saravita-anim2

2025 මැයි මස 07 වන බදාදා

2025 මැයි මස 07 වන බදාදා

Latest News - timelapse 427 hours ago

LATEST

කාසියේ වාසිය ඕස්ට්‍රේලියාවට

calendar_today 2025 ජන 29 - 09:30 remove_red_eye - 295  

සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අද (29දා) ආරම්භ වේ.

පසුගිය දින කිහිපයේ වැඩි මිලට සහල් අලෙවි කළ වෙළෙඳුන් 170කට අදාළ , දැනට පැවරූ නඩුවලින් රුපියල් මිලියන 6.5ක (රුපියල් මිලියන හයයි දශම පහක්) දඩ මුදලක් අයකරගෙන තිබෙන බව පාරිභෝගික කටයුතු අධිකාරිය සඳහන් කරයි. දිවයින පුරා අතිරේක කණ්ඩායම් ද යොදවා වැඩි මිලට සහල් අලෙවිකරන වෙළෙඳුන් සොයා සිදුකරන වැටලීම් තවදුරටත් අඛණ්ඩවම ක්‍රියාත්මක වන බවද අධිකාරිය පෙන්වා දෙයි.

Read More

පෙබරවාරි 04වන දිනට යෙදෙන 77වන නිදහස් දිනය වෙනුවෙන් පෙරහුරු කටයුතු අද (29දා) සිට ආරම්භ කරන බව පොලීසිය සඳහන් කරයි.

Read More

ඉන්දියාවේ අදානි සමාගම සමග සුළං බලාගාර ව්‍යාපෘතිය අවලංගු කරගෙන නොමැති බවත්, විදුලි ඒකකයක මිල ඉහළ බැවින් එය ඩොලර් සත 6ට වඩා අඩු කර ගැනීමට සාකච්ඡා ආරම්භ කර ඇති බවත් කැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

Read More

යාපනය පූතූර් මුරුගන් හින්දු කෝවිලේ පැවති දේව මෙහෙයකින් අනතුරුව පැවත්වුණ පූජා භාණ්ඩ වෙන්දේසිකදී එහි තිබූ අඹ ගෙඩියක් රුපියල් 246,000 ක මුදලකට වෙන්දෙසි වූ බව කෝවිල් භාරකාර මණ්ඩලය පැවසීය.

Read More

වර්තමානයේ බරපතළ භාණ්ඩ හිඟයක් තිබෙන බවත්, ඒ සියලු භාණ්ඩ ආණ්ඩුව ආනයනය කරනුයේ පාරිභෝගික ජනතාව ගැන සිතා නොව ඉන් ලැබෙන බදු අදායම ඉලක්ක කරගෙන බවත් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

Read More

ඉස්ලාම් භක්තිකයන්ගේ රාමලාන් උපවාස උත්සවයට සෞදි රජයේ ප්‍රදානයක් ලෙස ලබා දුන් රට ඉඳි සඳහා රේගුව අය කරගෙන ඇති බද්ද සඳහා සැලකිය යුතු සහනයක් ලබා දීමට ආණ්ඩුව මැදිහත් වන බව කැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

Read More

මාධ්‍යවේදී සුදත්ත තිලකසිරි මහතා පවත්වා ගෙන යන යූටියුබ් නාලිකාවේ කළ ප්‍රකාශවලින් අධිකරණයට අපහාස කර ඇතැයි සඳහන් කරමින් ඔහුට එරෙහිව හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා ගොනුකර ඇති පෙත්සම පෙබරවාරි 07වැනිදා කැඳවීමට අභියාචනාධිකරණය අද (28දා) නියෝග කළේය.

Read More

මේ වනවිට පවතින රතු කැකුළු සහල් අර්බුධය හමුවේ ජනතාවට අවශ්‍ය රතු කැකුළු සහල් පවතින 220 පාලන මිල යටතේ ලබාදීමට අම්බලන්තොට වෙළඳ සංගමය මැදිහත්ව අද අම්බලන්තොට නගරයේදී සිදු කරන ලදී.

Read More

ජනපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (27දා) පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී ගත් තීරණ පහත පරිදි දැක්වෙයි.

