saravita-anim2

2025 සැප්තැම්බර් මස 29 වන සඳුදා

2025 සැප්තැම්බර් මස 29 වන සඳුදා

Latest News - timelapse 5033 hours ago

LATEST

සංවිධානාත්මක අපරාධකරුවෝ තරගයට වවුචර්පත් බෙදති

calendar_today 2022 අගෝ 02 - 19:30 remove_red_eye - 1550  

විදේශගතව සැඟව සිටින සංවිධානාත්මක අපරාධ කරුවකු වන ශාන් අරෝශ් ජයසිංහ හෙවත් මතුගම ශාන් නැමැත්තාගේ උපන්දිනය සමරා මතුගම ප්‍රදේශයේ තෑගි වවුචර බෙදා හැර ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.

එංගලන්තයේ බර්මින්හැම් හි පැවැත්වෙන 22 වැනි පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරගාවලියට එක්ව සිටි ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩිකාවක් හා සහ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු අතුරුදන් වී තිබේ.

Read More

’’රාජපක්ෂ සෙවනැලි ආණ්ඩුව’’ මේ වෙනවිට රාජ්‍ය ප්‍රචණ්ඩත්වය සහ රාජ්‍ය මිලේච්ඡත්වය පාවිච්චි කරමින් ජනතාව පෙළීමට කටයුතු කරමින් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

Read More

මේ වන විට කොවිඩ් වසංගත තත්ත්වයේ යම් වැඩිවීමක් පෙන්නුම් කරන බැවින් එය පාලනය කිරීම සඳහා එන්නත්කරණය තවදුරටත් වේගවත් කරන ලෙස සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා අදාළ නිලධාරීන් වෙත අද (02) උපදෙස් ලබා දුන්නේය.

Read More

එංගලන්තයේ බ්‍රින්හැම්හි පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලයීය තරගාවලියේ මීටර් 100 පිරිමි තරගයේ සුදුසුකම් ලැබීමේ තරගයකට ක්‍රිඩා කළ ශ්‍රී ලංකායේ සුපුරි කෙටිදුර ධාවන ශූර යුපුන් අබේකෝන් එහි පළමු ස්ථානය දිනා ගැනීමට සමත්විය. යුපුන් එම තරගය තත්පර 10.06කින් නිම කළ අතර ඒ අනුව ඔහු අවසන් පූර්ව තරගය සඳහා සුදුසුකම් ලබාගත්තේය.

Read More

වරාය හා නාවික අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වූ නිමල් සිරිපාල ද සිල්වා මහතා යළිත් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ එම අමාත්‍යධුරයේම දිවුරුම් දී තිබේ.

Read More

භාණ්ඩ නිෂ්පාදකයින් සහ අලෙවිකරුවන් පිරිවැයට වඩා විශාල ලාභයක් තබා ගන්නා බව තමන් දන්නා බවත් සියයට සියයක් බඩුමිල වැඩි බැවින් මේ සදහා පියවර ගැනීමට යම් කාලයක් අවශ්‍යවන බවත් වෙළඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පැවසීය.

Read More

ගමනාන්තය දක්වා ධාවනය කිරීමට ප්‍රමාණවත් ඉන්ධන නොමැති නම් අධිවේගී මාර්ගයට වාහන ඇතුළු වීමෙන් වළකින ලෙස අධිවේගී නඩත්තු ඒකකය අධිවේගී මාර්ග භාවිත කරන රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.

Read More

වෘත්තීය සමිති ක්‍රියාකාරිකයෙකු වූ සමන් රත්නප්‍රිය මහතා, ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් ලෙස පත් කර තිබේ.

Read More

ලංකා ඔටෝ ඩීසල් ලිටරයක් රුපියල් 10කින් පහත දැමූවත් ඒ හා සාපෙක්ෂව බස් ගාස්තු හෝ පාසල් ළමුන් ප්‍රවාහන කරන වෑන් රථ ගාස්තු අඩු නොකිරීමට එම සංගම් තීරණය කර තිබේ. ගාස්තු පහළ දැමීමට තරම් මෙම මිල අඩු කිරීම ප්‍රමාණවත් නොවන බව එම සංගම් සඳහන් කරයි.

