යාපනය ගුරුනගර් ප්‍රදේශයේ ධීවරයෙකු මසුන් ඇල්ලීමට යාමේදී ජෙලිෆිස් ප්‍රහාරයකට ලක්ව ප්‍රතිකාර ලබමින් සිටියදී පෙරේදා (07දා) දින මියගොස් ඇතැයි යාපනය පොලීසිය පවසයි.
මෙම ධීවරයා පසුගිය සැප්තැම්බර් මස 09දා ගුරුනගර් මුහුදු තීරයේදී මසුන් ඇල්ලීමට ගිය අවස්ථාවකදී ජෙලිෆිස් ප්‍රහාරයකට ලක්ව යාපනය ශික්ෂණ රෝහලේ මාසයකට අධික කාලයක් ප්‍රතිකාර ලබා නිවසට ගොස් ඇතත් තුවාල සම්පූරණයෙන් සුව නොවීම හා යහපත් සෞඛ්‍ය තත්වයකින් නොසිටීම හේතුවෙන් නැවත අසනීප වී රෝහල් ගතකොට ඇත.
එහිදී රෝගියාගේ තුවාල සුව නොවීම හා සිරුරේ වෙනත් ඉන්ද්‍රියන් අකර්මන්‍ය වී බරපතල තත්වයේ සිටි ධීවරයා ඊයේ (07) දින මිය ගොස් ඇත.
මිය ගිය ධීවරයාගේ මරණපරික්ෂණයෙන් හෙළි වී ඇත්තේ ජෙලිෆිස් විෂ හේතුවෙන් සිදුවූ තුවාල සුව නොවීම හා එම තුවල මගින් විෂබීජ ඇතුලුවී රෝගියාගේ සිරුරේ බොහෝ ඉන්ද්‍රියන් අකර්මන්‍ය වීම හේතුවෙන් මෙලෙස මිය ගොස් ඇති බවටයි.
මෙලෙස ජෙලිෆිස් ප්‍රහාරයට ලක්ව මිය ගොස් ඇත්තේ යාපනය ගුරුනගර් ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි ඇල්ජින් ජෙනිරාජ් නැමැති ධීවරයෙකි.