පාසල්වල අබලන් ගොඩනැඟිලි ප්‍රතිසංස්කරණය කිරීමට කඩිනමින් පියවර ගන්නා බව අධ්‍යාපන ඇමැති ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා අද (06) පාර්ලිමේන්තුවේ දී පැවසීය.
අබලන් වූ පාසල් ගොඩනැඟිලි 74 ක් සම්බන්ධයෙන් තොරතුරු ලැබී ඇතැයිද හෙතෙම පැවසීය. අනාරක්ෂිත පාසල් ගොඩනැඟිලි සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව කියා සිටියේය.
කොළඹ තර්ස්ටන් විද්‍යාලය, තංගල්ල, ඉබ්බාගමුව පාසල්වල අබලන් ගොඩනැඟිලි ලැයිස්තුවක් විපක්ෂ නායකවරයා ඉදිරිපත් කළ අතර ඒ සියලු ගොඩනැඟිලිවල තොරතුරු තමා ලබාගෙන ඇති බවත් ,ගොඩනැඟිලි 74 ක ප්‍රතිසංස්කරණ කටයුතු සම්බන්ධයෙන් තොරතුරු ලබා ගත් අතර එහි ඇස්තමේන්තුව රුපියල් මිලියන 10,000 ක් පමණ වන බවත් ඇමැතිවරයා ප්‍රකාශ කළේය.
අබලන් ගොඩනැඟිලි ප්‍රතිසංස්කරණය සම්බන්ධයෙන් ලබන වසරේ අයවැයෙන් ලැබෙන මුදල් ප්‍රතිපාදන ප්‍රමාණවත් නොවන්නේ යැයි ද, අබලන් ගොඩනැඟිලි තිබෙන පළාත් නවයෙන්ම ලබන 15 වැනිදාට පෙර ඇස්තමේන්තු කැඳවා ඇතැයි ද ඇමැතිවරයා පැවසීය. අබලන් ගොඩනැඟිලි ප්‍රතිසංස්කරණය සඳහා දළ ඇස්තමේන්තුව ලෙස රුපියල් මිලියන 30,000 ක් ගණන් බලා ඇති බවත් එය මෙවර අයවැයට ඇතුළත් නොවන බවත් ඇමැතිවරයා කීය.