ලංකා විදුලිබල මණ්ඩලය මෙම වසරේ පළමු මාස 10 තුළ පමණක් එහි විදුලි පාරිභෝගිකයන් 544,488 කගේ විදුලි සැපයුම විසන්ධි කළ බව විදුලිබල මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
මෙම වසරේ ඔක්තෝබර් මස අවසන් වන විට විදුලිබල මණ්ඩලයේ සමස්ත පාරිභෝගිකයන් සංඛ්‍යාව 6,998,068 ක් බවත්, වසරකට සාමාන්‍යයෙන් නව පාරිභෝගිකයන් ලක්ෂණ එකහමාරක් පමණ අලුතින් එකතු වන බවත් එම මණ්ඩලය සදහන් කරයි.
ඒ අනුව මෙම වසර තුළ 544,488 ක විදුලි සැපයුම විසන්ධි කිරීම සහ නැවත සම්බන්ධතාව දීම 2019 වසර සමඟ සැසඳීමේදී සාමාන්‍ය තත්වයක් බවත් ලංකා විදුලිබල මණ්ඩලය වැඩි දුරටත් පවසයි.