ජනාධිපති අරමුදලින් හිටපු අගමැතිවරයෙකුට සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට නැවත අය කර ගැනීමේ පදනම මත දුන් රුපියල් දෙකෝටි පනස් ලක්ෂයකට ආසන්න මුදලක් මෙතෙක් අය කරගෙන නැතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වෙයි.
මොවුන්ට 2012 සහ 2014 යන කාලසීමාව තුළ වෛද්‍ය ප්‍රතිකාර පහසුකම් සඳහා රුපියල් හාර කෝටි හත් ලක්ෂ දාහත් දහස් නවසිය හතළිස් එකක මුදලක් ලබා දී එයින් නැවත අය කරගැනීමේ පදනම මත දුන් රුපියල් දෙකෝටි හතළිස් හය ලක්ෂ පනස් හත්දහස් පහළොවක මුදල 2026 මැයි 20 වන විටත් අය කරගෙන නොමැති බව එහි සඳහන්වේ.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට ලබා දුන් රු. 10,908,798 (2012 අප්‍රේල් 04 වන දින) මුදල සහ හිටපු අග්‍රාමාත්‍යවරයාට ලබා දුන් රු. 13,748,217 මුදල 2026 මැයි 20 වන දින තෙක්ම නැවත මෙසේ අය කරගෙන නොමැත.