Read More

නාගරික සංවර්ධන අධිකාරියේ නව සභාපතිවරයාලෙස නිමේෂ් හේරත් මහතා පත්කර තිබේ. නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විසින් මෙම පත්කිරීම සිදුකර ඇත.

Read More

මේ වසරේ උද්ධමනය 7.75%ක් දක්වා ළඟා වනු ඇතැයි අපේක්ෂා කරන බවත්, ස්ථාවර මට්ටම් කරා ආපසු යාමට වසර දෙක තුනක් ගත විය හැකි බවත් ඔස්ට්‍රේලියානු මහ බැංකු අධිපති කියයි.

Read More

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සිංගප්පූරුවේදී කිසිදු වරප්‍රසාදයක් හෝ මුක්තියක් ලබා නොදෙන බව සිංගප්පූරු විදේශ අමාත්‍යවරයා ඊයේ ප්‍රකාශ කළේය.

Read More

එක්සත් ජනපද කථානායිකා නැන්සි පෙලොසි තායිවානයේ සංචාරයක නිරත වන බවට වූ කතාබහ සමග චීනය ඊට දැඩි විරෝධතාවක් සමග මෙම අභ්‍යාස අරඹා තිබේ.

Read More

පොදු ප්‍රවාශනය යථා තත්ත්වයට පත්විමත් මෙන්ම QR ක්‍රමය යටතේ ඉන්ධන ලබාදීමත් සමග ප්‍රවාහනය යථා තත්ත්වයට පත්ව ඇති හෙයින් රජයේ නිලධාරීන්ට සිකුරාදා දිනය නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කිරීම අවලංගු කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

Read More

මින් ඉදිරියට මෙවැනි සිදුවීම් ඇති නොවීමට ගං ඉවුර ආශ්‍රිත ඉඩම්වල වෙසෙන ජනතාවට එම ස්ථානයෙන් ඉවත් වන ලෙස පොලිසිය දැනුම් දී ඇත.

Read More

පවතින තත්ත්වය අනුව දිනකට ඉන්ධන ආනයනය කිරීම වෙනුවෙන් රුපියල් කෝටි 700ක් වැය වන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා කැබිනට් මණ්ඩලය දැනුවත් කළ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.

Read More

ජර්මනියේ Mars-II බහු දියත් රොකට් පද්ධති (MLRS) කාණ්ඩයේ තෙවැන්න යුක්රේනයට පැමිණ ඇති බව එරට ආරක්ෂක අමාත්‍ය ඇලෙක්සි රෙස්නිකොව් නිවේදනය කරයි.

Read More

විධායක ජනපතිධුරය මුලුමනින්ම අහෝසි කරන්නේ නම් පවතින ව්‍යවස්ථාව වෙනුවනට නව ව්‍යවස්ථාවක් ගෙන ආ යුතු බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පැවැසීය. වත්මන් ව්‍යවස්ථාවේ පදනම විධායක ජනපති ක්‍රමය බවද ඔහු සඳහන් කළේය.

Read More

උඩරට නීතිය අනුව කාන්තාවක් විවාහ වීමේදි දෙමාපියන්ගේ අවසර ලබාගත යුතුය යන කරුණ සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබුණ බව අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පැවැසීය. මෙම කරුණ ලංකාවේ මූලික නීතියට පටහැනි බවත් මිට අමතරව විවාහ ලියාපදිංචි කිරීමේ කරුණුද සංශෝධනය කිරිමට නියමිත බව අමාත්‍යවරයා පැවැසීය.