Read More

වත්මන් ආණ්ඩුව රටේ ඉදිරි ගමන හා ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීම වෙනුවෙන් ගත හැකි සියලු තීන්දු ගන්නවා ආර්ථිකය සමනය කිරීමට රේගුව දරන වෙහෙස ප්‍රශංසනීයයි පසුගිය වසරේ රේගුව අත් කර ගන්නා ලද ඉලක්ක පිළිබඳව ඇගයීමට ලක් කරනවා – ජාත්‍යන්තර රේගු දින සැමරුමට එක්වෙමින් ජනපති කියයි

Read More

දෙමළ ජාතික සන්ධානයේ ප්‍රධාන පක්ෂය වූ ඉලංගෙයි තමිල් අරුසකච්චි පක්ෂයේ නායක හිටපු පර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා මහතා අද (28) දින හිදීසියේම ඇති වූ අසනීප තත්වයක් හේතුවෙන් යාපනය ශික්ෂණ රෝහලට ඇතුලත් කොට ඇත.

Read More

ජාවාරම්කරුවෙකුගේ ජාවාරම් කටයුතු බාධාවකින් තොරව කරගෙන යා හැකි වන ආකාරයට කටයුතු කරන්නැයි හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතාට, හිටපු ආරක්ෂක ලේකම්වරයාට සහ හිටපු ජනාධිපති ලේකම්වරයාට නියෝග කරමින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ලිපි ශිර්ෂයක ඔහුගේ අත්සනින් යුතුව යවා ඇති ලිපිය ව්‍යාජ එකක්ද? සත්‍ය එකක්ද? යන්න පිළිබඳ විමර්ශනය කර අධිකරණයට වාර්තා කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මහත්මිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළාය.

Read More

කොතරම් යෝජනා ඉදිරිපත් වුවද සහල් මිල පාලනය ඉවත් කිරීමට රජය සූදානම් නොමැති බව කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

Read More

සමගි ජන බලවේගය , එක්සත් ජාතික පක්ෂය සමග පමණක් නොව ආණ්ඩු මතවාදයට විරුද්ධව කටයුතු කරන සෑම පුද්ගලයකුම හා කණ්ඩායමක්ම එකතු කර ගැනීමේ සාකච්ඡාවක් මේ මොහොතේ ක්‍රියාත්මක වෙමින් පවතින බවත් දුරකථන ලාංඡනය මුල් වෙමින් සමගි ජන බලවේගයේ නායකත්වයෙන් සන්ධානයක් නිර්මාණය විය යුතු බවත් එක්සත් ජාතික පක්ෂය තුල යටි අරමුණු නොමැතිව සැබෑ ලෙසම රට සහ ජනතාව වෙනුවෙන් කටයුතු කරන්නේ නම් සමගි ජන බලවේගයට එකඟතාවය සහ අවනත විය යුතු බවද සමගි ජන බලවේගයේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන

Read More

පරසන්ගස්වැව පොලිස් වසමේ පරසන්ගස්වැව දුම්රිය ස්ථානය ආසන්නයේදී ඊයේ (27දා) පස්වරුවේදී, 20 හැවිරිදි තරුණියක් දුම්රියක ගැටී ජීවිතක්ෂයට ඇති බව, පරසන්ගස්වැව පොලිසිය පවසයි.

Read More

අන්තර්ජාලය ඔස්සේ දුම්රිය ටිකට්පත් වෙන් කරවා ගැනීමට ඇති පරිගණක පද්ධතිය වෙතින් මිලදී ගන්නා ලද දුම්රිය ටිකට් පත් වැඩි මිලට අලෙවි කිරීම සම්බන්ධයෙන් සංචාරක ව්‍යාපාරයේ යෙදෙන්නෙක් ද අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි. සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ කඩුගන්නාව ,කඩවත්ගම, උළුගේ තැන්න ප්‍රදේශයේදීය.

Read More

පොල්පිතිගම පොලිම් වසමේ ගල්ටැංවැව හිරිපිටිය මාර්ගයේ දංගොල්ලාගාම ප්‍ර දේශයේදි ගල්ටැංවැව සිට හිරිපිටිය දෙසට ධාවනය වූ යතුරු පැදියක් පැදිකාරිය ඇඳගෙන සිටි සාරියෝ කොටසක් යතුරු පැදියේ පිටුපස රෝදයට හිරවි යතුරුපැදිය මාර්ගයේ පෙරළිමෙන් අනතුරක් සිදුව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

Read More

යාපනය විශ්ව විද්‍යාලයේ උද්ගතව තිබෙන ගැටළුව කඩිනමින් විසඳීමට කටයුතු කරන බව කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

Read More

සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් ලෙස අභිනවයෙන් පත් වූ මේජර් ජෙනරල් කේ.එච්.පී පාලිත ප්‍රනාන්දු (විශ්‍රාමික) පසුගිය 23 දින ආරක්‍ෂක අමාත්‍යාංශයේ දී ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තේය.

