හික්කඩුව වවුලාගොඩ ප්ර දේශයේ හෝටලයක ඊයේ (8දා) රෑ ඇතිවූ හදිසි ගින්නකින් එම හෝටලයට දැඩි අලාභහානි සිදුව ඇතැයි හික්කඩුව පොලීසිය පවසයි.
මේ හෝටලයේ ඇතිවූ මේ හදිසි ගින්නෙන් මහල් හතරකින් යුත් එහි ඉහල මාලය මූළුමනින්ම විනාශවි ගොස් ඇති බවද ගින්න හටගත් අවස්ථාවේදී එම හෝටලය ඉදිරිපිට මාර්ගයේ රථ වාහන ගමනා ගමනයද නතර කිරීමට සිදුවූ බවද පොලීසිය කියයි.
ගාල්ල මහ නගර සභාවේ ගිනි නිවන රථ පැමිණ ගින්න නිවීමට කටයුතු කළ බවද පොලීසිය කියයි. මේ ආකාරයට මෙලෙස හදිසි ගින්නක් මිට දින දෙකකට උඩදී බෙන්තොට හෝටලයකද ගින්නක් හටගෙන තිබේ.
මෙම හෝටලයේ ඇතිවු ගින්නේ හානිය මෙතෙක් තක්සේරු කර නැති බවද පොලීසිය කියයි. හික්කඩුව පොලීසිය මේ පිළිබදව වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
කරන්දෙණිය එම්.සුසිල් පියන්ත සහ ගෝනාපිනුවල දයා සිරිල් ධම්මික