විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් සංගමයක් ලෙස තමන් විරුද්ධ බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති රජිව් අමරසූරිය මහතා කීය. ජනපතිවරයා රජයේ මතේ ප්‍රකාශ කළ බවද ඔහු පැවැසීය.
මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය රටේ ජනතාවට හොඳ නැති බවත් ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් සටනක් සිදු නොකරන බවද ඔහු පැවැසීය. සුබවාදී විසඳුමකට පැමිණේවියැයි අපේක්ෂා කරන බවද ඔහු පැවැසුවේ උලමා සභාව හා පැවැති සාකච්ඡාවකින්අනතුරුවය.
"අපි කියන දේ අහන්නේ නැතිව ඉදිරියට යනවනම් අපේ මතය ජනමත විචාරණයකට යන්න ඕන. නමුත් මේක එච්චර ලොකු දෙයක් නෙමෙයි. "