ශ්‍රී ලංකාවට පැමිණෙමින් තිබූ මතභේදාත්මක යුවාන් වැංග් 5 නෞකාව සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශය පැහැදිලි කිරිමක් සිදුකර තිබේ.
මෙම නෞකාව අගෝස්තු 11 සිට 17 දා තෙක් හම්බන්තොට වරායට පැමිණීමට නියමිතව තිබුණ බවත් ඒ සඳහා අවශ්‍ය අවසරය ජුලි 12 දා කොළඹ චීන තානාපති කාර්යාලයට රජය විසින් ලබාදුන් බවත් එම නිවේදනයේ දැක්වෙයි.
කෙසේ වෙතත් වැඩිදුර උපදේශන අවශ්‍ය බැවින් එම යාත්‍රාව හම්බන්තොට වරායට පැමිණීම කල් දමන ලෙස මේ වන විට තානාපති කාර්යාලයට රජය විසින් දැනුම් දී ඇති බවද විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
එසේම කාම්බෝජයේ පැවති ද්විපාර්ශ්වික රැස්වීමකදී ශ්‍රී ලංකාවේ විදේශ අමාත් අලි සබ්රි මහතා හා චීනයේ විදේශ අමාත්‍ය වැංග් යි යන මහත්වරුන් දෙරට අතර පවතින ශක්තිමත් සබඳතාව යළි තහවුරු කරගත් බවද එම නිවේදනයේ දැක්වෙයි.
විදේශ අමාත්‍යවරුන් දෙදෙනා අතර මෙම හමුවේදී එකම චීනයක් ප්‍රතිපත්තියක් සඳහා ශ්‍රී ලංකාවේ දැඩි කැපවීම ගැන නැවත අවධාරණය කිරීමට අලි සබ්රි මහතා කටයුතු කළ බවත් විදේශ අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි.