තලෙයි මන්නාරම උතුරු මුහුදු තීරයේ සිදුකරන ලද සෝදිසි මෙහෙයුමකදී රුපියල් මිලියන 67 කට අධික වටිනා අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 4 ග්‍රෑම් 500 ක ප්‍රමාණයක් ඊයේ (02) දින සොයාගත් බවට නාවික හමුදාව පවසයි.
ඩීසල් මිල පහළ යාමත් සමඟ සංශෝධිත බස් ගාස්තු ලේඛනය ප්‍රදර්ශනය නො කොට වැඩිපුර ගාස්තු අයකරන බස්රථ පරීක්ෂා කිරීමේ වැඩසටහන අද (03) දා සිට ක්‍රියාත්මක කරන බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති ප්‍රසන්න සංජීව මහතා පැවසීය .
Read Moreඩෙංගු හා පූර්ණ රුධිර ගණන පරීක්ෂාව සඳහා රෝගීන්ගෙන් වැඩිපුර රුපියල් 1350 ක මුදලක් ලබාගත් දෙහිවල ප්‍රදේශයේ පෞද්ගලික රෝහලකට රුපියල් ලක්ෂ 15 ක දඩයක් අධිකරණයෙන් නියම කළ බව කොළඹ දිස්ත්‍රික් පාරිභෝගික අධිකාරි ඒකකයේ ජේෂ්ඨ විමර්ශන නිලධාරී ඊ. යු. රන්ජන මහතා පැවසීය.
Read Moreගිලෙන නැවට ගොඩ වෙන්නට තරම් මෝඩ මන්ත්‍රීවරු සමගි ජන බලවේගයේ නොමැති බවත් ආණ්ඩුවේ මන්ත්‍රීවරු පිරිසක් සජබට එක්වීමට නියමිත බවත් ඔවුන් පක්ෂ සාමාජිකත්වය ලබා දී ආසන සංවිධායක ධූරද ලබාදෙන බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා ගල්ගමුවේ දී පැවසීය.
Read Moreඝාතන රැසක වෙඩික්කරු ලෙස කටයුතු කළ රවිඳු සංඛ ද සිල්වා හෙවත් බුරු මුනා නැමැති අපරාධකරු අධිකරණය වෙත භාර කිරීම සඳහා රැගෙන ආ නීතිඥවරයා ගෙන් පැය 3කට ආසන්න කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගත් බව බස්නාහිර පළාත් දකුණු දිසාව අපරාධ කොට්ඨාසය කියයි.
Read Moreශ්‍රී ලංකාවේ සංචාරයක නිරත ඉන්දියාවේ යහපාලන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් භාරත් ලාල් මහතා ,ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් භග්ලේ මහතා සමඟ ඊයේ (01) ජනපති නිල නිවසේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුණ ගැසුණි.
Read Moreඅද දහවල් කතරගම පොලිස් වසමේ වැඩිහිටිකන්ද ප්‍ර දේශයේ පරණ වැඩිහිටිකන්ද මාර්ගයේ යතුරුපැදියකින් පැමිණ නාඳුනන පුදගලයන් දෙදෙනෙකු සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා ඇතැයි පොලීසිය කියයි.
Read Moreහම්බන්තොට ලංකා ලුණු සමාගම රුපියල් මිලියන 700 ඉක්මවා ආදායමක් මාර්තු මාසයේදී උපයාගෙන තිබේ.
Read Moreඅධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයාගේ ලිපි ශීර්ෂ සහ අස්සන ව්‍යාජ ලෙස යොදාගනිමින් කටුගස්තොට ප්‍රසිද්ධ බාලිකා විදුහලක අතර මැදි පන්ති වලට ළමුන් ලමුන් 17දෙනෙකු ඇතුළත් කර ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විශේෂ විගණන විමර්ශනයක්ආරම්භ කොට තිබේ .
Read Moreඑක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ සභාපතිත්වය මාසයක කාලයක් සඳහා රුසියාවට හිමිව තිබේ. රුසියාවට සභාපතිත්වය නොදෙන ලෙස යුක්රේනයආරක්ෂක මණ්ඩලයේ සාමාජිකයන්ගෙන් ඉල්ලා සිටින අවස්ථාවක මෙම තීරණය ගෙන තිබේ.
Read Moreමුලතිව් පුදුකුඩිඉරිප්පු තේරාවිල් ප්‍රදේශයේදී කුප්පි ලාම්පුවක් පෙරලී ඇති වූ ගිනිගැනීමකදී මාස 6 ක් වයසැති බිළිඳෙකු පිලිස්සී බරපතල තත්වයේ සිටියදී ඊයේ (01) දින මිය ගොස් ඇතැයි පුදුකුඩිඉරිප්පු පොලීසිය පවසයි.
Read Moreමෙරට විශ්වවිද්‍යාල අතරින් විශාලතම ඉතා මනස්කාන්ත භූමි භාගයකට උරුමකම් කියන පේරාදෙණිය විශ්වවිද්‍යාලයට මාර්තු සහ මැයි මාසවලදී මෙම කහ මල් වසන්තය උදාවේ.
Read Moreචීනයේ ශ්‍රී ලංකා තනාපති පාලිත කොහොන මහතා ඇතුළු රටවල් 20ක තානාපතිවරුන් විසින් ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කර තිබේ. ඉකුත්දා චීනයේ යුනාන් පළාතේ සංචාරයකින් පසු තානාපතිවරුන් විසින් මෙම නිවේදනය නිකුත් කර ඇත.
Read More“ගුවන් හමුදා හෙරළි පෙරළි” නමින් දියත් කෙරෙන රට පුරා කොස් පැල මිලියන තුනක් සිටුවීමේ වැඩසටහනේ පළමු අදියර, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර ගුවන් හමුදා කඳවුරේ දී ඊයේ (01) ආරම්භ කෙරිණි .
Read Moreරට බංකොලොත් භාවයෙන් මුදා ගැනීම සඳහා එක්සත් ජනරජ පෙරමුණ නමින් නව දේශපාලන පක්ෂයක් එළඹෙන මැයි මාසයේ තෙවන සතියේ එළිදක්වන බව 43 වැනි සේනාංකයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා බදුල්ලේදී (1) දා පැවසීය.
Read Moreඅලුත් අවුරුද්ද හේතුවෙන් රාජ්‍ය සේවකයන්ට ගෙවිය යුතු අප්‍රේල් මස වැටුප අප්‍රේල් 10දා පෙර ගෙවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිිය මහතා පැවැසීය.
Read Moreමසකට බිත්තර මිලියන 30 ක් ආනයනය කිරීමට මේ වනවිට සැලසුම් කර ඇති බවත් රාජ්‍ය වාණිජ (විවිධ) නීති ගත සංස්ථාව හරහා එලෙස ගෙන්වන බිත්තර බේකරි නිශ්පාදකයන්ට හා හෝටල් සදහා පමණක් අලවි කරන බවත් වෙළද පාරිභෝගික හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා කදාන කපුවත්ත ප්‍රදේශයේ 31දා පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වේදීන් නැගු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කියා සිටියේය.
Read Moreජය ශ්‍රී මහා බෝ සමිදු ලක්දිවට වැඩ මවීමත් සමග ඇරඹූණ බවට සැලකෙන අලුත් සහල් මංගල්‍යයයේ 56 වැනි ජාතික උත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (02) පෙරවරුවේ අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිදුන් අභියසදී පැවැත්විණි.
Read Moreසත්කාරක නවසීලන්ත කණ්ඩායම සුපිරි පන්දුවාරයකින් පරාජයට පත්කරමින් දෙරට අතර පැවැති පළමු විස්සයි20 තරගය ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.
