මහ බැංකු අධිපතිගේ ප්‍රකාශ වැරදි ලෙස අර්ථ දක්වලාලු
මෑතකදී පැවති මාධ්‍ය සාකච්ඡාවකදී ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා විසින් සිදු කරන ලද ඇතැම් ප්‍රකාශ වැරදි ලෙස අර්ථකථනය කර දක්වා ඇති බවත්, ඉන් අනතුරුව එය මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍ය කිහිපයක් විසින්ද වාර්තා කර ඇති බවත් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිරීක්ෂණය කරමින් නිවේදනය කරයි.
2026 වසරේ ජූලි මස පැවති ආසන්නතම මුදල් ප්‍රතිපත්ති වාරයේදී ශ්‍රී ලංකා මහ බැංකු අධිපතිවරයා විසින් ප්‍රකාශ කළ පරිදි, පවතින සහ අපේක්ෂිත, ගෝලීය සහ දේශීය ආර්ථික තත්ත්වයන් හමුවේ වත්මන් මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය වඩාත් යෝග්‍ය බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අදහසයි.
ශ්‍රී ලංකා මහ බැංකුව ඉදිරි දැක්මක් සහිතව සහ දත්ත මත පදනම් ව මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරනු ලබන බවද පෙන්වා දෙයි. ඒ අනුව, පවතින නවතම ආර්ථික දත්ත, පුරෝකථන සහ අවදානම් ඇගැයීම් සැලකිල්ලට ගනිමින්, එක් එක් මුදල් ප්‍රතිපත්ති වාරයේදී ප්‍රතිපත්ති පොලී අනුපාතික ඉහළ දැමීම, පහළ දැමීම හෝ නොවෙනස් ව පවත්වා ගෙන යෑම පිළිබඳව තීරණය ගනු ලබන බවද සඳහන් කරයි.
ඒ අනුව, මහ බැංකු අධිපතිවරයා විසින් සිදු කරන ලද ප්‍රකාශ මගින් අරමුණු කර ඇත්තේ, මෙම ස්ථාපිත ප්‍රතිපත්ති රාමුව පිළිබඳ ව පැහැදිලි කිරීම බවද මහ බැංකුව පෙන්වා දෙයි. එම ප්‍රකාශ මගින් ප්‍රතිපත්ති පොලී අනුපාතිකවල ඉදිරි ගමන්මඟ හෝ ප්‍රතිපත්ති පොලී අනුපාතික මට්ටම් පිළිබඳ පොරොන්දුවක් හෝ ඉඟියක් ලබා දී නොමැති බවද මහ බැංකුව වැඩිදුරටත් අවධාරණය කරයි.
වීඩියෝ සබැඳිය: https://youtu.be/Y5wsAgiBlWI
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

