ධවල මන්දිර මාධ්‍ය ලේකම් ලෙස කටයුතු කළ කැරොලින් ලීවිට් සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මේ බව නිවේදනය කළ අතර 28 හැවැරිදි කැරොලින් ධවල මන්දිර මාධ්‍ය ලේකම් ධුරයට පත්වූ ළාබාලම පුද්ගලයාද වෙයි.
ට්‍රම්ප් සිය සමාජ මාධ්‍ය ගිණුම් හරහා පවසන්නේ ධවල මන්දිර මාධ්‍ය ලේකම් ධුරයෙන් ඇය ඉවත් වුවත් තමාගේ බාහිර ජ්‍යෙෂ්ඨ උපදේශකවරියක ලෙස ඇය කටයුතු කරනු ඇති බවයි.
පසුගිය මැයි මාසයේ කැරොලින් දියණියක ප්‍රසූත කළාය. ඒ අනුව, මේ වනවිට ඇය දෙදරු මවකි. තමන් තම ධුරයෙන් සමුගන්නේ පෞද්ගලික කාරණා නිසා යැයි කැරොලින් පවසා ඇත.