Read More

’’මගේම මතය නම් යුක්රේනයේ මෙම යුද්ධය අවසන් වන්නේ පිපිරුමකින් නොව කෙඳිරිල්ලකින්. අවසානයේදී අපට නිශ්ශබ්දව සම්පත් නැති වී යන ආකාරය බලාගෙන ඉන්න පුළුවන්’’

Read More

අමාත්‍යධුරයක් අහෝසි වූ විට ඒම අමාත්‍යාංශයේ ලේකම් ධුරයද අහෝසි වන බවට සඳහන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වගන්තිය ‌22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා සංශෝධනය කරන බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පැවැසීය. මේ අනුව අමාත්‍යධුරයක් අහෝසි වූ පමණින් ලේකම්ධුරය අහෝසි නොවි නව ලේකම්වරයෙක් පත්වන තෙක් සිටින ලේකම්ට කටයුතු කරගෙන යාමට නව ව්‍යවස්ථා සංශෝධනය හරහා අවස්ථාව ලැබී තිබේ.

Read More

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අද දිනයේදී ගැසට් පත්‍ර යේ පළි කිරීමටත්, දින 7ක් ගතවීමෙන් පසුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පැවැසීය.

Read More

දුම්රිය දෙපාර්තමේන්තුව විසින් මගීන්ට දැරිය නොහැකි ගාස්තු සංශෝධනයක් සිදු කර ඇති බවත් දුර පළාත්වල සිට කොළඹට රැකියාවන් සඳහා පැමිණෙන මගීන්ට එම දුම්රිය ප්‍රවාහන ගාස්තු වැඩි වීම දරාගත නොහැකි බවත් මගින් පවසයි.

Read More

ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ කොල්ලුපිටිය ප්‍ර දේශයේ පිහිටි නිවසර අයුතු ලෙස ඇතුළු වී ගිනි තබා විනාශ කිරීමේ සිදුවීමට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.ා

Read More

දිවයිනේ ස්ථාන තුනකදි දියේ ගිලීම් හේතුවෙන් සිදුවූ අනතුරු හේතවෙන් පුද්ගල මරණ හා අතුරුදන්විම් 03ක් වාර්තා වී තිබේ.

Read More

ඇෆ්ගනිස්ථානයේදී ඇමෙරිකාව එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාරයකින් අල්කයිඩා නායක අයිමන් අල් සවාහිරි ඝාතනය කළ බව ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩෙන් තහවුරු කළේය.

Read More

මැයි මාසයේදී අගමැති ධූරයට සහ ජුලි මාසයේදී ජනාධිපති ධූරයට පත් රනිල් වික්‍රමසිංහ මහතා අනුගමනය කළ බොහෝ ක්‍රියාමාර්ග සාමූහික දේශපාලන ක්‍රියාමාර්ගයක් සඳහා අත්‍යවශ්‍ය පුර්ව කොන්දේසියක් ලෙස තිබිය යුතු ’’මහජන විශ්වාසය’’ බරපතල ලෙස උල්ලංඝනය වන අකාරයට බව කණගාටුවෙන් වුවද ප්‍රකාශ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ජනපති රනිල් වික්‍රමසිං මහතා වෙත ලිපියක් යොමුකරමින් පවසයි.

Read More

ලංවිම ප්‍රතිව්‍යුහ ගත කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබුණ බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. මේ වෙනුවෙන් අවශ්‍ය නිර්දේශ ලබාදීම වෙනුවෙන් කමිටුවක් පත්කරන බවත් එම පත්කරන දින සිට මසක් ඇතුළත ඔවුන් සිය නිර්දේශ ඉදිරිපත් කළ යුතු බවත් අමාත්‍යවරයා පවසයි.

Read More

ගුවන් තොටුපොලේදී ඇමෙරිකානු ඩොලර් ගෙවීමට කැමති විදෙස් ගත ශ්‍රමිකයන්, විදේශ සංචාරකයන් හා ද්විත්ව පුරවැසියන් සඳහාද ඉන්ධන බලපත්‍රය නිකුත් කරන ලෙස විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතාට තමන් කළ යෝජනාවට අමාත්‍යවරයා එකඟ වූ බව විදේශ රැකියා හා කම්කරු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසයි. ඔවුන්ට ඉන්ධන පෝලිම්වල නොසිට ඉන්ධන ලබා ගැනීමට හැකියාව ඇති බවත් අමාත්‍යවරයා සිය ට්විටර් ගිණුමෙන් පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.