වොෂින්ටනය අල්කයිඩා නායකයා මරා දැමීමෙන් පසු ලොව පුරා සිටින එක්සත් ජනපද පුරවැසියන්ට පරිස්සම් වන්නැයි රාජ්‍ය දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කර තිබේ.
ජාතික නාමල් උයන, කලාවැව රක්ෂිතයට සහ ඒ අවට වසර ගණනාවක් තිස්සේ සැරි සැරූ බරණ නමින් ප්‍රචලිත දළ හස්තියාගේ ඝාතන සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු පොලිස් කොස්තාපල්වරයෙකු බව හඳුනා ගෙන ඇතැයි ගල්කිරියාගම වනජීවි කාර්යාලය සඳහන් කරයි.
Read Moreරජයේ සන්නිවේදන මූලස්ථානය (GCHQ) සයිබර් ප්‍රහාර අනතුරු ඇඟවීමක් නිකුත් කිරීමෙන් පසු එක්සත් රාජධානියේ කොන්සර්වේටිව් පක්ෂයට රටේ මීළඟ අගමැතිවරයා සඳහා ඡන්දය ප්‍රමාද කිරීමට සිදු වී ඇති බව වාර්තා වෙයි.
Read Moreමහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඇසල පෙරහැර නැරඹීමට පැමිණෙන අයට ලබන 7දා සිට 11දා දක්වා සාමාන්‍ය දුම්රියන්ට අමතරව විශේෂ දුම්රිය සේවා කිහිපයක් ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබේ.
Read Moreජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය සම්බන්ධයෙන් තෙදින විවාදයක් ලබන සතියේ 9,10 සහ 12 දා පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද (3දා) තීරණය කළේය.
Read Moreජනපති රනිල් වික්‍රමසිංහ මහතා මේ වන විට ඉදිරිපත් කරන යෝජනාව සර්ව පාක්ෂික ආණ්ඩුවක් සඳහා යෝජනාවක් නොවන බවත් එය රනිල් - රාජපක්ෂ ආණ්ඩුවට එක්විමට කරන ආරාධනාවක් බවත් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.එවැනි ආණ්ඩුවකට තම පක්ෂය එක් නොවන බවද ඔහු පැවැසීය.
Read Moreනව දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා ලෙස මුදල් අමාත්‍යංශයේ සැළසුම් අධ්‍යක්‍ෂවරයා ලෙස කටයුතු කළ ඩබ්ලිව්. ඒ. බී. එස්. ඊ. පී. ගුණසිංහ මහතා පත්කර තිබේ.
Read Moreමධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග උඩරට දුම්රිය මාර්ගයට කඩාවැටි ඇති පස් කදු , ගල් සහ ගස් ඉවත් කර උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත් කිරිමට යුද හමුදා සහයෝගය ලබාගෙන ඇති බව නුවරඑලිය දිස්ත්‍රික් ආපදා කලමණාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂක රංජිත් අලහකොන් මහතා පැවසිය.
Read Moreනිළ ඇදුම් අන්දවා නොමැති බැවින් සහ හමුදා ගෞරවාචාර නොමැති බැවින් පවුලේ සාමාජිකයින් භාරගත නොහැකි බව දන්වා හරවා එවූ ගුවන් හමුදා සෙබළාගේ මෘතදේහය පෙරේදා (02) රාත්‍රි ඥාතීන් විසින් භාරගත් බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කපිතාන් දුෂාන් විජේසිංහ මහතා පැවැසීය.
Read Moreබලපත්‍ර නොමැතිව නිතිවිරෝධී ලෙස ප්‍රවාහනය කරමින් තිබු ඩීසල් ලීටර් 1000ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට හම්බන්තොට පොලිස් විශේෂකාර්ය බලකායේ නිලධාරීන් සමත්වී තිබේ.
