දේශීය ලොකු ලූනු වගාවේ අස්වැන්න නෙලීමට මසක් තියෙද්දි වගාව දිලීර රෝගයකින් විනාශ වී යාමේ දැඩි තර්ජනයකට ලක්ව ඇතැයි දේශීය ලොකු ලූනු ගොවීහු පවසති.
පසුගිය දින කිහිපයේ ඇදහැලුණු ධාරානිපාත වර්ෂාවත් සමඟ දේශීය ලොකු ලූනු වගාවට මෙම දිලීර රෝගය පැතිර ගිය බව දඹුල්ල, සීගිරිය, ඉනාමළුව ,නාවුල, ගලේවෙල, කැකිරාව ,ගල්කිරියාගම ,ආදී ප්‍රදේශවල දේශීය ලොකු ලුණු ගොවින් පවසති.
මේ වන විට මාතලේ ,අනුරාධපුර, සහ පොලොන්නරුව යන දිස්ත්‍රික්කවල ද සීඝ්රයෙන් දේශීය ලොකු ලූනු වගාවේ මෙම දිලීර රෝගය පැතිර යමින් පවතින බව ද ඔවුහු වැඩිදුරටත් පෙන්වා දෙති.
ඒ පිළිබඳව කිසිදු අයෙකුගෙන් අවධානයක් යොමුවී නොමැති බවත් දිලීර නාසක වෙළඳපොලේ ලබා ගැනීමට නොහැකි වීම , ඒවායේ මිල අධිකවීම නිසා තම වගාවන් දිනෙන් දින වීනාශ වෙමින් දේශීය ලොකුළ ලූනු ගොවියාට වියදම් කළ මුදල හෝ ලබා ගැනීමට නොහැකි ප්‍රශ්නයකට මුහුණ පා ඇතැයි මෙම ගොවීන් වැඩි දුරටත් කියා සිටිති.
දේශීය ලොකුළූණු ලූනු ගොවියාට සිදුව ඇති මෙම බරපතල තර්ජන පිළිබඳව සොයා බැලීමට සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා ඇතුළු ගොවි සම්මේලනයේ නියෝජිතයින් පිරිසක් අද (08දා) සීගිරිය තල්කොටේ ප්‍රදේශ්යේ මහා පරිමාණයෙන් ලොකු ළුණු වගා බිමක් නිරීක්ෂණයක නිරත වන්නට වූහ.
දේශීය ලොකු ලූනු ගොවීන්ට සිදුව ඇති මෙම හානිය පිළිබඳව නිරීක්ෂණය කළ සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා කියා සිටියේ පසුගිය රජය මෙන්ම වර්තමාන රජයද වැඩ කට කටයුතු සිදුකරනු ලබන්නේ මහදැන මුත්තයි ගෝලයෝ රොත්තයි එකතුවෙලා එළුව යි මුට්ටියයි අහිමි කරගත්තා මෙන් ද වර්තමාන රජයද දිවියා ගේ පනත් ගහත් අහිමි කරගත් සිද්ධිය ද පෙන්වා දෙමින් කියා සිටියේ මෙවැනි මෝඩ තීන්දු ගැනීම නිසා සමස්ත ගොවි ජනතාව අද විශාල කරදරයකට මුහුණ පා සිටින බවය.
එමෙන්ම ලොකු ලූනු අක්කර එකක් වගා කිරීම සඳහා රුපියල් ලක්ෂ හයකට අධික මුදලක් ගොවීන්ට මහන්සිය හැර වියදම් වන බවත් වහාම රජය මැදිහත්ව දේශීයලොකු ලුණු ගොවියාට සිදුව ඇති මෙම හානියට වන්දි ලබා දීම සිදු කළ යුතු බව හෙතෙම මෙහිදී අවධාරණය කළේය.
මේ අතර සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ මාතලේ දිස්ත්‍රික් නියෝජිත සුනිල් රණවීර මහතා සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ කණ්ඩායම එක්ව මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේ දේශීය ලොකු ලූනු විශාල වශයෙන් වගා කරගෙන පැමිණි අතර මේ වන විට දේශීය ලොකුළූ ලූනු අවශ්‍යතාවයෙන් සියයට දෙකක් හෝ වගා කර ගැනිමට නොහැකි බවය
කෙසේ වෙතත් දේශීය ලොකු ලූණු වගාව මෙවර දිලීර රෝගය හේතුවෙන් සියයට අනූවකට වැඩි ප්‍රමාණයක් විනාශ වෙමින් පවතින බවය .වහාම මේ පිළිබඳව කෘෂිකර්ම බලධාරීන් අවධානය යොමු කළ යුතු බව හෙතෙම මාධ්‍ය හමුවේ දී සඳහන් කළේය.