අතුරු වෛද්‍ය සේවයේ පාඨමාලා 8ට අයදුම්පත් කැඳවයි
2026 වර්ෂයට අදාළව අතුරු වෛද්‍ය සේවාවේ පාඨමාලා 08 ක් සඳහා සිසු සිසුවියන් බඳවා ගැනීම ඇරඹේ. ඊට අදාළ අංක 2501 දරණ ගැසට් නිවේදනය 2026.08.07 දින නිකුත් විය.
ඒ අනුව 2019 (නව හා පැරණි විෂය නිර්දේශ) , 2020 (නව හා පැරණි විෂය නිර්දේශ), 2021,2022, 2023 වර්ෂයන්ට අදාළව උසස් පෙළ විභාගයෙන් ජීව විද්‍යාව හෝ භෞතික විද්‍යාව විෂය ධාරා වලින් සමත් වූ (අවම සුදුසුකම S - සාමාන්‍ය සාමාර්ථ 03) පුද්ගලයන්ට මේ සඳහා ඉල්ලුම් කළ හැක.
මහජන සෞඛ්‍ය පරීක්ෂක, දන්ත කාර්මික ශිල්පී, අංගාදේශක හා සෘජුකරණඥ, සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරී, පාසල් දන්ත චිකිත්සක, ඛන්තු රේඛන ශිල්පී, ඖෂධ සංයෝජක, විද්‍යුත් නිකර්පණ රේඛන සටහන්කරු යන තනතුරු සඳහා පුහුණුවට මෙසේ බඳවා ගැනේ. ඒ ඒ තනතුරු අනුව මූලික සුදුසුකම් වෙනස් වේ.
අයඳුම්පත් භාර ගන්නා අවසන් දිනය 2026 අගෝස්තු 31 වේ. අංක 2501 දරණ හා 2026.08.07 දිනැති ගැසට් නිවේදනය අනුව අයදුම්පත් යොමු කර සෞඛ්‍ය සේවාවට එක් වී මහජන සේවය සැලසීමේ මේ අනගි අවස්ථාවට එක්වන ලෙස සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය ශ්‍රී ලාංකීය තරුණ තරුණියන්ගෙන් ඉල්ලා සිටී.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