Read Moreගුවන් යානා ඉන්ධන ලබාගැනීම සඳහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සැපයුම්කරුවන් සමඟ වසරක කාලයකට ගිවිසුම්ගත වූ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
Read Moreඉන්ධන අර්බුදය හේතුවෙන් උත්සව ශාලා සහ ආහාර සැපයුමේ ක්ෂේත්‍රය කඩා වැටීමට ලක්ව ඇති බැවින් මෙම ක්ෂේත්‍රයේ නිරත ලක්ෂ පහක පමණ පිරිසකට රැකියාවන් පවා අහිමි වන තත්ත්වයක් උදාවී ඇති බව සමස්ත ලංකා උත්සව ශාලා සහ ආහාර සැපයුම් කරුවන්ගේ සංගමයේ උප සභාපති සාලිය රවීන්ද්‍ර මහතා සදහන් කරයි.
Read Moreශ්‍රී ලංකා නාවික හමුදාව මන්නාරම, වැලිපර ආශ්‍රිත ප්‍රදේශයේ ඊයේ (02දා) සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, කේරළ ගංජා කිලෝ 47 ග්‍රෑම් 240 ක පමණ (තෙත බර සහිත) තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
Read Moreමාර්ග අංක 120 කැස්බෑව පිටකොටුව බස්රථ අද (3දා) අලුයම සිට ධාවනයෙන් වැළකී වර්ජනයේ නිරතවිය.
Read Moreඑක්සත් ජාතික පක්ෂයේ හිටපු මුදල් අමාත්‍යවරයෙකු වූ රවි කරුණානායක මහතා ඊයේ (02දා) හදීසියේම පෞද්ගලික හෙලිකොප්ටර් යානාවකින් මන්නාරමට පැමිණියේය.
Read Moreතමන් සෑම විටම සාමකාමී අරගලකරුවන් වෙනුවෙන් පෙනී සිටින බවත් ඔවුන් ආරක්ෂා කිරීමට කටයුතු කරන බවත් ඒ වෙනුවෙන් වෙනමම කාර්යාංශයක් පිහිටුවන බවත් ඔහු පැවැසීය. මේ සඳහා විශ්‍රාමික විනිසුරුවරයෙකුගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත්කරන බවත් ජනපතිවරයා පැවැසීය. නීතිවිරෝධි හා ප්‍රචණ්ඩත්වයෙන් කටයුතු කළ අයට නීතිය අනුව කටයුතු කරන බවත් ජනපතිවරයා පැවැසීය.
Read Moreඅලාභ ලබන රාජ්‍ය ව්‍යවසාය පිළිබඳව ප්‍රතිපත්තිමය තීරණ ගත යුතුව ඇති බවත් රාජය ව්‍යවසාය පිළිබඳ ආර්ථික සංකල්පය මේ වන විට අසාර්ථක වි ඇති බවත් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.
Read Moreමස්කෙලිය ශ්‍රි පාද නල්ලතන්නිය මාර්ගයට අද (03දා) උදැසන 10 ට පමණ පස් කන්දක් කඩා වැටිමෙන් එම මාර්ගයේ ගමනා ගමන කටයුතු තාවකාලිකව ඇන හිට ඇති බව නල්ලතන්නිය පොලිසිය පැවසිය.
Read Moreඉන්ධන ගෙන්වා ගැනීම වෙනුවෙන් වෙනත් රටවලින් ණය ආධාර ලබා දෙන තෙක් බලා සිටින යුගය අවසන් කළ යුතුයි. ඒ නිසා අපේ රටේ අපනයන ආදායම හා විදේශ ප්‍රේෂණ වලට සරිලන පරිදි ඉන්ධන ගෙන්වා ගැනීමේ ක්‍රමයක් ආරම්භ කරනවා. ඉන්ධන සඳහා ගෙවීම සමබර කර ගැනීම වෙනුවෙන් තෝරා ගත් ආනයන සීමා කිරීමට අපට සිදුවෙනවා. ඉන්ධන සැපයීම සීමා කරන්න වෙනවා. මේ අර්බුදය අවසන් වන තෙක් මේ අමාරුකම් රට වෙනුවෙන් දරා ගනිමු.”
