නැගෙනහිර චීනයේ සිදුවූ රිය අනතුරකින් අවම වශයෙන් පුද්ගලයින් 19 දෙනෙකු මියගොස් තවත් 20 දෙනෙකු තුවාල ලබා ඇති බව චීන මාධ්‍ය වාර්තා කරයි.
චීන රාජ්‍ය මාධ්‍ය සීසීටීවී පැවසුවේ “ප්‍රධාන මාර්ග රථවාහන අනතුර” දේශීය වේලාවෙන් ඉරිදා අලුයම 1 ට පෙර ජියෑන්ෂි පළාතේ නැංචංග් ප්‍රාන්තයේ සිදු වූ බවයි.
"අනතුරට හේතුව ගැඹුරින් විමර්ශනය කරමින් පවතී," යැයි සීසීටීවී වැඩිදුරටත් සඳහන් කළේය.
රජයට අයත් හුබෙයි ඩේලි මාධ්‍ය සමූහය වාර්තා කළේ අවමංගල්‍ය පෙරහැරක ට්‍රක් රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.
මියගිය සහ තුවාල ලැබූවන්ගෙන් වැඩි දෙනෙක් අවමංගල්‍යයට සහභාගී වූවන් බව වාර්තාවේ දැක්වේ.
අනතුර පිළිබඳ පුවත පළ වී පැයකට පමණ පසු, නන්චැං ප්‍රාන්ත රථවාහන පොලිසිය රියදුරන්ට උපදෙස් නිකුත් කළේ ප්‍රදේශය “මීදුම සහිත කාලගුණයක්” අත්විඳින බව පවසමිනි.
පසුගිය මාසයේ, මධ්‍යම චීනයේ අධිවේගී මාර්ගයක් වාහන සිය ගණනක් අනතුරට ලක්වූ අතර එයට හේතුව ලෙසින්ද දැක්වූයේ අධික මීදුමත් සමග ඇතිවූ දෘෂ්යතාවයේ අඩුවීමයි.