කොළඹ පැවැති විරෝධතාවලට එක්වූ හා අරලිය ගහ මන්දිරයට මෙන්ම ජනාධිපති මන්දිරයට එක්වූ පුද්ගලයන් තිදෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
මේ අනුව ජනාධිපති මන්දියර අයුතු ලෙස ඇතුළුවිම හා පොලිස් නිලධාරින්ගේ රාජකාරියට බාධා කිරිම සම්බන්ධව අවුරුදු 32ක කොස්වත්ත පදිංචිකරුවෙක් අත්අඩංගුවට නෙ තිබේ.
කොටුව දුම්රිය ස්ථානය අසළදී හා බැංකු මාවත අසළදී අධිකරණ නියෝග කඩකරමින් හා පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරිමට අදාළව අවුරුදු 31ක් වන වරාපිටිය පදිංචිකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
අරලිය ගහ මන්දිර පරිශ්‍රයට ඇතුළු වී දේපළවලට අලාභ හානි සිදුකිරීමේ චෝදනා යටතෙ අවුරුදු 53ක් වන කොළඹ 03 පදිංචිකරුවෙක්ද අත්අඩංගුවට ගෙන තිබේ.