සතියක් ඇතුළත අයි එම් එෆ් දෙවනි වාරිකය මෙරටට ලැබෙන බව තමා විශ්වාස කරන බවද චීනය, ඉන්දියාව, ජපානය සහ ප්‍රංශය යන රටවල් නිල වශයෙන් ණය ප්‍රතිව්‍යූහගතකරණ ක්‍රියාවලියට එකඟතාවය පළකර ඇතැයි ද කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
ජනමාධ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ, අද (06) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවේදී අදහස් දක්වමිනි.
මීළඟ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ රැස්වීම එළඹෙන 12 වෙනිදා පැවැත්වුණහොත් 12 වෙනිදාම දෙවන ණය වාරිකය මෙරටට ලැබෙන බව මුදල් විෂයභාර රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා ප්‍රකාශ කළ බවද කැබිනට් ප්‍රකාශකවරයා අවධාරණය කළේය.
දෙවනි වාරිකය හිමි නොවන බවට මෙන්ම ණය ප්‍රතිව්‍යූහගතකරණයට රටවල් එකඟ නොවන බවට පසුගිය මාස 02 තුළ මතයක් ගෙනගිය බව සිහිපත් කළ අමාත්‍යවරයා අනිවාර්යයෙන්ම දෙවනි වාරිකය මෙරටට හිමිවන බවද ඒ අනූව ඉහත කී මතය සම්පූර්ණයෙන්ම බිඳවැටෙන බවද පැවසුවේය.