ත්‍යාග හෝ ණය මුදල් ලබා දෙන බව පවසා ජනතාවගෙන් මුදල් එකතු කරන ජාවාරමක් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි. මෙම පුද්ගලයන්ට හසු නොවන ලෙසත් විමසිලිමත්ව කටයුතු කරන ලෙසත් පොලීසිය පවසයි.
මේ ආකාරයට රාජ්‍ය නොවන සංවිධානයකින් බවට පවසා ජනතාවගෙන් මුදල් එක්රැස් කළ සැකකාරියන් දෙදෙනෙක් හා සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
මොවුන් ස්වයං රැකියා ලාභීන්ට මුදල් ආධාර හා ළමුන්ට පොත් කට්ටල ලබාදෙන බව පවසා මෙම මුදල් රැස්කිරීම සිදුකර තිබේ.
එක් සැකකාරියක් ඇතිමලේ ගැමුණුපුරදී අත්අඩංගුවට ගෙත ඇති අතර ඇය සන්තකයේ තිබී මුදල් රුපියල් 26000ක් පොලිස් භාරයට ගෙන තිබේ.
එසේම සියඹලාන්ඩුව, මඩුගම ප්‍ර දේශයේදී ඉහත ආකාරයටම මුදල් රැස්කළ සැකකරුවෙක් හා සැකකාරියක් එකතු කරන ලද මුදල් 70600ක් සමග අත්අඩංගුවට ගෙන තිබේ.