යාපනය ඔට්ටුමඩම් ප්‍රදේශයේ පිහිටි ලාග්ෆ් ගෑස්සිලින්ඩර් බෙදාහැරීමේ මධ්‍යස්ථානයකින් හොර රහසේ ගෑස් සිලිණ්ඩර 5 ක් රැගන ගිය පුද්ගලයින් 06 දෙනෙකු ඊයේ (07දා) සවස අත්අඩංගුවට ගත් බව යාපනය කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය පවසයි.
ඔට්ටුමඩම් ප්‍රදේශයේ ප්‍රදේශයේ පිහිටි අදාල ලාෆ් ගෑස් බෙදාහාරීමේ මධ්‍යස්ථානයට කිසියම් පිරිසක් ඇතුලු වී අගුලුකඩා සිලිණ්ඩර් තොගයක් සොරකම් කොට ඇති බවට පසුගිය 06 වනදා යාපනය පොලීසියට ලැබුනු පැමිණිල්ලකට අනුව කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය මගින් අදාල පරික්ෂණ කටයුතු සිදුකරනු ලැබීය.
එහිදී යාපනය පොම්මෙයිවේලී සහ නාවන්තුරෙයි ප්‍රදේශයන්හි පදිංචි අදාල සැකකරුවන් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන සිදුකරන ලද ප්‍රශාන කිරීම් වලදී හිස් ගෑස් සිලිණ්ඩර් 52 ක් සොරාගෙන ඇති බවට අනාවරනය වී තිබුණි.
සැකකරුවන් විසින් සොරාගත් අදාල ගෑස් සිලිණ්ඩර් අධික මිලගණණ් වලට විකුණා ඇති බවට එලෙස සොරාගත් ගෑස් සිලිණ්ඩර් කිහිපයක්ද පොලිස් නිලධාරීන් විසින් සොයාගනු ලැබීය.
අත්අඩංගුවට ගත් සැකකරුවන් යාපනය පොලීසියට භාරදීමට කොට්ඨාශ අපරාද විමර්ශන නිලධාරීන් පියවර ගෙන ඇති අතර සැකකරුවන් යාපනය අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇතැයිද යාපනය පොලීසිය වැඩිදුරටත් පැවසීය.