Read Moreමඩකලපුව - කරදියනාරු මාවඩියෝඩයි ප්‍රදේශයේ නවීන මෙවලම් භාවිත කරමින් නිධන් හෑරීමට උත්සාහ කළ යුද හමුදා ලුතිනන් කර්නල්වරයෙක් ඇතුළු සිව් දෙනෙකු විශේෂ කාර්ය බළකාය විසින් ඊයේ අත්අඩංගුවට ගනු ලැබුවා.
Read Moreනවසීලන්ත කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු විස්සයි20 තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 196ක් රැස්කළ අතර නවසීලන්ත කන්ඩායමද ලකුණු 196ක් රැස්කරමින් තරගය සම කළේය.
Read Moreදශක හය හතක් තිස්සේ කිසිදු ප්‍රතිසංස්කරණයකට ලක් නොකරන ලද දිවයිනේ දිස්ත්‍රික්ක 11ක තිබෙන වැව් 497ක් ලෝක බැංකුවේ ඩොලර් මිලියන 44ක මුල්‍ය ප්‍රතිපාදන යටතේ ප්‍රතිසංස්කරණය කිරීම පසුගියදා (31) ආරම්භ විය .
Read Moreතමා ජනාධිපති ධූරයේ සිටින තාක් කල් රටේ නීතිය හා සාමය කඩ කිරීමට නැවත කිසිවෙකුට ඉඩ ලබා නොදෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.
Read Moreආබාධ හේතුවෙන් වසර දෙකක ආසන්න කාලයක් ක්‍රිකට් පිටියෙන් ඈත්වීමට සිදුවූ ප්‍ර වේගකාරි ආරම්භක පිතිකරු කුසල් ජනිත් පෙරේරා නවසීලන්තයට එරෙහිව අද ආරම්භ වූ පළමු විස්සයි20 තරගයට ක්‍රීඩා කරයි.
Read Moreමෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙන චීන ජාතිකයන්ගෙන් ප්‍රකාශ ලබා ගැනීමට භාෂා පරිවර්තකයින් සොයා සොයාගැනීමට නොහැකිව පොලිසිය ගැටලු රැසකට මුහුණ පා ඇතැයි වාර්තා වේ.
Read Moreඋත්සව සමය ඇරඹීමත් සමඟ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ගොවීන් රැගෙන එන එළවලු මිලදී ගැනීම සඳහා පැමිණෙන වෙළෙන්දන් ගේ විශාල වශයෙන් අඩු වීම හේතුවෙන් එළවළු මිල පහත වැටී අලෙවි නොවන තත්ත්වයකට පත්ව ඇතැයි වෙළෙන්දෝ පවසති.
Read Moreසමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව යටතේ පවතින දිවයින පුරා සමෘද්ධි බැංකු 1074 වෙනම පරිපාලනමය ව්‍යුහයක් යටතට පත් කිරීමට කටයුතු කරමින් පවතින බවත් අනීතික ලෙස සමෘද්ධි අරමුදලේ අතිවිශාල මුදලක් ගැනීම තුල සමෘද්ධිලාභීන්ට ඇතැම් ප්‍රතිලාභ ගෙවීමේ දී ගැටළු මතුව ඇති බවත් සමෘද්ධි වෘත්තීය සංගම් එකමුතුවේ ජාතික සංවිධායක චාමර මද්දුමකළුගේ මහතා පවසයි.
Read Moreසම්මානනීය චිත්‍රපට සහ ටෙලිනාට්‍ය නළු අමරසිරි කලංසූරිය මහතා අද (01දා) අභාවප්‍රාප්ත විය.
Read More2023 වර්ෂයේ ඉදිරි යල සහ මහ කන්න අස්වනු සරු කර ගැනීම සඳහා ජය ශ්‍රී මහා බෝ සමිදුන් අභියස පවත්වන සාම්ප්‍රදායනුකූල අලුත් සහල් මංගල්‍යය හෙට දින (02දා) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට මේ වනවිට සියලු කටයුතු සංවිධානය කර තිබේ.
Read Moreකොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ මාර්තු මස උද්ධමනය සියයට 50.3 ක් දක්වා පහත වැටී ඇතැයි ජනලේඛණ හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව පවසයි.
Read More