මුල් මාස හයේ ඉන්ධන ආනයන වියදම සියයට 58කින් ඉහළට
- 14 08 2026
- 18:19
- {{hitsCtrl.values.hits}} views
- ලලිත් චාමින්ද
ඉන්ධන ආනයන වියදම මෙම වර්ෂයේ (2026) මුල්මාස හය තුලදි ( ජන-ජුනි) ඇමරිකානු ඩොලර් මිලියන 3,168.4 දක්වා සියයට 58.8කින් ඉහළගොස් ඇති බැව් ශ්රිලංකා මහබැංකුව පවසයි.
2025 වර්ෂයේ මුල්මාස හය තුලදි ඉන්ධන ආනයනය කිරිම සදහා වැයවි ඇත්තේ ඇමරිකානු ඩොලර් මිලියන 1,995.7කි. එම කාලසිමාවට සාපෙක්ෂව ඉන්ධන ආනයන වියදම සියයට 58.8කින් ඉහළගොස් ඇති බවද මහබැංකු වාර්තාවේ සදහන් වේ.
මෙම කාලසිමාව තුල ඉන් බොරතෙල් ආනයන වියදමද ඇමරිකානු ඩොලර් මිලියන 479.5 දක්වා සියයට 7.5කින් ඉහළගොස් ඇති අතර පිරිපහදුකරණු ලැබු ඛනිජතෙල් ආනයන වියදම ඇමරිකානු ඩොලර් මිලියන 2538.6 දක්වා සියයට 78.7කින් ඉහළගොස් ඇත. ගල් අගුරු ආනයන වියදමද ඇමරිකානු ඩොලර් මිලියන 150.4 දක්වා සියයට 16.1කින් ඉහළගොස් ඇති බවද මහබැංකු වාර්තාවේ සදහන් වේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
