කොටහේන බෙනඩික් මාවතේ කෝටිපති ව්‍යාපාරිකයකුගේ නිවසකට අද (8දා) මහ දවාලේ අත්මාංචු යුගලක් රැගෙන ඇතුළු වූ පුද්ගලයන් දෙදෙනෙක් නිවෙස් හිමියන් බිය ගන්වා රුපියල් කෝටි දෙකකට ආසන්න රන් භාණ්ඩ සහ මුදල් තොගයක් පැහැර ගෙන ගොස් ඇතැයි කොටහේන පොලීසිය කියයි.
මෙම කොල්ලකරුවන් විසින් රුපියල් කෝටි එකහමාරකට ආසන්න වටිනා රන් භාණ්ඩ සහ රුපියල් ලක්ෂ පහළොවකට ආසන්න මුදල් තොගයක් පැහැර ගෙන ගොස් ඇතැයි පොලිසිය කියයි.
ටයිල් විකිණීමේ ව්‍යාපාරයක් සිදු කරන නිවෙස් හිමියාගෙන් නිවසට අද පෙරවරු නමයට පමණ සුදු පාටට හුරු කමිස පැළඳ අත් මාංචු රැගෙන ඇතුළු වී තිබූ කොල්ලකරුවෝ දෙදෙනා එම නිවසේ නේවාසිකව සිටින තරුණියගේ අත්දෙක රෙදි පටිවලින් බැඳ ඇය සන්තකයේ ජංගම දුරකථන තිබේදැයි පරික්ෂා කිරීමෙන් අනතුරුව නිවසේ සාලේ පුටුවක හිඳුවා තිබු බව පොලිසිය කියයි.
අනතුරු කොල්ලකරුවෝ දෙදෙනා අඹු සැමි යුවළ කාමරයකට රැගෙන ගොස් තමන් සන්තකේ ගිනි අවි තිබෙන බවට ඒත්තු ගන්වමින් ඔවුන්ට තර්ජනය කර එම කාමරයේ අල්මාරි වල බහා තිබූ රන් භාණ්ඩ සහ මුදල් තොගය පැහැරගෙන ගොස් තිබූ බව පොලිසිය කියයි.
කොල්ලකරුවන් නිවසින් පිට වන අවස්ථාවේදී ව්‍යාපාරික අඹුසැමි යුවළ කාමරයේම හිඳුවා එහි දොර වසා අනතුරුව නිවසේ ප්‍රධාන ප්‍රධාන දොරටුව වසා පිටව ගොස් තිබූ බවත් පොලිසිය කියයි.
සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය. කොටහේන පොලීසිය පරීක්ෂණ පවත්වයි.