Read Moreගල්කිස්ස ටෙම්පල් පාර නිවසක නීතිවිරෝධී ලෙස ගබඩා කර වැඩි මිලට විකිණීම සඳහා සූදානම් කර තිබූ ඉන්ධන තොගයක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.
Read Moreතමන් භාර ගත්තේ විපත්තියට ඇඳ වැටුණ රටක් බවත් රට වෙනුවෙන් එම අභියෝගය භාර ගැනීමට තීරණය කළ බවත් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය. පාර්ලිමේන්තුවේදී සිය ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරමින් ඔහු මේ බව පැවැසීය.
Read Moreඅපේ රට විවිධ සංස්කෘතීන්ට අයත් විවිධ ආගම්වලට අයත් විවිධ භාෂා කතාකරන රටක් වශයෙන් සැම තමන්ගේ ආගම් ඇඳහීමට හා තම මව්භාෂාව කථා කිරීමට ඇති අයිතිය තහවුරු කරන බවත් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.
Read More9 වන පාර්ලිමේන්තුවේ තෙවන සභාවාරය උත්සවය විවෘත කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු සංකීර්ණය වෙත පැමිණියේය.
Read Moreශ්‍රී ලංකාව ආසන්නයේ නැංගුරම් ලා තිබූ ඩීසල් නෞකාවට මේ වන විට මුදල් ගෙවා අවසන් බවත් එයින් ඩීසල් ගොඩබෑමේ කටයුුත අද (03දා) ආරම්භ කරන බවත් විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා කියයි.
Read Moreජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් වාරාවසාන කළ පාර්ලිමේන්තුව යළිත් උත්සවශ්‍රීයෙන් අද (03දා) පෙ.ව. 10.30ට විවෘත කිරීමට නියමිතව තිබේ.
Read Moreපසුගිය මස 9 දා කොටුව ජනපති මන්දිරයට අයුතු ලෙස ඇතුළු වී ජනාධිපති අසුන් ගන්නා පුටුවෙහි වාඩි වී ඡායාරූප ගත් පුද්ගලයෙකු ඊයේ (02දා) දහවල් කාලයේදී දැරණියගලදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
Read Moreවාහන මිලියන 5.2ක් ජාතික ඉන්ධන බලපත්‍රයට ලියාපදිංචි වි ඇතැයි විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. ඊයේ දිනයේදි ඉන්ධනහල් 902ක මෙම ක්‍රමය යටතේ ඉන්ධන නිකුත් කිරීම සිදුකර ඇති බවත් සිදුවූ ගනුදෙනු සංඛ්‍යාව 579000කට අධික බවද ඔහු පැවැසීය. එසේම පාරිභෝජනය කළ ඉන්ධන ලීටර් සංඛ්‍යාව මිලියන 4.67ක් බවද ඔහු පැවැසීය.
Read Moreකොටිකාවත්ත ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රී සුමුදු රුක්ෂාන් මහතා අද (2දා) සවස වෙඩි තබා ඝාතනය කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දුව මහතා පැවසීය
Read Moreසර්ව පාක්ෂික රජයක් පිළිබඳව මහා සංඝරත්නය ප්‍රමුඛ ආගමික නායකයින්, සිවිල් සංවිධාන, තරුණ කණ්ඩායම් ඇතුළු සමස්ත ජනතාව දැඩි විශ්වාසයකින් හා අපේක්ෂාවෙන් පසුවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
Read Moreලංකාවේ දැනට එන්නත් මිලියන 8ක් තිබෙනවා. එය ඔක්තෝම්බර් මාසය වෙනකම් පාවිච්චි කරන්න පුළුවන්. ඒ එන්නත් මිලියන 8 ඔක්තෝබර් මාසයේ දී අවසන් කරන්න බැරි වෙනවා. ඒ නිසා කොටසක් වෙන රටකට දෙන්න සිදුවෙනවා. එන්නත ගෙනාවේ ඔබ වෙනුවෙන්. ඒ නිසා එන්නත ලබානොගත් සියලු දෙනාගෙන් මම ඉල්ලීමක් කරනවා, ඉක්මණින් එන්නත ලබාගන්න කියලා.
Read More