10 හැවැරිදි තම දියණියට අතවර කළ පියාත්, සීයාත් අත්අඩංගුවට ගැනීමට සොයයි
අම්බලන්තොට ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 10යි මාස 8ක් වන දැරියකට ලිංගික අපයෝජනය සිදුකළ බවට ඇයගේ පියාට සහ සීයාට එරෙහිව පැමිණිලි දෙකක් පොලිස් ස්ථානයට ලැබී ඇති බව අම්බලන්තොට පොලිසිය පවසයි.
දැරිය විසින් සිය ආච්චි සමඟ අම්බලන්තොට පොලිසියට පැමිණ සිදුකළ ප්‍රකාශ අනුව මෙම පැමිණිලි දෙක සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බව අම්බලන්තොට පොලිසිය පවසයි.
පොලිසිය සඳහන් කරන පරිදි, පළමු පැමිණිල්ලෙන් දැරියගේ සීයා විසින් අවස්ථා කිහිපයකදී ඇයට ලිංගික අපයෝජනය සිදුකළ බවට චෝදනා කර තිබේ. එම සිදුවීම් සම්බන්ධයෙන් කිසිවකුට පැවසුවහොත් මරණ බවට තර්ජනය කර දැරිය බිය ගන්වා තිබූ බවද ඇයගේ ප්‍රකාශයේ සඳහන් වන බව පොලිසිය පවසයි.
දෙවන පැමිණිල්ලෙන් දැරියගේ පියා විසින්ද අවස්ථා ගණනාවකදී ඇයට ලිංගික අපයෝජනය සිදුකළ බවට චෝදනා කර තිබේ. එම සිදුවීම් සම්බන්ධයෙන්ද කිසිවකුට නොපවසන ලෙස තර්ජනය කර තිබූ බව දැරිය පොලිස් පැමිණිල්ලේ සසදහන් කර ඇති බව සඳහන් වේ.
දැරිය පසුගිය 9 වැනිදා පාසල් ක්‍රීඩා කටයුත්තක් සඳහා ගාල්ල ප්‍රදේශයට ගොස් අනතුරුව මිරිස්ස ප්‍රදේශයේ සිය ආච්චිගේ නිවසට ගිය අවස්ථාවේදී සිදුවීම් සම්බන්ධයෙන් ආච්චි සහ ඥාතියෙකුට දැනුම්දී තිබේ. පසුව ඔවුන් විසින් දැරිය පොලිසිය වෙත රැගෙන ගොස් ඇති අතර, ඇයගෙන් ප්‍රකාශ ලබාගෙන විමර්ශන ආරම්භ කර ඇත.
දැරිය අධිකරණ වෛද්‍ය පරීක්ෂණ සඳහා හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කර ඇති බවද පොලිසිය සඳහන් කරයි.
චෝදනා එල්ල වී ඇති සීයා අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායමක් ඔහුගේ නිවසට ගොස් පරීක්ෂා කළද, එම අවස්ථාවේ ඔහු එහි නොසිටි බව වාර්තා වේ.
දැරියගේ පියා අත්අඩංගුවට ගැනීම සඳහාද පොලිසිය පරීක්ෂණ සිදුකර ඇති අතර, ඔහු මුහුදු රැකියාවකට ගොස් සිටීම හේතුවෙන් එම අවස්ථාවේ අත්අඩංගුවට ගැනීමට නොහැකි වී තිබේ.
සිද්ධීන් සම්බන්ධයෙන් අම්බලන්තොට පොලිසිය මගින් වෙන වෙනම විමර්ශන පවත්වන අතර, සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ අරඹා තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

