saravita-anim2

2026 මාර්තු මස 04 වන බදාදා

2026 මාර්තු මස 04 වන බදාදා

Latest News - timelapse 443 hours ago

LATEST

කාබනික පොහොර නිශ්පාදනයට ගෙන්වූ රු. කෝටි 4ක යන්ත්‍ර වතුරේ

calendar_today 2025 නොවැ 23 - 11:45 remove_red_eye - 150  

වයඹ පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් කාබනික පොහොර නිෂ්පාදනය කිරිම සදහා රුපියල් හාරකෝටි, අසුනමලක්ෂ, හැත්තැහත්දහස් හයසියයක (48,977,600) මුදලක් වැයකොට Huller යන්ත්‍ර 112 ක් මිලදි ගෙන තිබුනද වර්තමානයේ කාබනික පොහොර නිෂ්පාදනය නොකිරිම නිසා ඒ සදහා වැයකොට ඇති මුදල නිශ්කාර්ය වියදමක් බවට පත්ව ඇති බව ජාතික විගණන කාර්

දිවයින පුරා දැනට පවතින්‍ වැසි තත්ත්වය ඉදිරි දින්‍ කිහිපයේදීත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව අද දිනයේදී උතුරු හා උතුරු-මැද පළාත්වලත් ත්‍රිකුණාමලය හා මඩකලපුව දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවද එම දෙපාර්තමේන්තුව පවසයි.

Read More

ගලෙන්බිදුණුවැව ප්‍රදේශිය ලේකම් කොට්ඨාසයේ සියඹලෑව පුලියන්කුලම , මයිලගස්වැව,හිඹුටුගොල්ලෑව යන ප්‍රදේශවල බොහෝ ගොවීන් ගොඩ බෝගයක් ලෙස වර්ෂයේ සෑම කන්නකදීම අමු මිරිස් වගාව සිදුකිරීම දක්නට ලැබෙන මේ වන විට වගාවෙහි අස්වනු නෙලීම සිදු කරමින් පවතී.

Read More

කඩුගන්නාව කොළඹ ප්‍රධාන මාර්ගයේ සිදුව ඇති ආපදා තත්වයත් සමඟ වසා ඇති ඒ 01 ප්‍රධාන මාර්ගය නැවත විවෘත කිරීම ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නිර්දේශය අනුව පමණක් සිදු කරන බව ප්‍රවාහන සහ මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා කීය. මහනුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා එසේ කීය.

Read More

මෙවර ශ්‍රීපාද වන්දනා සමය (2025/2026) ආරම්භ වීමට තවත් ඇත්තේ සති දෙකක පමණ කාලයකි.සූර්ය උදාව ඉතා මනස්කාන්ත අයුරින් දර්ශනය වන ලොව පිහිටි සුප්‍රසිද්ධ ස්ථානය ලෙස දෙස් විදෙස් සංචාරකයින් අතර ප්‍රචලිතව ඇත්තේ ශ්‍රී පාදස්ථානයයි.

Read More

2026 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත කාරක සභා අවස්ථා විවාදයේ හත්වන දිනය වන අද (22) විවාදයට ගැණුනු සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ වැය ශීර්ෂ ඡන්ද විමසීමකින් තොරව, සංශෝධන සහිතව සම්මත විය.

Read More

පහළ කඩුගන්නාව ප්‍ර දේශයේ වෙළඳසැලක් කිහිපයක් මතට ගල් සමග පස් කන්දක් කඩා වැටීමෙන් සිදුවූ අනතුරින් මිය ගිය ගණන 6ක් දක්වා ඉහළ ගොස් තිබේ. සුන්බුන්වලට සිරව සිටි පිරිසක් මෙසේ ජීවත්ක්ෂයට පත්ව තිබේ.

Read More

මුදල් අමාත්‍යාංශය යටතේ ඇති ප්‍රධාන ආදායම් උත්පාදන ආයතනවලවල 2025 සැප්තැම්බර් මස දක්වා සමස්ත මූල්‍ය කාරය සාධනය පිළිබඳ සලකා බැලීම රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී සිදු විය.

Read More

පහළ කඩුගන්නාව ප්‍ර දේශයේ වෙළඳසැල් කිහිපයක් මතට ගස් සමග පස් කන්දක් කඩා වැටීමෙන් සිදුවූ අනතුරින් මිය ගිය ගණන 5ක් දක්වා ඉහළ ගොස් තිබේ. සුන්බුන්වලට සිරව සිටි පිරිසක් මෙසේ ජීවත්ක්ෂයට පත්ව තිබේ.

Read More

දුම්රිය කාර්‍යමණ්ඩයල නැවත එහි පිලි ගත කිරීම් සිදු කල නමුත් නැවතත් එම දුම්රිය එම ස්ථානයේම පිලි පැනීමට ලක් ඇත.

