මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් ලක්ෂ 573ක දේපළ සමග සැකකාරියක් අත්අඩංගුවට
- 14 08 2026
- 08:31
- {{hitsCtrl.values.hits}} views
- ..
ෆර්ගියුෂන් පාර, කොළඹ 14 ප්‍රදේශයේ පදිංචි මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියක් විසින් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගන්නා ලද මුදලින් දේපල හා වත්කම් උපයාගෙන ඇති බවට පොලිස්පතිතුමා වෙත ලද තොරතුරකට අනුව පොලිස්පතිතුමා විසින් එම පැමිණිල්ල 2021.03.31 වන දින නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයට යොමු කර ඇත.
ඒ අනුව එම කොට්ඨාසය මඟින් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසු එම වත්කම් හා දේපල මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනතෙහි ප්‍රතිපාදන ප්‍රකාරව ක්‍රියා විරහිත කර ඇති අතර මීගමුව හා කොළඹ මහාධිකරණ මගින් ක්‍රියා විරහිත කිරීම දීර්ඝ කර ඇත.
• ජා ඇල ප්‍රදේශයේ ලක්ෂ 14 ක් වටිනා පර්චස් 8.66 ඉඩම
• බැංකු ගිණුම් 06 ක ගිණුම් ගත කර තිබූ රුපියල් ලක්ෂ 59 ක මුදල
• කොළඹ 14 ප්‍රදේශයේ පිහිටි රුපියල් ලක්ෂ 225 ක් වටිනා කඩ කාමර 03
• කොළඹ 14 ප්‍රදේශයේ පිහිටි රුපියල් ලක්ෂ 75 ක් වටිනා කඩ කාමර 01
• කොළඹ 14 ප්‍රදේශයේ පිහිටි රුපියල් ලක්ෂ 200 ක් වටිනා තෙමහල් නිවස සහිත ඉඩම
ඒ අනුව ඉහත දේපල මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගන්නා ලද දේපල බවට විමර්ශනයේදී අනාවරණය වීම හේතුවෙන් වයස අවුරුදු 53 ක් වන කොළඹ 14 ප්‍රදේශයේ පදිංචි සැකකාරිය 2026.08.13 වන දින නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මඟින් අත්අඩංගුවට ගෙන ඇත. නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මඟින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

