විදෙස්ගත ශ්‍රමිකයන් නීතිමය මාර්ග හරහා රටට ගෙන එන ඩොලර් ප්‍රමාණය අනුව එම වටිනාකමෙන් සියයට 50ක අගයක් යටතේ විද්‍යුත් වාහනයක් ගෙන්වීම සඳහා අවසර ලබාදීමට කැබිනට් මණ්ඩලය කටයුතු කළ බව විදේශ රැකියා හා කම්කරු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවැසීය. අද පැවැති කැබිනට් රැස්වීමේදී මෙම තීරණය ගෙන තිබේ. එසේම ඔවුන් නී
ජනපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත යොමුකරන ලද ලිපිය අනුව ආර්ථික අර්බුදය විසඳීම සඳහා තම පක්ෂය ඉදිරිපත් කළ කළ මූලික උපායමාර්ගික ප්‍රවේශය ජනපතිවරයා විසින් නිවැරදිව තේරුම් ගෙන නොමැති බව පෙනී යන්නේ යැයි ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ජනපතිවරයා වෙත ලිපියක් යොමුකරමින් පවසයි.
Read Moreපානදුර , පින්වත්ත ප්‍රදේශයේ විහාරස්ථානයක් හිමිනමක විසින් අයිස්ක්‍රීම් බාස්කට් එකක බහා තිබූ රුපියල් හාරලක්ෂ පනස්දහසකට අධික මුදලක් සොරකම් කර ඇති බවට ඊයේ (01) ලද පැමිණිල්ලක් අනුව පරීක්ෂණ ආරම්භ කල බව පින්වත්ත පොලිසිය පවසයි.
Read Moreයූටියුබ් වීඩියෝ සකසන්නෙක් වන රතිඳු සේනාරත්න නොහොත් රැට්ටා යළිත් වරක් කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මැයි 21 දා කොළඹදී පැවැති විරෝධතාවකදී අධිකරණ නියෝග කඩකිරීමේ චෝදනාවක් යටතේ ඔහු මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreඛනිජ තෙල් මිල සූත්‍රයට අනුව ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 10 කින් අඩු කිරීමට කටයුතු කර තිබේ. ඒ අනුව ඔටෝ ඩීසල් ලීටරයක නව මිල රුපියල් 430 කි.
Read Moreඋඩරට දුම්රිය මාර්ගයේ වටවල සහ ඉහළ වටවල දුම්රිය ස්ථාන දෙක අතර දුම්රිය මාර්ගයට විශාල ගලක් පෙරලිමෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු වලට බාධා පැමිණ ඇති බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පැවසිය.
Read Moreශ්‍රී ලංකාවේ වාර්තමන ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් පවරා ඇති නඩුවේ වගඋත්තරකරුවන් වශයෙන් නම් කොට ඇති හිටපු අගමැති මහින්ද රාජපක්ෂ සහ හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහත්වරුන්ට විදේශ ගතවීම වළකාලමින් නිකුත් කොට තිබු නියෝගය ලබන 04 වැනිදා දක්වා තවදුරටත් දීර්ඝ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (01) නියම කළේය.
Read Moreශ්‍රී ලාංකික දෙමාපියන්ට දාව මෙරටදී උපදින දරුවන්ට උපතේදී රෙජිස්ටාර් ජනරාල් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන උප්පැන්න සහතිකයට පුද්ගලයන් ලියාපදිංචි කිරිමේ දෙපාර්තමේන්තුව නිකුත් කරන ජාතික හැඳුනුම්පත් අංකය ඇතුළත් කර උප්පැන්න සහතිකය නිකුත් කිරීම අද සිට ආරම්භ කරන බව රෙජිස්ටාර් දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreමධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට (01) දින ඇද හැලුණු අධික වර්ෂාවත් සමග හැටන් සිට මහවැලි ගගට ජලය ගලා බසිනා හැටන්ඔය පිටාර ගැලිමෙන් වටවල නගරයේ පහත්බිම් රැසක පිහිටි නිවාස 30 ක් පමණ ජලයෙන් යට වි ඇති බව වටවල පොලිසිය පැවසිය.