Read More

මහනුවර පහළ කඩුගන්නාවේ නායයෑම සිදුවූ ස්ථානයේ සිරවි සිටි කාන්තාවක් මුදා ගැනීමට සහන කණ්ඩායම් සමත්ව තිබේ. එහි සිරවී සිටින තවත් පිරිසක් මුදා ගැනීමට මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකයි.

Read More

සමූපකාර ක්‍ෂේත්‍රයේ ගැටලු සාකච්ඡාකිරීමට වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන ගරු අමාත්‍ය වසන්ත සමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩුකාරවරුන්, පළාත් සමූපකාර අමාත්‍යංශය ලේකම්වරුන්, පළාත් සමූපකාර සංවර්ධන කොමසාරිස් සහ රෙජිස්ට්‍රාර්වරුන් සමග විශේෂ සාකච්ඡාවක් පාර්ලිමේන්තුවේ පැවැත්විණි

Read More

මහනුවර, පහළ කඩුගන්නාව ප්‍රදේශයේ වෙළඳසැලක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් සිදුවූ අනතුරින් පුද්ගලයෙකු මියගොස් තිබේ. සුන් බුන් අතර සිරවී සිටි පුද්ගලයින් සිව්දෙනෙකු මුදාගෙන මාවනැල්ල මූලික රෝහලට ඇතුළත් කර ඇත.

Read More

පදියතලාව ප්‍රාදේශිය සභාවේ අයවැය පසුගිය 14 වෙනි දින පරාජයට පත්වු අතර එම අයවැය දෙවෙනි වරට පදියතලාව ප්‍රා දේශිය සභාවේදි අද 21 පැවැති අතර එය දෙවෙනි වරටත් පරාජය විය. අයවැයට පක්ෂව ජන්ද 07 ලැබුන අතර විපක්ෂව ජන්ද 12 ක් ලැබි තිබේ.

Read More

මධ්‍යම කදුකරයට ඇද හැලෙන වර්ෂාව නිසා අද දින (22) පෙරවරුව වනවිට පොල්ගොල්ල මහවැලි ජලාශයේ වාන් දොරටු හතරක් විවෘතව පවතින බව වේල්ල භාර ඉංජිනේරු කාර්යාලය සඳහන් කළේය.

Read More

අධික වර්ෂාවත් සමග අද (22) පෙරවරුවේ මහනුවර, පහළ කඩුගන්නාව ප්‍රදේශයේ වෙළඳසැලක් මතට පස් කඳු කඩා වැටීමක් සිදුව තිබේ. මෙම අනතුරින් එම වෙළඳසැලෙහි සිටි තිදෙනෙකු තුවාල ලබා මාවනැල්ල රෝහලට ඇතුළත් කර ඇත. එමෙන්ම තවත් කිහිප දෙනෙකු සුන්බුන් තුළ සිරවී සිටින බවට වාර්තා වේ. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ ඔවුන් මුදාගැනීම සඳහා මේ වනවිට මෙහෙයුමක් ආරම්භ කර ඇති බවය. අප වාර්තාකරු පැවසුවේ ගනේතැන්න ප්‍රදේශයේ නුවර-කොළඹ ප්‍රධාන මාර්ගය අසල පිහිටි වෙළඳසැලක්

Read More

දිවයිනේ වැසි තත්ත්වයේ වැඩිවීමක් ඉදිරි දින වලදී බලාපොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. අද දිනයේදී උතුරු, උතුරු-මැද හා නැහෙනහිර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව එම දෙපාර්තමේන්තුව පවසයි.

Read More

මෙරට ඖෂධ සැපයුම් ක්‌ෂේත්‍රයේ සුවිශාල පෙරළියක් ඇති කරමින් පාරිභෝගිකයින් සඳහා ඖෂධ වර්ග 350 ක මිල දැවැන්ත ලෙස පාලනය කිරීමට හා නියාමනය කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවැසීය. මේ තුළින් මෙරට වෙළෙදපොලේ ඖෂධ රැසක මිල ගණන් දැවැන්ත ලෙස අඩුවන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Read More

කොටහේන පොලිස් වසමේදී 07 වන දින කාර් රථයකින් පැමිණි පුද්ගලයෙකු විසින් ගිනි අවියකින් වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමේ අපරාධය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය මඟින් විමර්ශනයක් ආරම්භ කර තිබිණි.

Read More

විෂ මත්ද්‍රව්‍ය තුරන් කිරිම වෙනුවෙන් ක්‍රියාත්මක කරනු ලබන ජාතික මෙහෙයුම වන රටම ඒකට මෙහෙයුමෙන් ඔක්තෝබර් 30 සිට නොවැම්බර් 20 දා දක්වා සැකකරුවන් 23 550ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මූලස්ථානය කියයි.

