saravita-anim2

2025 සැප්තැම්බර් මස 27 වන සෙනසුරාදා

2025 සැප්තැම්බර් මස 27 වන සෙනසුරාදා

Latest News - timelapse 5568 hours ago

LATEST

රන්මාල කොල්ලකෑම් 150කට 03ක් දැලේ

calendar_today 2022 මාර් 31 - 14:46 remove_red_eye - 174  

දිවයිනේ පොලිස් වසම් දාහතරකින් රන්මාල කොල්ලකෑම් එකසිය පනහකට සම්බන්ධ සිව් දෙනකුගෙන් යුත් කල්ලියක මහ මොළකරු ඇතුළු තිදෙනකු සොරා ගත් යතුරු පැදි දෙකක් ද සමග අද (31) දා අත්අඩංගුවට ගත් බව කොට්ටාව පොලිසිය පවසයි .

විදුලි බිල වැඩිකිරීමට යෝජනාවක් නොමැති බව විදුලි බල අමාත්‍ය පවිත්‍රා වන්නිආර්ච්චි මහත්මිය පැවැසුවාය. කොළඹදී අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇය මේ බව පැවැසුවාය.

Read More

යුද සමයේදී කොටි ත්‍රස්ත සංවිධානය විසින් සඟවන ලද බෝම්බ තොගයක් මුලතිව් ඉරට්ටෙයි වයික්කාල් ප්‍රදේශයේ තිබීඊයේ ඊයේ (30දා) සොයාගත් බවට පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.

Read More

රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිධූර කිහිප වරක් හෙබවූ අත්දැකීම් ඇති පරිණත දේශපාලකයකු බවත් ඔහුගේ යෝජනා වලට කන් දීමට සූදානම් වුවත් ඔහුට අගමැති ධුරය පිරිනැමීමට කිසිදු බලාපොරොත්තුවක් නොමැති බව පාර්ලිමේන්තුවේ සභා නායක සහ අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය .

Read More

වගකිවයුත්තෙක් නොමැති අසංවිධානාත්මක විරෝධය පෑම්වලට එක්වීමේදී පරිස්සම් වන ලෙසත් එවැනි වගකීමක් නොමැති අවංක මහජන විරෝධයන් පසුපස පවා අනතුරක් තිබිය හැකි බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

Read More

සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව යනු අපේ රටට විශාල විදේශ විනිමය උපයන ආයතනයක්ද වනවා .මේ අනුව මේ ආයතන හරියට කළමණාකරනය කර සංවර්ධනය කලහොත් පමණයි නිසි ආදායම් ලබාගත හැක්කේ යැයි දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ තුන්වන අධ්‍යක්ෂ ජෙනරාල් වරයා වශයෙන් අද (31දා) පත්වූ හිටපු වනසංරක්ෂක ජෙනරාල් තිලක් ප්‍රේමකාන්ත මහතා රාජකාරි භාර ගැනීමෙන් අනතුරු මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් පැවසීය.

Read More

විදේශීය ආයෝජනයක් හරහා හම්බන්තොට මුහුදේ මෙගාවොට් 5000ක සුළං බලාගාරයක් ඉදිකිරීමට යෝජිත බවත් එයින් මෙගාවොට් 1000ක් ලංකාවට ලබාගෙන මෙගාවොට් 4000ක් සිංගප්පූරුවට අපනයනය කිරීමට අපේක්ෂා කරන බව විදුලි බල රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පැවැසීය.

Read More

රටේ පවතින ගෑස්,ඉන්ධන, භූමිතෙල් ඇතුළු පවතින භාණ්ඩ හිඟයට විසදුම් ලබාදෙන ලෙස ඉල්ලා රජයට විරෝධය පළකිරීමේ විරෝධතා කාන්තා උද්ඝෝෂණයක් අද (31දා) දහවල් ඇල්පිටිය කුරුදුගහහැතැක්ම නගරයේදී පැවැත්විණි.

Read More

අකුරැස්ස නිල් මැණික්ගම නිවසක් ඉදිකිරීම සඳහා පැරණි නිවස කඩා ඉවත් කිරීමේදී එම නිවසේ බිත්තියකට යට වී දරුවෙක් ජීවිතක්ෂයට පත්වී අනිත් දරුවා බරපතළ තුවාල ලබා ඇත.

