ත්‍රිරෝද රථවලට දෙන ඉන්ධන කෝටාවේ වෙනසක්
පුර්ණ කාලීනව ත්රිරෝදරථ රියදුරන් ලෙස රැකියාවේ නිරත ත්‍රිරෝද රථහිමියන් සදහා ලබාදෙන ඉන්ධන ප්‍රමාණය පිළිබද ඉදිරියේ දි යම්කිසි සංශෝධනයක් කිරිමට පියවර ගන්නා බව ලංකා ඛනිජතෙල් සංස්ථාවේ සභාපති උවයිස් මොහොමඩ් මහතා සඳහන් කරයි.
ඊයේ (07) ගාල්ල නුගදුවේ පිහිටි ආරාධනා ඉන්ධන පිරවුම්හලේ නිරික්ෂණ චාරිකාවකට එක්වෙමින් සභාපතිවරයා මේ බව සදහන් කළේය. ඔහු මෙසේද කිවේය.
“පුර්ණකාලිනව, අර්ධකාලිනව, සහ පුද්ගලික අවශ්‍යතා සදහා ත්රිරෝදරථ භාවිතාකරන ත්‍රිරෝද රථ හිමියන් වෙන්කරගතයුතු බවට ඇමතිවරයා අපිට උපදෙස් ලබාදිලා තියෙනවා. පුර්ණකාලිනව රැකියාව වශයෙන් නිරත ත්රිරෝදරථ හිමියන් සදහා ලබාදෙන ඉන්ධන කෝටාව සංශෝධනය කිරිමට ඉදිරියේ දි සැලසුම්කර තියෙනවා. ජාතික ඉන්ධන බලපත්‍රය නිසා අද ඕනෑම අයෙකුට විනාඩි 30ක් වගේ කාලයක් ඇතුළත ඉන්ධන ලබාගන්න පුළුවන්.
ඉන්ධන අර්බුදය සම්පුරණයෙන් විසදිමට යම්කිසි කාලයක් යාවි. ඉන්ධන සදහා මාසයකට ඩොලර් මිලියන 625ක් විතර පුච්චනවා. ස්පඤ්ඤයේ ජනාධිපතිතුමා කියනවා තෙල් පාරිභෝජනය අඩුකරන්න ඕන කියලා. බංගලිදේශයේ තෙල්මිල සියයට 50කින් වැඩිකරලා තියෙනවා. අපිට ඩොලර් වැහිවැසුනත් යම්කිසි පාලනයකින් තමයි ඉන්ධන නිකුත්කළ යුත්තේ කියලා තමයි මගේ අදහස.” යැයිද ඛනිජතෙල් සංස්ථාවේ සභාපතිවරයා පැවසීය.
හිනිදුම රවින්ද්‍ර ශ්‍රීලාල්

popular news
-
සුරංග Monday, 08 August 2022 11:52 PM
ද්යිනිකව ත්‍රීරෝද රථ රැකියාවේ යෙදෙන ත්‍රීරෝද රථ සදහා ලැබෙන 5L එක් දිනක් ධාවනය සදහා (125km) ප්‍රමාණවත්. සතියට පෙට්‍රල් 35L අවශ්‍යයි.
Reply : 1 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

