කෝටි හයක විෂ මත්ද්‍රව්‍ය රේගු භාරයට
ඇමෙරිකාව , ප්‍රංශය සහ කැනඩාවේ සිට කොළඹ ප්‍රදේශයේ ව්‍යාජ ලිපිනයන් කීපයක් වෙත කූරියර් පාර්සල් 07 ක් ලෙස එවා තිබූ රුපියල් කෝටි හයක් වටිනා විශ මත්ද්‍රව්‍ය තොගයක් සීදුව පිහිටි " කළම්බු කාගෝ " නැමැති පෞද්ගලික භාණ්ඩ නිශ්කාශන ආයතනය වෙත එවා තිබියදී 12/07 දින සවස රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
මෙම කූරියර් පාර්සල් 07 තුළ කුෂ් නැමැති ගංජා කිලෝ ග්‍රෑම් 08 ක් , මැන්ඩි නැමැති මත්ද්‍රව්‍ය ග්‍රෑම් 160 ක් , එක්ස්ටැසී පෙති 350 ක් සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 08 ක් රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් සොයා ගෙන තිබුණි .
මෙම පාර්සල් මාස දෙකක පමණ කාළයක් අයිතිකරුවන් රැගෙන නොගොස් තිබීම නිසා , එම පාර්සල් වල සදහන් ලිපිනයන් පිළිබඳ සොයා බැලීමේ දී ඒවා ව්‍යාජ ලිපිනයන් බවට කරුණු අනාවරණය වීමත් සමග මෙම පාර්සල් විවෘත කර පරීක්ෂා කර බැලීමට රේගු නිලධාරීන් තීරණය කර තිබේ .
මෙම මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර විමර්ශන කටයුතු සදහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් වෙත භාර දීමට නියමිතය.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
