සයින්දමරුදු ප්රදේශයේ මද්රාසා පාසලක සිසුවෙක් ගෙල වැලලාගෙන ගෙන ජීවිතක්ෂයට පත්වීමේ සිදුවීමක් හේතුවෙන් කෝපයට පත් ප්ර දේශයෙ මහජනතාව ඊයේ (05) රාත්රියේ මද්රාසා පාසලට අසලට විත් විරෝධතාවය පළ කළේය.
කාතතාන්කුඩි ප්රදේශයේ එම්.එස්.මුෂාබ් නමැති 13 හැවිරිදි සිසුවා මෙසේ ගෙල වැලලාගෙන මියගොස් සිටි අතර ඔහුගේ සිරුර සයින්දමරුදු දිසා රෝහලට යොමුකර තිබේ.
මෙම මරණය සම්බන්ධයෙන් සයින්දමරුදු පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරන අතර එම මද්රාසාවේ පාලකවරයාද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ස්ථානයට පැමිණි සයින්දමරුදු පොලිසිය මද්රාසාවේ පූජනීයත්වය ආරක්ෂා කර ගැනීම සඳහා විසිර යන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටි අතර, මරණය සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් කිරීමට පොලිසිය සූදානම් බවට ජනතාවට සහතික වීමෙන් පසු මහජනතාව විසිර ගියහ.
මඩකලපුව සමූහ වාර්ථාකරු ට් එල් ජ්ව්ෆර්කාන්
