යන්න වුණොත් යන්න ලෑස්තියි, පාස්කු පරීක්ෂණය නිසා ජීවිත අවධානමක් තිබෙනවා
22 වැනි සංශෝධනය හරහා තමන්ට ධුරය අහිමි වන්නේ නම් එය භාර ගැනිමට තමන් සූදානම් බවත් අවධානමක් නොමැතිව වෙනසක් සිදුකළ නොහැකි බවත් ජනපති අනුර කුමාර දිසානායක මහතා පැවැසීය.
නීතිඥ සංගමය හා ඊයේ පැවැති සාකච්ඡාවේදී ඔහු මේ බව පැවැසීය. නීතිඥ සංගමය හා තමන් අතර හමුවක් හවස තිබියදී උදෑසන තම ස්ථාවරය නිවේදනයක් මගින් පැවැසිම සුදුසු දෙයක් නොවන බවද ජනපතිවරයා පැවැසීය.
"මම කිසිසේත්ම මගේ විධායක බලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඔබ්බට පාවිච්දි කරන්නේ නෑ. මෙම ව්‍යවස්ථා සංශෝධනය නිසා මට යන්න වුණොත් මම ලෑස්තියි. මම මේවා වල වාඩිවෙන්න බලාගෙන ආපු කෙනෙක් නෙමෙයි.
එසේම මම මේ වෙනස කිරීම සඳහා අවධානම ගන්න ලෑස්ති මිනිහෙක්. වෙනසක් මම හිතන්නේ නෑ අවධානමකින් තොරව. වෙනසක් හැමදාම වසිදුවෙන්නේ අවධානමක් දරාගෙන. පාස්කු පරීක්ෂණය දියත්වෙලා තියෙන්නේ බුද්ධි අංශට. මගේ ආරක්ෂාව බලන්නෙත් ඔවුන්. ඉතින් පරීක්ෂණය යනවා. ඒ තුළ ජීවිත අවධානම පවතින බව මම දන්නවා. නමුත් අවධානම නිසා තනතුර අහිමි වෙන්නේ නම් මම භාර ගන්න ලෑස්තියි"
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
