කිලිනොච්චිය පොලිස් වසමේ වව්නියාව යාපනය මාර්ගයේ තොන්ඩමන් නගර් බටහිර ප්රදේශයේදී යාපනය දෙසට ධාවනය වූ ලොරි රථයක් එම දිසාවටම මුහුණලා නතර කර තිබූ ලොරි රථයක ගැටී අනතුරක් සිදුව ඇත. අනතුරින් ධාවනය වූ ලොරි රථයේ රියැදුරු හා රිය සහයක බරපතල තුවාල ලබා කිලිනොච්චිය රෝහලට ඇතුලත් කිරීමෙන් පසු රිය සහයක මියගොස් ඇත. මරණකරු අවුරුදු 21 ක් වූ චුන්නාගම් ප්රදේශයේ පදිංචිකරුවෙකි. කිලිනොච්චිය පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.