ජපානයේ චිබා ප්රාන්තයේ නගරෙයාමා නගරයේ පොලිසිය විසින්, 21 හැවිරිදි ශ්රී ලාංකිකයෙකුට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කළ බවට සැකපිට 18 හැවිරිදි ශ්රී ලාංකිකයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු හා ඝාතනයට ලක්වූ පුද්ගලයා එකම නිවසක පදිංචිව සිටි අය බව පොලිසිය පැවසූ බව NHK පුවත් සේවය වාර්තා කළේය. පොලිසියට අනුව, මෙම සිදුවීම අඟහරුවාදා පෙරවරු 10:20ට පමණ එම නිවසේදී සිදුවී ඇති අතර, එහිදී සැකකරු විසින් වින්දිතයාගේ උදර ප්රදේශයට තියුණු ආයුධයකින් පහරදී තිබේ.
සැකකරු විසින් 119 හදිසි ඇමතුම් අංකය ඔස්සේ දැනුම් දීමෙන් පසු වින්දිතයාව රෝහල්ගත කළද, පසුව ඔහු මියගොස් ඇති බව තහවුරු කෙරිණි. සිද්ධිය වූ ස්ථානයේ සිටි 18 හැවිරිදි ශ්රී ලාංකිකයාගෙන් පොලීසිය ප්රශ්න කළ විට පවසා තිබුණේතමන් මෙම පහරදීම සිදුකළ බවයි.
සමලිංගිකයෙකුට අමතන අවමන් සහගත නමකින් තමන්ට ඇමතිමත් තම මවට අපහාස කිරීම සහ තමන්ට මට පහර දීමහේතුවෙන් පහරදීම සිදුකළ බව සැකකරු පොලීසියට පවසා තිබේ.