නිසි ප්‍රමිතියක් නොමැතිව ලුණු නිෂ්පාදනය කර අලෙවි කල පුත්තලම නගරයෙ ව්‍යාපාරිකයකුට චෝදනා ගනනාවක් සම්බන්ධයෙන් වරදකරු කරමින් මාස හයක ලිහිල් සිර දඩුවමක් නියම කර එය වසර පහක කාල සිමාවකට අත් හිටුවමින් රුපියල් 12500 ක දඩ මුදල් ගෙවිමට නියම කිරීමට ආණමඩුව මහෙස්ත්‍රාත් නිරෝෂා එම්. පටබැදිගෙ මහත්මිය නියෝග කර තිබුණි.
මෙසේ අත් හිටපු සිර දඩුවම් සමග රුපියල් 12500 ක දඩ මුදලක් නියම වූයේ මොහොමඩ් තාහිර් මොහොමඩ් ගවුස් නැමති පුත්තලම නගරයෙ ප්‍රධාන පෙලේ කෝටිපති ව්‍යාපාරීකයකු වන ලුණු නිෂ්පාදකයකුටය.
අදාල ව්‍යාපාරීකයාට අයත් ලුණෙු පැකට් මහකුඹුක්කඩවල සෙම්බුකුලිය ප්‍රදේශයෙ වෙළද සැලක අලේවියට තබා තිබියදි මහකුඹුක්කඩවල කොඨඨාශය භාර මහජන සෞඛ්‍ය පරික්ෂක නිල් ජයසිංහ මහතා විසින් අදාල ලුණු වල නියමිත අයඩින් ඇතුළු සාන්ද්‍රණ තිබේ දැයි යන්න පිළිබදව රජයෙ රස පරික්ෂකවරයාට යවා තිබු අතර අතර රස පරික්ෂකවරයා විසින් එවා තිබු වාර්තා අනුව මෙම ලුණු සාම්පල වල නියමිත අයඩින් ප්‍රමානයක් නොතිබිම,ජල අද්‍රව්‍ය අළු වැඩි ප්‍රමානයක් අන්තර් ගතවිම,නියමිත ප්‍රමානයෙ කැට නොතිබිම චෝදනා එල්ල වි තිබුනී.
ඒ අනුව අදාල කෝටිපති ව්‍යාපාරීකයාට චෝදනා එල්ල වි තිබු අතර මෙම වැටලිම කල මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් විසින් අදාල ව්‍යාපාරිකයාටත් එම ලුණු බෙදාහරින්නාටත් සේම අලේවි කල වෙළද සැල් හිමියාටත් චෝදනා එල්ල කර තිබුනී.
මෙම චෝදනා එල්ල කර තිබුනේ 2005 ආහාර (ලුණු) අයඩිනීකරණය කිරීමේ)රෙගුලාසි උල්ලංඝනය කරමින් අයඩින් නියමිත ප්‍රමාණයට අඩංගු නොවු තත්වයෙන් බාල ලුණු නිෂ්පාදනය කිරීම ඇතුළු චෝදනා නගා තිබුනී.
ඒ අනුව අදාල නඩුව සම්බන්ධයෙන් ආණමඩුව අධිකරණයෙ පෙනි සිටි මෙම සැකකරුවන් තිදෙනාට දඩ මුදල් සමග අත් හිටවු සිර දඩුවම් නියම කිරිමට මහෙස්ත්‍රාත් වරයි කටයුතු කර තිබුනී.
එහිදි මෙම ලුණු නිෂ්පාදනය කල කෝටිපති ව්‍යාපාරිකයාට මාස හයක ලිහිල් සිර දඩුවමක් වසර 5 කට අත් හිටුවමින් රුපියල් 12500 දඩ මුදලක්ද, බෙදාහැරිම් සිදුකල එම්.එල්.එම් .රිම්ෂාන් නැමති අයට මාස තුනක ලිහිල් සිර දඩුවම වසර 5 කට අත් හිටුවමින් 12500 ක දඩ මුදලක්ද ඒ සමගම අදාල ලුණු පැකට් අලේවි කිරීමේ චෝදනාවට වෙළද සැල් හිමිකරුට පෙර වැරදි නොමැති විම හේතුවෙන් රුපියල් 3000 ක දඩ මුදලක් පමනක් ලබා දිමට මහෙස්ත්රාත්වරයි නියෝග කෙරුණී.
අදාල නඩුව වෙනුවෙන් අධිකරණයෙ පෙනි සිටි මහකුඹුක්කඩවල කොඨඨාශය භාර මහජන සෞඛ්‍ය පරික්ෂක නිල් ජයසිංහ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පවසා සිටියේ ප්‍රමිතියෙන් බාල ලුණු දිගින් දිගටම පුත්තලමින් දිවයින පුරා විවිධ ප්‍රදේශ වෙත බෙදාහැරිම සිදුවන බවයි.
එයින් මහජනතාවට බරපතල සෞඛ්‍ය ගැටළු රැසකට මුහුන දීමට සිදුවන බවද දන්වන්නට විය. අධිකරණය හමුවේ වරද පිළිගත් වැරදි කරුවන් අදාල නීතිමය කරුණු යටතේ තම ව්‍යාපාර පවත්වාගෙන යාමට කටයුතු කරන බව දන්වන්නට විය.