Read Moreපවත්නා අධික වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් කළු සහ නිල්වලා ගංඟා ආශ්‍රිතව ගංවතුර අවදානමක් මතුව ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreසහල් ආනයනය දෙසැම්බර් මස දක්වා අත්හිටුවන ලෙසට අමාත්‍ය මණ්ඩලයෙන් අද (01දා) ඉල්ලීමක් කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
Read Moreපොල්පිටිය පොලිස් වසමට අයත් හිටිගේගම බොකරවැවිල ප්‍රදේශය හරහා කැළණි ගගට ජලය ගලා බසින ඇළ මාර්ගයක් තරණය කිරිමට ගිය මිත්තණිය (60) සහ මිණිබිරිය (05) සැඩ පහරට අද (01දා) ගසාගෙන ගොස් ඇති බව පොල්පිටිය පොලිසිය පැවසිය.
Read Moreසම්මුතිවාදි රජයක් පිහිටුවිම වෙනුවට ප්‍රතික්ෂේප වූ දේශපාලඥයින් ජ්‍යෙෂ්ඨ උපදේශක තනතුරුවලට පත්කිරීමත් ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රතිසංස්කරණ බවට මෙතෙක් පත්ව ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පවසයි. තමාට ඡන්දය දුන් මන්ත්‍රීවරුන් සනසාලීම සහ ප්‍රතික්ෂේප වූ පක්ෂ හිතවතුන්ට ත්‍යාග පිරිනැමීම පැරණි ජඩ ක්‍රමයේම අඛණ්ඩ පැවැත්මක් බවද ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.
Read Moreපුත්තලම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයන් වල නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවල නොයෙදෙන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read Moreකාර්මික දෝෂයක් හේතුවෙන් තලෛයිමන්නාරමට උතුරින් වූ ශ්‍රි ලංකාවට අයත් මුහුදු ප්‍රදේශයට ගසා ගෙන පැමිණ තිබූ ඉන්දීය ට්‍රෝලර් යාත්‍රාවක සිටි ධීවරයින් 06 දෙනෙකු නිරුපද්‍රිතව මුදවා ගැනීමෙන් අනතුරුව, එම ධීවරයින් වෙත මානුෂීය ආධාර ලබා දී වෙනත් ඉන්දීය ධිවර යාත්‍රාවක් වෙත අන්තර්ජාතික මුහුදු සීමාවේදී භාරදීමට ශ්‍රි ලංකා නාවික හමුදාව ඊයේ (31දා) කටයුතු කළේය.
Read Moreපාර්ලිමේන්තුව විවෘත කිරීමේ උත්සවයේ විශේෂ පෙරහුරුවක් හෙට (02දා) පැවැත්වෙන බව වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවසීය.
Read Moreලිට්‍රෝ ගෑස් මිල ලබන 5දා වන විට අඩුකරන බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී මුදිත පීරිස් මහතා පවසයි.
Read Moreහිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ශ්‍රී ලංකාවට පැමිණීමට සුදුසු වේලාව මෙය නොවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසා තිබේ.
Read Moreශ්‍රී ලංකාව දරුණුතම මූල්‍ය ව්‍යසනයට මුහුණ දී ඇති බවත් දේශපාලන ස්ථාවරත්වය යථා තත්ත්වයට පත් කිරීමත් සමග ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පහසුකමක් ඳසහා වූ සාකච්ඡා අවසන් කිරීමත් සමඟ නව මාවතක් ආරම්භ කිරීමට හැකි වනු ඇති බවත් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.
