ඡන්දයක් භාවිත කරන විට හැමදාම කරන දේ නොකර හරියට හිතලා අභියෝග කළොත් තුනේ කෑලි 70-80 ඉක්මවා යා හැකි බව ජනප්‍රිය ගායක ෂිහාන් මිහිරංග පවසයි.
හිරු ස්ටාර් සිසන් 3 තරගාවලිය යටතේ ඊයේ පැවැති තරගයේදී අමීෂ මිනෝල් හා සහන් ප්රබුද්ධ සියයට 95ක මනාප ප්‍රතිශතයක් ලැබීමෙන් පසුව ඔවුන්ගේ මත පළ කිරීමේදී මෙම අදහස් දැක්වීය.
මෙවර තරගාවලිය යටතේ මුලින්ම සියයට 95ක ප්‍රතිශතයක් ලබාගත්තේ අමීෂ මිනෝල් වූ අතර එය බිඳ හෙළීමට නොහැකි වාර්තාවක් බවට මත පළ විය. ඉන් අනතුරුව ගායනා කළ සහන් ප්රබුද්ධද සියයට 95ක ප්‍රතිශතකයක් ලබාගත්තේය.
කෙසේ වෙතත් දශමස්ථානයකින් අමීෂ මිනෝල් තරගයෙන් ඉදිරියට ගියේය. මෙම සිදුවීම දේශපාලනයට ගලපමින් ෂිහාන් සිය අදහස් දැක්වීය.
"දැන් වෝට් එක කියන එක ගැන ජනතාව හොඳටම තෙම්පරාදු වෙලා හැදිලා තියෙන්නේ. මම සතුටුයි මෙහෙම වෙනවනම් අනිත් දේවල් වලදීත්. ඡන්දයක් පාවිච්චි කරද්දී හැමදාම කරපු දේ කරන්නේ නැතිව හරියට හිතලා අභියෝග කරන්න පුළුවන් ඔය තුනේ කෑල් 70 80 පනිනනවා. නාට්ටි බලන්න ඕන. අපිට හදවතට සතුටක් ගේන තත්පරයක්වත් නෑනේ.
ප්‍රවෘත්තියක් අහද්දිවත්. අහගෙන ඉන්න. ළංවෙද්දී අලුත් කථා, නාට්ටි එහෙට පෙරලෙනවා මෙහෙට පෙරළෙනවා. ළංවෙද්දී පරණ කථා ආපහු මතක් කරනවා.
අපි ආවොත් හොඳයි වගේ. අහගෙන ඉන්න. හැබැයි මේ වගේ වෙනස් කරන්න පුරුදු වෙන්න. පරද්දන්න බෑ වගේ හිතනවානේ වෙන කවුරුත් නෑ වගේ."
