කදුරට ජනතා පෙරමුණ , කම්කරු ජාතික පෙරමුණ සහ කම්කරු ජාතික සංගමය පළාත් පාලන මැතිවරණයේදි සමගි ජනබලවේගය සමග එක්ව සන්ධානගත වි තරග කිරිමට තිරණය කර ඇති බව කම්කරු ජාතික පෙරමුණේ සහ කම්කරු ජාතික සංගමයේ සභාපති පා.ම පලනි දිගම්බරම් මහතා පැවසිය.
පළාත් පාලන ආයතවලට කොට්ඨාශ මට්ටමින් තරග කරන අපෙක්ෂකයන් තොරා ගැනිමට එම කොට්ඨාශ වල සිටින තම සමාජිකයන්ට භාර කර ඇති බවත්, එම සමාජිකයන් තොරා දෙනු ලබන අපේක්ෂකයන් සම්බන්ධයෙන් මේ මස (14) දින කදුරට ජනතා පෙරමුණ සහ තම පක්ෂය එකට එක්ව සාකච්ඡා කර අවසන් තිරණයකට එළඹ, පළාත් පාලන ආයතන සදහා නාම යෝජනා භාරදෙන බවයි පලනි දිගම්බරම් මහතා කියා සිටියේ.