Read More

වසර ගනනාවක් පළාත් පාලන ආයතන වල අනියම් සහ ආදේශක ලෙස සේවය කළ සුලු සේවකයින් ස්ථීර නොකර සේවාවෙන් ඉවත් කර වත්මන් ආණ්ඩුව ලබා දුන් රැකියා ලක්ෂයේ සේවකයින් එම් පුරප්පාඩු වලට යොමු කිරීම අසාධාරණ සහ සේවක අයිතිවාසිකම් උල්ලංඝණය කිරීමක් බව පවසමින් උතුරු මැද පළාත් අනියම් ,ආදේශක සේවකයින් මේ වන විට දින තුනකට ආසන්න කාලයක් අනුරාධපුර නගරසභාව ඉදිරිපිට අඛණ්ඩ සත්‍යග්‍රහයක නිරතව ඇත.

Read More

ජනතාවට වැරදි මතයක්, එහෙම නැත්නම් කටකතාවක් යවලා තියෙනවා මම බණ්ඩාරවෙල එන නිසා පෝලිම් වෙනස් කළා කියලා. පළමු කාරණය තමයි අපි යම්කිසි කාරණයකට රාජකාරී මට්ටමින් හෝ පෞද්ගලිකව යන විට අපි කිසිසේත් සාමාන්‍ය ජනතාවගේ ජන ජීවිතයට බාධාවන ආකාරයෙන් අපි උත්සවයක් හෝ වැඩසටහනක් සංවිධානය කරන්නේ නෑ. යම්කිසි ක්‍රමවේදයක් තිබුණනම් එය වෙනස් කිරීමට අපි යන නිසා සිදුකරන්න අපි කවදාවත් කටයුතු කරන්නේ නෑ. මෙය හුදෙක් මඩ ගැසීම වෙනුවෙන් ජනතාව නොමග යැවීමට කළ උත්සාහයක්.

Read More

ඉතිහාසයේ පළමු වරට ආනයනික ඇපල් ගෙඩියක මිල රුපියල් එකසිය අසූවක් දක්වා ඉහළ ගොස් ඇතැයි මාතලේ පාරිභෝගික ජනතාව පවසයි.

Read More

මවුස්සාකැලේ ජලාශයේ සිට කැනියොන් ජල විදුලි බලාගාරය දක්වා ජලය රැගෙන යන භුගත උමං මාර්ගයේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් පුරා මාස තුනක් තිස්සේ විදුලි උත්පාදනය නතර කර තිබු කැනියොන් ජල විදුලි බලාගාරයේ විදුලි උත්පාදන කටයුතු අද (31) දින සිට ආරම්භ කළ බව එම විදුලි බලාගාරයේ නිලධාරියෙකු පැවසිය.

Read More

වර්තමාන රජය කෙරෙහි දෙස් විදෙස් සියළු පාර්ශවයන්හි විශ්වාසය සම්පූර්ණයෙන්ම බිඳවැටී ති⁣බෙන නිසා වෙළෙඳපොළවල් හිරවී අගුලු වැටී තිබෙන බවත් මේ ආකාරයෙන් මේ ආණ්ඩුවට තවදුරටත් ඉදිරියට යා නොහැකි බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා අවධාරණය කරයි.

Read More

ප්‍රේල් 02 දා ඩීසල් තොගයක් ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත බවත් එය විදුලි බල මණ්ඩලයට ලැබුණ හොත් අප්‍රේල් 02 දායින් පසුව දැනට සිදුකරන පැය 10 ඉක්මවූ විදුලිය කප්පාදුව පැය 4ට අඩුවෙන් පවත්වාගෙන යාමට හැකි බව ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපති එම්.එම්.සී. ෆර්ඩිනැන්ඩෝ මහතා පැවැසීය.

Read More

රටේ පවතින තත්ත්වය සමග එක් වරම අත්‍යවශ්‍ය භාණ්ඩ බොහොමයක මිල ගනන් පැයෙන් පැය දිනෙන් දින ඉහළ දැමීමේ සැලසුමක් රට පුරා ප්‍රබල ව්‍යාපාරිකයින් විසින් සිදුකරගෙන යන බව පාරිභෝගික ජනතාව පෙන්වා දෙති.

Read More

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ෆේස්බුක් ගිණුමට Comments පළ කිරීමට තිබූ අවස්තාව එහි පරිපාලකයන් විසින් අවහි කර තිබේ.

Read More

පුද්ගල ඝාතනයක් සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා හා තවත් දෙදෙනෙකු නිදොස් කොට නිදහස් කිරීමට අභියාචනාධිකරණය නියෝග කර තිබේ. ඒ තම මරණ දඩුවම සම්බන්ධයෙන් ඔවුන් ගොනු කළ ඇපෑලක් සලකා බැලීමෙන් අනතුරුවයි.

Read More

අද (31දා) හා හෙට (01දා) දිනයේදී කොටස් වෙළඳපොළේ කටයුතු පැය 2කට පමණක් සීමා වන බව කොළඹ කොටස් හුවමාරුව නිවේදනය කරයි.

