මෙරට බෝනොවන රෝග (NCD) පාලනය හා ඒ හේතුවෙන් සිදුවන මරණ අඩු කිරීමේ අරමුණින් ජපන් ජනතාව විසින් ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහල වෙත යෙන් මිලියන 500 ක් වටිනා නවීන වෛද්‍ය උපකරණ ප්රදානය කිරීමේ වැඩසටහනෙහි පළමු අදියර වශයෙන් යෙන් මිලියන 49 ක වෛද්‍ය උපකරණ ප්රදානය කිරිම අද (06) ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ දී සිදු කෙරිනි.
ඒ සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ සහ ජපන් ජනරජයේ තානාපති H.E. Mizukoshi Hdeaki මහතාගේ ප්‍රධානත්වයෙනි.
මෙම සමස්ත ප්‍රදානයන් හි පළමු අදියරට අදාලව Angio-CT යන්ත්‍රය සදහා අවශ්‍ය වන අනෙකුත් විකරණ උපකරණ (Radiology Equipment (Angio-CT Machine), ශල්‍ය උපකරණ කට්ටල (Surgical Instument set), අක්ෂි උපකරණ ( (Automated Refractomter and Three Slit Lams), දැඩි සත්කාර ඒකකයේ ඇඳන් තුනක්, ප්‍රතිසාධන ඇඳක් මෙහිදී ප්රදානය කෙරිනි.
ජපන් ජනරජයේ තානාපති H.E.Mizukoshi Hdeaki මහතා විසින් සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා වෙත නිල වශයෙන් ඉහත ප්රදානය ලබාදීම සිදු වූ අතර, සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ සභාපති වෛද්‍ය නිහාල් ජයතිලක මහතා වෙත එම ප්රදානය නිල වශයෙන් බාරදීම ද මෙහිදී සිදු විය.
ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහල සදහා මෙම ව්‍යාපෘතිය යටතේ Angio-CT යන්ත්‍රයක් හා එම යන්ත්‍රයට අදාලවන නෙකුත් විකිරණ උපකරණ, ඒකක 15 කින් සමන්විත අතිනවීන දන්ත ශල්‍ය ඒකකයක්, අක්ෂි උපකරණ කට්ටලයක්, ශල්‍ය උපකරණ කට්ටලයක්, අක්මා බද්ධ කිරීමේ උපකරණ කට්ටලයක් ඉදිරියේ දී ලැබීමට නියමිතය.
එමෙන්ම මෙම ව්‍යාපෘතියට අදාලවන දේශීය ප්‍රතිපාදන යටතේ 2024 ජාතික අයවැය මගින් ඉදිකිරීම් ඇතුළුව නවීන හෘද කැතීටකරණ රසායනාගාරයක් සදහා, OPG (දන්ත එක්ස් කිරණ) යන්ත්‍රය මලිදී ගැනීමට, දන්ත වෛද්‍ය ඒකකය ස්ථාපනයට අදාල ප්‍රතිපාදන සදහා ද මුදල් වෙන් කොට ඇත.
මෙම ප්රදානය ලබාගනිමින් අදහස් දැක් වූ සෞඛ්‍ය හා කාර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා කියා සිටියේ ජපානය සහ ශ්‍රී ලංකාව අතර වසර 70 කට අධික මිත්‍ර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවයක් පවතින බවත්, එම කාලය තුල ජපන් රජය විසින් මෙරට සෞඛ්‍ය සේවාව ශක්තිමත් කිරිම සදහා ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහල ඉදිකිරීම, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දන්ත වෛද්‍ය පීඨය පිහිටුවීමට ආධාර කිරීම, රුධිර බැංකු පිහිටුවීම මෙන්ම වෛද්‍ය උපකරණ, සෞඛ්‍ය සේවා වෘත්තිකයන් අතර කුසලතා වැඩි දියුණු කිරීමට විවිධ සහයෝගීතා වැඩසටහන් ක්‍රියාත්මක කර ඇති බව ද පැවැසීය.
COVID-19 වසංගතය අතරතුර ජපානයේ නිෂ්පාදිත එන්නත් ලබා දීම සහ සීතල දාම යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමට කටයුතු කළ බව ද ජපන් ජනතාව ලබාදුන් මම පරිත්‍යාගය වෙනුවෙන් මෙරට සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස සිය ස්තූතිය පුද කරන බව ද පැවැසීය.