මරණ සහතිකය රිලව් රැුගෙන ගොස් ඇති අතර දවස පුරා සෙව්වත් එය සොයා ගැනීමට නොහැකි වු තැන නැවත වතාවක් මරණ සහතිකයේ පිටපතක් ලබා ගැනීමට සිදු වු පුවතක් සම්බන්ධයෙන් අරණායක ප්රදේශයෙන් වාර්තා විය.
අරණායක රහල ප්රදේශයේ මිය ගිය කාන්තාවකගේ මරණ සහතිකයක් ලබා ගැනීමට මිය ගිය කාන්තාවගේ ස්වාමිපුරුෂයා ප්රදේශයේ විවාහ උප්පැන්න මරණ රේජිස්ටාර් වරයා වන ගාමිණි ඇටම්පාවල මහතා වෙත පැමිණ ඇත. එතුමා විසින් මරණ සහතිකය ලබා දී ඇති අතර එය රැුගෙන එම කාර්යාලයෙන් පිට වු අදාල පුද්ගලයා තමා පැමිණි පා පැදියේ එල්ලා තිබු කෙසෙල් ඇවරිය ඇති මල්ලට එය දමා ගෙන එම ස්ථානයෙන් පිටව ගොස් තිබුණි.
නිවස වෙත යන අතරේ තම නිවසට ආසන්නයෙන් ඇති හිතවත් නිවසකට ගොඩ වි ඇත්තේ පා පැදියේ කෙසෙල් ඇවරිය සහ මරණ සහතිකය එහි තබාය. නමුත් එම නිවසින් ආපසු පැමිණ නැවත වතාවක් තම නිවස බලා යෑමට පා පැදිය අසලට පැමිණ පසුව එහි තිබු කෙසෙල් ඇවරිය තිබු මල්ල එහි නොමැති බව තේරුම් ගිය ඔහු වට පිට විපරම් කර බලද්දි ඒ අවට රිලවුන් විශාල පිරිසක් දැක ඇත.
කදු සහිත කොටසක් වන මෙහි රිලවුන් රැගෙන ගිය කෙසෙල් ඇවරිය තිබු මල්ලේ තිබුණු මරණ සහිතක සොයමින් තවත් කිහිප දෙනෙකු සමග දවසක් පුරාවට මහන්සි වි එය සොයා ගැනීමට උත්සාහ කර අතර මෙ වන තෙක් එම මරණ සහතිකය සොයා ගැනීමට නොහැකි වු තැන නැවත වතාවක් අදාල බල ප්රදේශයේ උප්පැන්න මරණ රේජිස්ටාර්වරයා දැනුවත් කර පසු රේජිස්ටාර්වරයා විසින් නැවත එහි පිටපතක් ලබා ගන්නා අකාරය එම පුද්ගලයා දැනුවත් කර තිබුණි. ඒ අනුව එම පිටපත පසුගිය දින නැවත වතාවක් අරණායක ප්රාදේශිය ලේකම් කාර්යාලය හරහා ලබා ගෙන තිබුණි.
මාවනැල්ල සමන් විජය බණ්ඩාර