Read More

මෙරට වී නිෂ්පාදනය පසුගිය යල කන්නයේ දි වී මෙට්‍රික්ටොන් මිලියන 2.2ක් දක්වා සියයට 11.7කින් වැඩිවි ඇති බැව් අයවැය, ආර්ථික සහ මුල්‍ය තත්ත්වය පිළිබද වාර්තාවේ සදහන් වේ.

Read More

2025-05 ශ්‍රේණි ශිෂ්‍යත්ව පරීක්ෂණයේ ප්‍රතිඵල මත පාසල්වල 2026-06 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමට අදාළ පාසල් කඩඉම් ලකුණු www.moe.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ලබාගත හැක. ලැබී ඇති පාසල https://g6application.moe.gov.lk වෙබ් අඩවියෙන් පරීක්ෂා කරගත හැක.

Read More

ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව 2025 ඔක්තෝම්බර් මාසයේ මෙරට ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය 2.7% ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි. 2025 සැප්තැම්බර් මාසයේ දී එම අගය 2.1% ක් විය.

Read More

රට තුළ කිසිදු පොහොර හිඟයක් නොමැති බව කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඩබ්ලිව්.ඒ.ආර්.තුෂාර වික්‍රමාරච්චි මහතා කීය. ඒ මහතා එම අදහස් ප්‍රකාශ කළේ පේරාදෙණිය ගන්නෝරුවේ පිහිටි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ජාතික කෘෂිකර්ම තොරතුරු සහ සන්නිවේදන මධ්‍යස්ථානයේ 20 සවස පැවැති මාධ්‍ය හමුවකදීය.

Read More

අස්වැසුම ප්‍රතිලාභින් 43,703 දෙනෙකුට බැංකු ගිණුම් නොමැතිකම හේතුවෙන් ඔවුන්ගේ හිමිකම් ප්‍රතිලාභ ඉකුත් වර්ෂයේ දි (2024) ලැබි නොතිබු බවට අනාවරණය වි ඇත.

Read More

ඩිජිටල්කරණය කිරීමේ සුවිශේෂී පියවරක් ලෙස, ශ්‍රී ලංකා අධිකරණ ඉතිහාසයේ පළමු වරට අද දින ජනාධිපති නීතිඥ දිවුරුම් දීමේ උත්සවයේදී ඩිජිටල් අත්සන ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් හඳුන්වා දෙන ලදී. සාම්ප්‍රදායිකව, මෙම ක්‍රියාවලිය ‍‍භෞතිකව සිදු කරන ලබන්නක් වන අතර 2025.11.20 දින අත්කරගත් මෙම ජයග්‍රහණය ඓතිහාසික සන්ධිස්ථානයක් බව අධිකරණ අමාත්‍යාංශය පවසයි.

Read More

එකම පවුලේ පිරිසක් ගමන් ගත් ත්‍රීරෝද රථයක් පෞද්ගලික බස් රථයක ගැටී (21) දින සිදු වූ අනතුරකින් ත්‍රීරෝද රථයේ ගමන් ගත් කාන්තාවක් ජීවිතක්ෂයට පත් වී අවුරුදු 08ක කුඩා ළමයෙකු ඇතුලු තවත් සිව් දෙනෙකු බරපතල තුවාල ලබා මහනුවර දිස්ත්‍රික් මහ රෝහල වෙත සහ රිකිල්ලගස්කඩ ප්‍රාදේශිය රෝහල වෙත (21) දින ඇතුලත් කල බව රිකිල්ලගස්කඩ පොලිසිය පැවසීය.

Read More

මාලදිවයිනේ රැකියා අවස්ථා ඇති බවට ව්‍යාජ දැන්වීම් ප්‍රචාරය කරන පිරිසක් විසින් ශ්‍රි ලාංකික ශ්‍රමිකයින් මුලාකරමින් මූල්‍ය වංචාවල නිරතවන බවට ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි. මාලදිවයිනේ ශ්‍රි ලංකා මහ කොමසාරිස් කාර්යාලය විසින් මේ සම්බන්ධව වාර්තා කර ඇති බවද කාර්යාංශය සඳහන් කරයි.

Read More

‘වංචනික මාලිමා ආණ්ඩුවේ මුග්ධ පාලනයට එරෙහි මහා ජන හඬ’ යන තේමාව යටතේ විපක්ෂයේ දේශපාලන පක්ෂ එක්ව ආණ්ඩුවේ වැඩපිළිවෙලට එරෙහිව පවත්වනු ලබන ජන රැළිය තව සුළු මොහොතකින් ආරම්භ වීමට නියමිතව තිබේ.

Read More

කාම්බෝජයේ බස් රථයක් පාලමින් පහළට පෙරලී යාමෙන් පුද්ගලයන් 16 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.