Read More

පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා ඝාතනය කිරීමේ සැලැස්මක් ඇති බව එරට ජ්‍යෙෂ්ඨ නායකයෙක් පවසයි. පකිස්තාන මාධ්‍ය ආයතනයකට අදහස් දක්වමින් පකිස්ථාන ටෙහ්රීක්-ඊ-ඉන්සාෆ් (පීටීඅයි) පක්ෂයේ ප්‍රබලයෙකු වන ෆයිසාල් වව්ඩා කියා සිටියේ අගමැති ඛාන් ඝාතනය කිරීමට කුමන්ත්‍රණයක් දියත් කර ඇති බවයි.

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා තම ෆේස්බුක් ගිණුමට අද පෙරවරුවේ සටහනක් එක්ක තිබුණා. එම සටහනින් ඔහු පවසා තිබුණේ ’මම සූදානම් ඒත් ඔබ සුදානම් නැතිවීමයි අර්බුදය’ යනුවෙනි.

Read More

ජාතික සත්වෝද්‍යාන දේපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ලෙස කටයුතු කළ ෂර්මිලා රාජපක්ෂ මහත්මිය එම ධුරයෙන් ඉවත් කර තිබේ.

Read More

හිටපු අමාත්‍ය ආතාවුද සෙනෙවිරත්න මහතා අභාවප්‍රපාත්ත වී තිබේ. අසනීප තත්ත්වයකට කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අද (31දා) අලුයම මෙසේ ඔහු අභාවප්‍රාත්ත වී තිබේ.

Read More

රටට අවශ්‍ය තීරණාත්මක යටිතල පහසුකම් ව්‍යාපෘති සඳහා භාවිත කරන විදේශීය තාක්ෂණික මෘදුකාංග මත යැපීම වළක්වාලීමට රුසියානුවන්ට ඉලක්කයක් ලබාදෙයි.

Read More

ජාතීන් දෙක අතර සබඳතාවලට ’’නව අභියෝග’’ තිබියදීත්, ’’ද්විපාර්ශ්වික සබඳතා වර්ධනය කර ගැනීමට දෙපාර්ශ්වයේම කැමැත්ත වඩාත් ශක්තිමත් වී ඇති’’ බව චීන විදේශ අමාත්‍ය වැන්ග් අවධාරණය කළේය.

Read More

බලාගාරවලට අවශ්‍ය ඉන්ධන තොග නොමැති වීම හේතුවෙන් හෙට (31දා) දිනයේදී පැය 13ක විදුලි කප්පාදුවක් සිදුවන බව මහජන උපයෝගිතා කොමිසම සඳහන් කරයි.

Read More

යුක්රේනය සමග සාම සාකච්ඡාවලදී රුසියාවේ ප්‍රධාන සාකච්ඡාකරු ව්ලැදිමීර් මෙඩින්ස්කි බදාදා කියා සිටියේ කියෙව් නිල වශයෙන් මධ්‍යස්ථ රාජ්‍යයක් වීමට ප්‍රතිපත්තිමය වශයෙන් එකඟ වී ඇති බවය.

Read More

යාපනය පන්නෙයි ප්‍රදේශයේ පිහිටි ප්‍රසිද්ධ හින්දු කෝවිල් දෙකක තිබූ පිං කැට කඩා මුදල් සොරාගන්නා ලද අයෙකු ඊයේ (29දා) දින අත්අඩංගුවට ගත් බවට යාපනය පොලීසිය පවසයි.

Read More

’’18 වැනි චීන කොමියුනිස්ට් පක්ෂ ජාතික සම්මේලනයේ සිට, පාරිසරික ශිෂ්ටාචාරයේ සංවර්ධනය, වන වගාව දියුණු කිරීම සහ නාගරික සහ ග්‍රාමීය ප්‍රදේශවල ජීවන පරිසරය වැඩිදියුණු කිරීම, පිරිසිදු ජලය සහ සශ්‍රීක කඳු අගනා වත්කම් බවට පත්කිරීමට අපි එකඟ වී සිටිමු’’ ෂී පැවසීය.

Read More

මේ රජයේ ඇතිකළ අර්බුදය වසරක් තිස්සේ එන්න එන්න උග්‍ර වෙනවා විනා විසඳුමක් නැත. රට වටේ පැය 10 ක් විදුලිය කපනවා. මෙහි අහිතකර බලපෑම් නිවැසියන්ට කුඩා ව්‍යාපාරිකයන්ට කුඩා කර්මාන්ත කරුවන්ට ව්‍යාපාරිකයන්ට හා සියලු ක්ෂේත්‍රයන්ට බෙහෙවින්ම බලපානවා යැයි සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පැවසීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.