තලවකැලේ හින්දු කෝවිල අසළ ගාල් කර තිබු ත්‍රිරෝද රථයක් තුළ බිළිදියක් අතහැර දමාගොස් තිබියදී ඊයේ (08දා) අලුයම 5.45 ට පමණ සොයාගෙන එම බිළිදිය ලිදුල ප්‍රාදේශිය රෝහල වෙත භාර දුන් බව තලවකැලේ පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක සමන්ත පෙරේරා මහතා පැවසිය.
ත්‍රිරෝද රථය දිනපතා කෝවිල අසළ ගාල් කර තැබෙන බවත්, නගරයේ පිරිසිදු කිරිමට පැමිණි තලවකැලේ ලිදුල නගර සභාවේ සේවකයින් විසින් ත්‍රිරෝද රථය තුළ කුඩා දරුවෙකු හඩන ශබ්දය ඇසි ඒ පිළිබදව සොයා බැලිමේදි ත්‍රිරෝද රථයේ පසුපස අසුනේ බිළිදියක් සිටින බවට දැක ඒ පිළිබඳව තලවකැලේ පොලිසිය දැනුවත් කර ඇත.
දින 12-14 පමණ වයසැති බිළිඳිය මනා ශරිර සෞඛ්‍යයකින් සිටින බවත්, එම බිළිදියට තලවකැලේ පොලිස් නිලධාරිනියෙකුගෙන් මව් කිරි ලබා දි එම බිළින්දිය ලිදුල ප්‍රාදේශිය රෝහල වෙත භාරදුන් බවයි පොලිස් ස්ථානාධිපතිවරයා කියා සිටියේ.
ත්‍රිරෝද රථය තුළ බිළිඳිය දමා ගිය අය පිළිබදව ආරක්ෂිත කැමරා දර්ශන ඔස්සේ තලවකැලේ පොලීසිය අංශ කිහිපයක් ඔස්සේ පුළුල් පරික්ෂණයක් ආරම්භ කර ඇත.
ලිදුළ ප්‍රාදේශිය රෝහලට ඇතුලත් කළ බිළිඳිය වැඩිදුර ප්‍රතිකාර සදහා නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහල වෙත මාරු කර යවා ඇත.
