අභිරහස් ලෙස තේ වත්තේ මිය ගොස් සිටි කදුකර කොටියෙකුගේ සිරුරක් (12) දින මස්කෙළිය පොලිස්වසමට අයත් ඕල්ටන් වතුයායේ ඉහළ කොටසේ තිබී හමු වු බව නල්ලතන්නිය වන ජීවි කාර්යාලයේ නිළධාරියෙකු පැවසීය.
අවුරුදු 4ක් පමණ වයසැති එම කොටියාගේ ගෙල ප්‍රදේශයෙන් තුවාලයක් තිබූ බවත්, කදුකර කොටින් දෙදෙනකු අතර ඇති වූ ගැටුමකින් මෙම කදුකර කොටියා මිය ගිය බවට සැක කරන බවයි එම නිළධාරියා කියා සිටියේ.
මිය ගිය කදුකර කොටියාගේ සිරුර (13) දින හැටන් මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කර අධිකරණ නියෝගයක් ලබා ගෙන සිරුර පෂ්චාත් මරණ පරික්ෂණය සදහා රන්දෙණිගල පශු වෛද්‍ය රෝහල වෙත ඉදිරිපත් කරන බව එම නිළධාරියා වැඩි දුරටත් පැවසීය.
