනාගෙන් දෙදෙනෙකුගේ තත්වය බරපතල බව පොලිසිය කියයි.
සිසුන් 14 දෙනෙකු ලොරියට නංවාගෙන බිබිල වෙල්ලස්ස ජාතික පාසලේ පැවැත්වෙන ක්රීඩා උත්සවයකට රුගෙන එමින් සිටියදි අනතුර සිදුව තිබෙන බවත් අනතුර සිදුවූ අවස්ථාවේදි ප්රදේශවාසීන් තුවාල කරුවන් රෝහල වෙත රැගෙන ගොස් තිබේ.
අනතුරින් ලොරි රථයේ රියදුරා සුළු තුවාල ලබා රෝහල් ගතව සිටින අතර බිබිල පොලිසියේ රථවාහන අංශයේ නිළධාරීන් පරීක්ෂණ පවත්වති.
ලුණුගල ප්රසන්න පත්මසිරි