හිටපු ජනාධිපති ගෝඨාභය මහතාගේ නිවසට ගමන් ගන්නා ජොස්වෙල් හන්දිය රාජකාරි යොදවා සිටි පොලිස් කොස්තාපල්වරයකු පොලිස් සැරයන්වරයකු ට ටි 56 ගිනි අවියකින් වෙඩි තැබීමට කළ උත්සාහයක් පොලිස් පරීක්ෂකවරයෙකුගේ ක්ෂණික මැදිහත්වීම මත නූලෙන් වැළකී ගොස් ඇතැයි මිරිහාන මූලස්ථාන පොලීසිය කියයි.
සැකකාර කොස්තාපල්වරයා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු මිරිහාන මූලස්ථාන පොලීසියට අනුයුක්තව සේවය කරන්නෙකි. පොලිස් පරීක්ෂකවරයෙකු, සැරයන්වරයකු හා සැකකාර කොස්තාපල්වරයා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිවසට ගමන් ගන්නා එක් මාර්ගයක් වන පරණ කොට්ටාව පාර ජොස්වෙල් හන්දිය රාත්රී ආරක්ෂක රාජකාරියේ යෙදී සිටියදී කොස්තාපල්වරයා රාජකාරි නොකර නින්දට ගොස් තිබූ බව පොලිසිය කියයි.
එලෙස නොකරන ලෙස සැරයන්වරයා කීප වතාවක්ම අවවාද කිරීමෙන් අනතුරුව ඊට උරණ වූ කොස්තාපල්වරයා අත දරා සිටි ටී-56 ගිනි අවිය සැරයන්වරයා දෙසට හරවා එහි කොකා ගැස්සීමට උත්සාහ දැරීමත් සමගම එම ස්ථානයේ සිටි පොලිස් පරීක්ෂකවරයා මහ හයියෙන් කෑ ගසා කොස්තාපල්වරයා වෙත කඩා කඩා පැන ගිනි අවිය උදුරා ගෙන තිබූ බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
අනතුරුව සැරයන් වරයා පොලිසියට කරන ලද පැමිණිල්ලක් අනුව සැකකාර කොස්තාපල්වරයා අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකාර කොස්තාපල්වරයා මීට වසර හතරකට ඉහතදී පොලිස් දෙපාර්තමේන්තුවේ සේවයට බැඳී ඇති පුද්ගලයෙක් බවත් වයස අවුරුදු 25 ක්වන ඔහු පොල්පිතිගම පදිංචිකරුවෙකි.
සැකකාර කොස්තාපල්වරයා නුගේගොඩ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. මිරිහාන මූලස්ථාන ප්රධාන පොලිස් පරීක්ෂක මංජුල තුෂාර මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පැවැත්වේ පරීක්ෂණ පවත්වයි