Read More

පස් කඳු කඩාවැටීම් සහ ගල් පෙරළීමේ අවධානම මත රාත්‍රී කාලයේදී තාවකාලිකව වසා දැමුණ මහනුවර මහියංගන මාර්ගය වාහන ගමනාගමනය සඳහා ඊයේ (27) රාත්‍රියේ සිට නැවත විවෘත කළ බව මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා පවසයි.

Read More

අද (28) සිට ඉදිරි දින කිහිපයේදී උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව, දකුණු සහ මධ්‍යම පළාත්වල වැසි තත්ත්වයේ තාවකාලික වැඩි වීමක් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

ඉදිරි දේශපාලන කටයුතු එක්ව සිදු කිරීමේ එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය අතර තවත් සාකච්ඡාවක් අද (28දා) පැවැත්වීමට නියමිත බව සමගි ජන බලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා ‘අද’ පුවත්පතට පැවසීය. එම සාකච්ඡාව අද කොළඹදී පැවැත්වෙන බවද හෙතෙම සඳහන් කළේය.

Read More

ළමයින් දරුකමට හදාවඩා ගැනීමේ ආඥාපනතට අනුව විදේශීය ඉල්ලුම් කරුවන් සඳහා මෙම ලිත් වර්ෂය සඳහා සියලුම අධිකරණ මගින් නිකුත් කළහැකි ළමයින් දරුකමට හදාවඩා ගැනීම් ආඥා සංඛ්‍යාව 100 ක් වියයුතු බවට නියම කරමින් ළමා හා කාන්තා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්‍ රාජ් මහත්මිය විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

Read More

- මුදල් ඇමති ලෙස ජනාධිපතිවරයා අති විශේෂ ගැසට්ටුවකින් නිකුත් කෙරේ - වසර තුනක් දක්වා පැරණි පාවිච්චි කළ මෝටර් රථ ආනයනයට අවසර හිමිවේ - ලියාපදිංචි ආනයනකරුවෙකුට ඕනෑම වාහන ප්‍රමාණයක් ආනයනය කිරීමට පුළුවන් - වෙනත් ඕනෑම අයෙකුට ඉදිරි මාස 12 තුළ එක් වාහනයක් ආනයනයට අවසර ලැබේ - ආනයනයෙන් දින 90ක් තුළ විකුණා ගැනීමට නොහැකි වුවහොත් ආනයනකරු නමින් ලියාපදිංචි කිරීම හෝ දඩයකට යටත්වීමට සිදුවේ

Read More

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නව ගුවන් හමුදාපතිවරයා ලෙස එයාර් වයිස් මාර්ෂල් වාසු බන්දු එදිරිසිංහ මහතා පත් කරනු ලැබ තිබේ.

Read More

ඇල්ල ඔඩිසී ඊ ටිකට්පත් සම්බන්ධ වංචනික ක්‍රියා නවතා දැමීම සඳහා එක් පුද්ගලයෙකුට ටිකට් පත් පහක් පමණක් ලබා දීමට කටයුතු කරන බව දුම්රිය සාමාන්‍යාධිකාරී ජේ. අයි. ඩී. ජයසුන්දර මහතා මහතා සඳහන් කළේය.

Read More

වසර 28කට පසුව අපනයන සංවර්ධන අමාත්‍ය සභාව (EDCM) ක්‍රියාත්මක වේ. ලබන කාර්තුවේදී අපනයන අදායමේ ඉහළ යාමක් බලාපොරොත්තු වෙනවා - ජනපති අපනයන සංවර්ධන අමාත්‍ය සභාවේදී පවසයි

Read More

දිස්ත්‍රික්ක 15 ක් තුළ තිබෙන වී ගබඩා 84ක් යුද හමුදා ශ්‍රම දායකත්වයෙන් භාවිතයට සුදුසු අයුරින් යථාතත්වයට පත් කිර තිබෙන බව යුද හමුදා මුලස්ථානය සඳහන් කරයි.

Read More

2025 වසරේ ගතවූ දින කිහිපය තුළ ශ්‍රී ලාංකිකයින් 119 දෙනෙකු ඊශ්‍රායලයේ නිවාස පාදක සාත්තු සේවා රැකියා සඳහා පිටත්ව ගොස් තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.