Read Moreවව්නියාව ආච්චිපුරම් ප්‍රදේශයේ පදිංචිව සිටි තරුණ ව්‍යාපාරිකයෙකු ඊයේ (31දා) දින කිසියම් නාදුනන පිරිසක් විසින් අමානුෂිකව ඝාතනය කොට තිබියදී මළ සිරුර සොයාගත් බවට සිදම්බරපුරම් පොලීසිය පවසයි.
Read Moreශ්‍රී ලංකා නාවික හමුදාව වෙන්නප්පුව පොලිසිය හා එක්ව වෙන්නප්පුව නගරයේ ඊයේ (31දා) රාත්‍රී කාලයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටින් විදෙස් රටකට සංක්‍රමණය වීමට උත්සහ කළ බවට සැකකෙරෙන පුද්ගලයන් 47 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.
Read Moreජාතික ඉන්ධන බලපත්‍රය සඳහා මේ වන විට වාහන මිලියන 5ක් ලියාපදිංචි වි ඇතැයි විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
Read Moreආරච්චිකට්ටුව ආනවිලුන්දාව ඉන්ධන පිරවුම්හලේ ඊයේ (31දා) වාහන පෝලීමට අමතර දැව කපන යන්ත්‍ර සහ තණකොල කපන යන්ත්‍ර රැගත් පිරිසක් වෙනම පෝලිමක් සකස් කරදීමට ආරච්චිකට්ටුව පොලීසිය කටයුතු කළේය.
Read Moreනෝටන්බ්‍රිජ් විමලසුරෙන්ද්‍ර ජල විදුලි බලාගාර ජල පෝෂක ප්‍රදේශවලට අද (01දා) දින අලුයම සිට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග විමලසුරෙන්ද්‍ර ජලාශය වාන් දැමිමට ආරම්භ වි ඇති බව නුවරඑලිය දිස්ත්‍රික් ආපදා කලමණාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂක රංජිත් අලහකොන් මහතා පැවසිය.
Read Moreඉන්ධන මිල අඩු කළ හොත් ආපනශාලාවල ආහාර පානවල මිල සියයට විස්සකින් අඩු කරන බවත් ගෑස් සැපයීම ඉතා සක්රීයව සිදු කෙරෙන නිසා වසා දමා තිබූ ආපනශාලාවලින් බොහෝමයක්ම මේ වනවිට විවෘත කළ බව ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා ඇල්පිටියේ පැවති මාධය හමුවකදී කීවේය.
Read Moreඅගුණකොළපැලැස්ස බන්ධනාගාරයේ පිටත ආරක්ෂක කම්බි වැට අසල සඟවා තිබූ ජංගම දුරකථන හා දුමිකොල සුරුටිටු තොගයක් හමුවූ බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.
Read Moreයාල ජාතික අභයභූමියේ වනසතුන් නැරඹීමට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයින් සඳහා ලබා දෙන පහසුකම් ඉහළ නැංවීමට වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය විසින් පියවර රැසක් ගෙන තිබේ.
Read Moreගාලු මුවදොර මුහුදු වෙරළට ගොඩ ගසා තිබූ නාඳුනන පුද්ගලයෙකුගේ මළ සිරුරක් අද අළුයම හමුවූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය
Read Moreජාතික ඉන්ධන බලපත්‍රයට අනුව ඉන්ධන නිකුත් කිරීම අද (01දා) සිට ආරම්භ කෙරිණ. මේ අනුව දිවයින පුරා පිහිටි ඉන්ධන හල් තුළින් QR ක්‍රමවේදය අනුව ඉන්ධන නිකුත් කරයි.
Read Moreඉන්දියාවේ සිය පළමු වැනි මන්කිපොක්ස් මරණය දකුණු කේරළ ප්‍රාන්තයෙන් ඉරිදා වාර්තා වූ බව ඉන්දියන් එක්ස්ප්‍රස් පුවත්පත ප්‍රාන්ත සෞඛ්‍ය අමාත්‍ය වීනා ජෝර්ජ් උපුටා දක්වමින් පවසයි.
Read More